- මාගම්පුර අලි මගඩියක් එළියට….
- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
Author: VNews
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය මගින් සේවක අර්ථසාධක අරමුදලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු වී තිබෙනවා. මෙම සාකච්ඡාව සදහා පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
සේවක අර්ථසාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. සේවක අර්ථසාධක අරමුදලට සියයට 9 ක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවද ඔහු සඳහන් කළා. මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත පාර්ලිමේන්තුවේ විවාද කර ලබන 10 වන දා වන විට එය අනුමත කර දෙන ලෙස ජනාධිපතිවරයා අද ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා විපක්ෂය බාධා නොකරන බවයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම විවාදය අද සහ හෙට යන දෙදින පැවැත්වෙනු ඇති. මේ එහිදි අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා.
එක්සත් ජාතික පක්ෂය අද සිය 77 වන සංවත්සරය සමරනු ලැබුවා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි. මෙම උත්සවයට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු නායකයින් රැසක් එක්ව සිටියා. මෙහිදි ආගමික වතාවත්වලින් අනතුරුව පක්ෂයේ හිටපු දිවංගත නායකයින් රැසකගේ පිළිරූවලට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන සචිත‍්‍ර සේනානායක අත්අඩංගුට ගෙන තිබෙනවා. ඒ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වීමෙන් පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර ඔහුට රටින් පිටවීමද වාරණය කර තිබෙනවා.
මෙම වසර තුල සිව්වන වරටත් විදුල බිල ඉහල දැමීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා කියා සිටියේ අදාළ යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මෙම සංශෝධනය නැවතවරක් සිදු කිරීමට සුදානම් වන බවද ඔහු තවදුරටත් සදහන් කළා .
සමාජ ආරක්ෂණ බද්දෙන් තවත් උපකරණ කිහිපයක් නිදහස් කර තිබෙනවා. ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිත කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ. සිය නිල ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබෙනවා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තරග අදින් ආරම්භ වනවා. ඒ අනුව සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය පාකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. පාකිස්තානයේ ලාහෝර් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 03ට ආරම්භ කිරීමට නියමිතයි.
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටු අද දිනයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම කැඳවීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර කෝපා කමිටුව හමුවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කැඳවා තිබෙනවා.
මේ වන විට පාලන මිල ඉක්මවා ගොස් සහල් විකිණීම සිදු වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී අනිවාර්යෙන් පාලන මිලට අනුව සහල් විකිණීම සදහා කටයුතු කරන බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී සහල් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු සදහන් කළේ. එමෙන්ම මෙරට තුල සහල් සංචිත හිඟයක් ඇතු වුවහොත් සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222