- මාගම්පුර අලි මගඩියක් එළියට….
- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
Author: VNews
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි වැඩි වීමේ තත්වය, අද දිනයේත් අපේක්ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පැසිෆික් සාගරය ආශ්‍රිතව වර්ධනය වී ඇති සුළි කුණාටු තත්වයක් ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුළි කුණාටු තත්වයත් සමග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැලියගොඩ ප්‍රදේශ…
දේශගුණික වෙනස්වීම් සමග වගා කටයුතු සිදුකිරීම පිළිබඳ සැලැස්මක් ඉතා කඩිනමින් ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා . අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, අද දිනයේ එම සැලැස්ම එළිදක්වන බවයි. ඒ සඳහා අදාළ අමාත්‍යාංශ සමග සාකච්ඡාවක් පසුගියදා පැවැත්වූ බව ලේකම්වරයා පැවසුවා. ඔහු සඳහන් කලේ ,එම සැලැස්ම අනුව වැඩකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවයි. මේ අතර සියලුම ඉඩම්වල වගා කිරීමට ඒ අනුව මෙවර මහ කන්නයේ සැලසුම් කර තිබෙනවා. මේ අතර මහකන්නයේ හෙක්ටයාර එකක් සඳහා පොහොර මිලදී ගැනීමට රුපියල් 20,000 ක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසුවා .
දකුණු බ්‍රසීලයට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1,650කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. දකුණු බ්‍රසීලයට බලපෑ මෙම සුළි කුණාටුවත් සමග එරට ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, ඒ අනුව තවත් පුද්ගලයන් විශාල පිරිසක් අතුරුදන්ව තිබෙනවා. මේ අතර ගංවතුරට මුහුණ දී සිටින පිරිස් බේරා ගැනීම ගුවන් මගින් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වයට සුදුසුකම් ලැබීමටයි සමත් වුණේ. පාකිස්ථානයේ ලාහෝර් හීදී පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 291ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 92ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ගුල්බදීන් නයිබ් ලකුණු 60ට කඩුළු 4ක් බිඳ හෙලනු ලැබුවා. ඒ අනුව තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට මෙම…
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා. අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබද තෙදින විවාදයට අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි. අද දිනයේ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර දේශීය ආදායම් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත අද සහ හෙට පස්වරුවේ විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදියි. ඒ අනුව පස්වරු 4.30 සිට පස්වරු හත…
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් අද උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි . අද දහවල් 12.00 ට කොටුව ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී එය පැවැතවීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම විරෝධතා පෙත්සම ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීම දවල් 1.00 ට සිදු කිරීමට නියමිත බවයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පැවසුවේ . ඊ. පි .එෆ් සහ ඊ. ටි. එෆ් අරමුදල්වල පොලිය කපාහැරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි .
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ අඅඅගාදබැඑිගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා. උසස් පෙළ විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වන දා සිට පෙබරවාරි මස 17 වන දා දක්වා පැවැත් වුණා.
ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය සහ වෙළදපොල ශක්තිමත් කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධනය සදහා වන සංවිධානය සහය ලබා දෙන බව සඳහන්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන සහ ලෝක බැංකුවේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් අද පැවැත් වුණා. මෙහිදි ගොවීන්ට වගාව සදහා අවශ්‍ය නව දැනුම, තාක්ෂණික උපක්‍රම, මූල්‍ය පහසුකම් මෙන්ම තම නිෂ්පාදන භෝග සදහා වෙළදපොල හඳුනාගැනීම පිළිබදව මූලික පුහුණුවක් ලබා දීමට නියමිතයි. මේ අතර එහිදි වී මිලදී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළා.
කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල විමර්ශනය සඳහා ඉන්දියාවට යවා තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී.විජේසූරිය මහතා පැවසුවේ මෙම රෝගීයාට ලබා දුන් කො-ඇමොක්සි ක්ලේව් නමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පලද වැඩිදුර විමර්ශනය සඳහා ඕස්ට්‍රේලියාවට යැවූ බවයි. එම සාම්පලවලට අදාල විමර්ශනවල ප්‍රතිඵල ලැබුණු පසු මෙම මරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව පවතින බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම රෝගියෙකු මිය යාමත් සමග එම ප්‍රතිජීවක ඖෂධ භාවිතය මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, 178/ බී මැඩියාව, එප්පාවල ලිපිනයේ පදිංචි 19 හැවිරිදි තරුණයකි. බේකරිය නිෂ්පාදන ජංගම අලෙවිකරුවකු ලෙස සේවය කරනු ලබන මෙම තරුණයා, ඊයේ (03) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවලදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ගොස් තිබෙනවා. උතුරු මැද පළාතේ පැරණිතම පාසල වන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන 07 වන දින පස්වරු 03.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222