Author: VNews

වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් පාසල් දරුවන් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා . එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ වර්ෂාවත් සමග මදුරු ඝනත්වය වැඩිවීමේ අවදානමක් පවතින බවයි. ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අදාළ රජයේ රෝහල් මේ වනවිට නම් කර ඇතැයි ද ඔහු කියා සිටියා . වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැට දෙදහස් විසි නවයක් බව සඳහන්. ඉන් වැඩිම රෝගින් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව තිස් දහස් දෙසිය හැත්තෑ එකක් වන බවටයි වාර්තා වන්නේ. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 38 ක් වන බවටයි ජාතික…

තව කියවන්​න

තායිවානයට බලපා ඇති හයිකුයි චන්ඩ මාරුතයෙන් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. චණ්ඩ මාරුතය හේතුවෙන් හමා යන අධික සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් මොවුන් තුවාල ලබා තිබෙනවා. ඊයේ සිට තායිවානයේ නැගෙනහිර මුහුදු තීරයට දැඩි වර්ෂාතනයක් හට ගෙන ඇති බව සදහන්. වසර 4 කට පසුවයි මෙවැනි වර්ෂාධික කාලගුණික තත්ත්වයක් තායිවානයට බලපා ඇත්තේ. නිවාස එක්ලක්ෂ හැට දහසකට විදුලිය ඇණහිට ඇතැයි වාර්තා වනවා. මේ වසරේදී බටහිර පැසිපික් කලාපය ආශ්‍රිතව මෙවැනි චණ්ඩමාරුත 11 ක් හටගෙන ඇති බව ද සදහන්.

තව කියවන්​න

ආසියානු කුසලනා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතරයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 3 ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ කොළඹ ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින්. වර්ෂාව හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පෙරේදා පැවැති ඉන්දු – පාකිස්තාන තරගය ද ප්‍රතිඵලයකින් තොරවයි අවසන් කිරීමට සිදු වුණේ. තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් පළමු…

තව කියවන්​න

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිසකගේ අවදානය යොමුව තිබෙනවා . ඒ, එම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අරඹා ඇති සටන හේතුවෙන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන 6,7 සහ 8 යන දිනවල විවාදයට ගැනීමට පසුගිය දා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කෙරුණා. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම එළැඹෙන 08 වනදා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතයි . කෙසේවෙතත් මෙම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ එක්ව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පවසනවා. පවතින තත්ත්වය තුළ විශ්වාසභංගය පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය…

තව කියවන්​න

අදින් ඇරඹෙන සතිය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතාමත් තීරණාත්මක සතියක් වනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසනවා. රට තුළ පවතින බුද්ධිගලනය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩුකම් පිළිබදව රජයේ අවධානය ලබා නොදීම හමුවේ ඉදිරි දින කිහිපයේදී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්වල නේවාසික රෝගීන් සදහා ආහාර ලබා දීම අත්හිටුවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඩකලපුව දිස්ත්‍රික් නිලධාරියෙකු සදහන් කළේ ආහාර සැපයුම්කරුවන් සදහා මුදල් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. එම සැපයුම්කරුවන් සදහා මාස කිහිපයකට අදාළ මුදල් ගෙවීමට ඇති බවටයි අදාළ නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙහිදී මෙම මෝටර් රථය, ත්‍රිරෝද රථ 3ක, යතුරුපැදියක සහ තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළා. අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 73 හැවිරිදි කොළඹගේ ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා. බීමතින් රිය පැදවූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

සංවත්සරයක් පවත්වා ලබන සතුට දීර්ඝ කාලීනව පවත්වා ගැනීමට නම් ආණ්ඩුවක් පිහිටුවාගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වැනි සංවත්සර උත්සවය අමතමින් පක්ෂ සභාපතිවරයා මේ බව සඳහන් කළා.

තව කියවන්​න

සමස්ත ප්‍රජාතන්ත්‍රවාදි බලවේග එක්කොට නව පාලමක් තැනිය යුතු බව ජනතා නිදහස සභාවේ නායක ඩලස් අලහපෙරුම මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්.

තව කියවන්​න

ඉන්ධන මිල වැඩිකිරීම මෙරට උද්ධමනය පාලනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට පටහැනි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මාහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. මෙලෙස මිල වැඩි කිරීම අඩු වී ඇති උද්ධමනය ඉහළ යාමට සෘජුවම බලපෑ හැකි බවටයි ඒ මහතා මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. මේ වන විටත් මෙරට වැඩකරන ජනතාව සිය වැටුපෙන් සියයට 20 ත් 40 ත් අතර ප්‍රමාණයක් වැයකරනු ලබන්නේ ප්‍රවාහන වියදම සදහා වන බවටයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

තව කියවන්​න

බිත්තර ගැටලුව වසරකින් විසඳිය හැකි බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කලේ කෝට්ටේ ආසන සමුළුවට එක්වෙමින් .

තව කියවන්​න