Author: VNews

ඓතිහාසික රාජකීය මඟුල් මඩුව සහ බිසෝ උල්පැන්ගේ විධිමත් පරිදි සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාට මේ පිළිබද වන දැනුම් දීම කිරීමටයි කටයුතු කර ඇත්තේ. මල්වතු – අස්ගිරි මහනායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම කටයුතු සිදු කරනු ලබනවා.

තව කියවන්​න

එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැවීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙය එංගලන්තයට එරෙහිව ඕනෑම තරග රටාවකින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසයේ ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණය ලෙසයි වාර්තා අතරට එක් වුණේ. දෙරට අතර පැවැති 03වැනි විස්සයි 20 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 116ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 117ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේනතුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට අමතරව මන්නාරම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් උතුරු-මැද පළාතේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේනතුව වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

තරග පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා. අද පෙරවරුවේ ක්‍රීඩා දූෂණ විමර්ශන අංශයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එම අංශයේ නිලධාරින් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව සචිත්‍ර සේනානායක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

තව කියවන්​න

නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට නියමිතයි. පසුගිය කාලය තුළ වෛද්‍යවරු රැසක් සේවය අතහැර විදෙස්ගත වූ බවට මාධ්‍ය වාර්තා පළ වුණා. මේ අතර වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ ඇඹිලිපිටිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය ද සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේ වන විට දැඩි අර්බුදකාරි තත්ත්වයක් එම රෝහල තුළ මතුව ඇති බවයි.

තව කියවන්​න

අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදි දත්ත පද්ධතියක් නොමැති වීම මෙරට අපරාධ ඉහළ යාමට මූලික හේතුවක් බව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. සංවිධානාත්මක අපරාධ පාලනය සදහා පොලිසියේ කාර්ය භාරය මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ. ඉදිරි මාස 3 ඇතුලත අපරාධ මැඩලීම වෙනුවෙන් විශේෂ වැටලීමක් ද සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

තව කියවන්​න

2022 – 2023 අධ්‍යන වර්ෂය සදහා සිසුන් 45,000 ක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා බඳවා ගැනීමට නියමිත බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහාචර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කරන්නේ සැප්තැම්බර් 14 වන දා සිට ඊට අදාළ අයදුම්පත් භාරගන්නා බවයි. අයදුම්පත් සහිත අත්පොත මේ වන විට අවසර ලත් පොත් හල් මගින් ලබාගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

හොංකොං හි ලියාපදිංචිව පවත්වාගෙන යන ගුවන් සේවයක් වන කැතේ පැසිෆික් නම් සම්මානලාභී ගුවන් සමාගම කොළඹ සහ ඉන් පිටතට ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ලබන වසරේ පෙබරවාරි මස 2 වන දා සිට මෙම ගුවන් ගමන් ඇරඹෙන බවයි වාර්තා වන්නේ. කැතේ පැසිෆික් යනු ආසියාව, පැසිෆික් කලාපය, උතුරු අමෙරිකාව, යුරෝපය මෙන්ම මැදපෙරදිග හරහා අප්‍රිකාව පුරා පැතිරි යන ගුවන් ජාලයක් වනවා.

තව කියවන්​න

ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබුණද අලෙවිය බෙහෙවින් අඩු වී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයින් පවසනවා. කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපතිවරයා සදහන් කළේ අද දිනයේදී එළවළු මිල අඩු වී තිබුණද අලෙවිය ඉතා අඩු මට්ටමක පවතින බවයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට භාණ්ඩ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බවටයි ඔහු එහිදි වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝවක මිල රුපියල් 250 ක් ලෙසත්, ලීක්ස් කිලෝවක් රුපියල් 100 ක් ලෙසත් සටහන්ව තිබුණා. එමෙන්ම තක්කාලි කිලෝවක මිල රුපියල් 100 ක් වන අතර, බීට් කිලෝවක මිල ද රුපියල් 100 කට ලබා ගැනීමට හැකියාව ලැබූ…

තව කියවන්​න

ඕමාන් රාජකීය පොලිසිය විසින් මිනිස් වෙළදාම පිළිබදව පැමිණිලි කිරීම සදහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා සිංහල භාෂාවෙන්ද පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ. මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඕමාන් රාජ්‍යයේ ගැටකාරි තත්ත්වයකට පත්ව සිටින පුද්ගලයින්ට ඒ සඳහා වන පැමිණිලි ඕමාන් රාජකීය පොලිසියට සෘජුව ඉදිරිපත් කිරීමට මෙමගින් අවස්ථාව හිමි වනවා. ඒ සදහා ඕමාන් රාජ්‍යයේ වෙබ් අඩවියක් වන  www.nccht.com   යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම දුරකථනය අංකය ලබාගත හැකියි.

තව කියවන්​න