Author: VNews

මෙම වසරේ පළමු කාර්තුවේදී ආණ්ඩුවට ලැබී ඇති ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇති බවට ජාතික ජනබලවේගය චෝදනා කරනවා. මෙවැනි තත්ත්වයක් ඉදිරියටත් පැවතුණහොත් රට නැවතත් අර්බුදකාරි තත්ත්වයක් කරා ගමන්කරනු ඇති බවටයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මෙහිදී කුකුළු මස් ආනයනය පිළිබද එම කර්මාන්තකරුවන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව කුකුළු මස් ඉන්දියාවෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

තව කියවන්​න

සංවර්ධන නිලධාරී සංගමය විසින් අද දිවයින පුරා උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතයි . සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ , රැකියාලාභී උපාධිධාරී සංගමය ඒකාබද්ධව මෙම උද්ඝෝෂණ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. රුපියල් 20 000ක ජීවන වියදම් දීමනාව සහ , අහිමි කර ඇති විශ්‍රාම වැටුප් හිමිකම ඇතුළු අයිතීන් දිනාගැනීම වෙනුවෙන් මෙම උද්ඝෝෂණ අඛණ්ඩව සිදු කරන බව එම සංගමය පැවසුවා. රාජ්‍ය සේවයේ, පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 60,000කට ආසන්න ප්‍රමාණයකට බලපාන වෘත්තීය ගැටළු වසර 24 පුරා විසඳීමට අසමත්ව ඇති බවයි ඔහුන් චෝදනා කරන්නේ . ඒ හේතුවෙන් සිය උදඝෝෂණ දවහල් 12 ට කෑම පැය තුළ පැවැත්වෙන බව සංවර්ධන නිලධාරී සංගමය සඳහන් කළා .

තව කියවන්​න

වසරේ ගත වූ කාලසීමාව තුළ සිය ලියාපදිංචිය සහිතව විදේශ රැකියා සදහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 2 ක ඉක්මවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව ඉතිහාසයේ වැඩිම පිරිසක් විදෙස් රැකියා සදහා පිටව ගොස් තිබුණේ පසුගිය වසරේ බව ද එම පිරිස තුන් ලක්ෂ එකොලොස් දහසක් බව ද සදහන්. මෙම වසර අවසානය වන විට ලක්ෂ 3 කට අධික පිරිසක් විදෙස් රැකියා සදහා පිටත්ව යනු ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශ්වාසය පළ කරන බවටයි වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කරනු ලැබුවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3127 ක් ලෙසයි. මේ අතර කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1256 ක් වනවා. කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587 ක් වනවා. මේ, ඒ පිළිබදව අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කළ ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස්…

තව කියවන්​න

ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 3 ක පවුල් 28 ක පුද්ගලයින් 98 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ක`ඵතර දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 50 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව සදහන්. එම දිස්ත්‍රික්කයේම නිවාස 26 කට අර්ධ හානි සිදුව තිබෙනවා. මේ අතර අද උදෑසන 7 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර ලක්ෂකන්ද ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම අගය මිලිමීටර 91.5 ක් බව සදහන්. කෑගල්ල, තල්දූව ප්‍රදේශයට මිලිමීටර 83.5 ක වර්ෂාපතනයක් සහ වරකාපොලට මිලිමීටර 63 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන්…

තව කියවන්​න

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී අද(04) පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රබල ඉන්දීය කන්ඩායම සහ නේපාල කණ්ඩායම අතරයි. මේ තරගාවලියේ සිව්වන තරගය ඊයේ(03) පකිස්තානයේ ලාහෝර්හිදී පැවැත්වුණේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කන්ඩායම අතරයි. එම තරගයෙන් ලකුණු 89ක  ජයක් ලබාගැනීමට හැකියාව ලැබුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 334ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථාන් කන්ඩායමට පන්දුවාර 44.3කදී සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි. මේ අතර ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පාකිස්ථානයත් B කාන්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවත් සමත්ව සිටිනවා. A කාණ්ඩාය යටතේ…

තව කියවන්​න

ටී 56 ගිනි අවියක් රැගෙන කඳවුරෙන් පලා යමින් සිටි යුද හමුදා සෙබළෙකු පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයියකච්චි පිහිටි පළමුවන යාන්ත්‍රික බලඇණි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අඹන්පොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි යුද හමුදා සෙබළෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙම සෙබලා ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ 120 ක් ද රැගෙන පලා ගොස් තිබෙන බව පොලිසියට වාර්තා වීමෙන් අනතුරුව පොලිස් නිලධාරින් ක්‍රියාත්මක වී දුම්රියෙන් ගමන් කරමින් සිටි සැකකාර සෙබලා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

අමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි බන්ධනාගාරයක රැඳවියන් 100 දෙනෙකු නැවත සිර මැදිරි වෙත යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සමස්ථ බන්ධනාගාරය අගුලු දමා ආරක්ෂාව තර කර තිබෙනවා. අධික උණුසුම, වැසි තත්ත්වය, අපිරිසිදු පානීය ජලය ඇතුළු රැඳවියන්ට නිසි පරිදි මූලික පහසුකම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙලෙස රැඳවියන් සිරමැදිරි වෙත යාම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම තත්ත්වයත් සමග අතිරේක පොලිස් ඒකක, ගිනි නිවීමේ භටයන් ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා කණ්ඩායම් ස්ථාන ගත කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම පහසුකම් යටතේ රැඳවියන් 1,200ක් පමණ මෙම බන්ධනාගාරයේ සිරගත කර සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

තව කියවන්​න

දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුළු 5ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයෙ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 190ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියානු කණ්ඩායම පන්දුවර 17යි පන්දු 5ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 191 ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න