- මාගම්පුර අලි මගඩියක් එළියට….
- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
Author: VNews
මෙරට විදුලිබල ව්‍යාපෘතිවල ඇගයීමක් පසුගිය සතියේදී සිදුකර තිබෙනවා. ඒ, ජපන් රජය සහ ජපන් ජාත්‍යාන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය සහය මතයි. දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙන්ම මූල්‍ය අර්බුද හේතුවෙන් ඇණහිට ඇති ව්‍යාපෘති පිළිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති පිළිබදව ද සාකච්ඡා වූ බවයි විදුලි බල හා බලශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ. එමෙන්ම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම මෙන්ම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්දයෙන් ද අදාළ සාකච්ඡාවේදි අවධානය යොමු වූ බවයි ටුවිටර් පණිවුඩයෙන් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ.
රට තුළ පවතින රෝහල්වල අඩුපාඩු හේතුවෙන් එළඹෙන 22 වන දා සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.
ගංවතුර සහ නායයාම් අවදානම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි පාසල් 3 කට සහ මතුගම අධ්‍යාපන කලාපයේ පාසලකට අයහපත් කාලගුණික තත්ත්වය පහව යන තෙක් නිවාඩු ලබා දීමට පාසල් බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාශයේ බුලත්සිංහල හල්වතුර දමිල විද්‍යාලයට පරගොඩ, කිතුලගොඩ කණිෂ්ඨ විද්‍යාලයට සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලයට මෙන්ම මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යාලයට ද මෙලෙස තාවකාලිකව නිවාඩු ලබා දී ඇති බව සඳහන්.
ඖෂධීය කංසා වගාවට අවසරය හිමිවන ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිලිබඳ අදහස් පළ කලා. මේ සඳහා ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 5 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, එය නෛතිකව බලාත්මක වීම අදාළ නිවේදනය මගින් සිදු කෙරෙනවා.
හෙට සිට ආසියානු කුසලානයේ ක්‍රිකට් තරග පැවැත්වෙන දිනයන් වලදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද දිනයේදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිත බවයි පොලිසිය කියා සිටියේ. 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග හෙට සිට 15 වන දා සහ අවසන් මහා තරගය පැවැත්වෙන 17 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ජලාශභාර ඉංජිනේරුවරයා සදහන් කර සිටියේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 22 ක් පමණක් අවශ්‍ය බවයි. එමෙන්ම ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණයට අයත් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොලිපිටිය යන විදුලිබලාගාර සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයනු ලබන්නේ ද මාඋස්සාකැලේ ජලාශයෙන්.
මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මාසයේදී සියයට 4.4 කින් අඩු වී තිබෙනවා. ඒ අනුව එය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 3598 ක් බවයි මහ බැංකුව සදහන් කර සිටියේ. පසුගිය ජූලි මාසය අවසන් වන විට දළ නිල සංචිතය දැක්වුනේ අමෙරිකානු ඩොලර් මිලියන 3765 ක් ලෙසයි.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරු 19 පහල කණ්ඩායම පන්දුවාර 32ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 119ක් රැස් කරගෙන සිටියා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරු 19 පහල කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුළු 08ක් දැවී ලකුණු 432ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කොදෙව් කණ්ඩායම තවත් ලකුණ 313ක් පිටුපසින් පසුවනවා.
මුලතිව්, මාන්කුලම,නීතිපුරම් ප්‍රදේශයේ සිදුවු පිපිරීමකින් දරුවෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. දර කැඩීමට ගිය අවස්ථාවේ අදාළ පිපිරීම සිදුව ඇති බවට අනාවරණය වි ඇති බවය පොලීසිය සඳහන් කළේ. මෙහිදී තුවාල ලැබූ වයස අවුරුදු හයක පිරිමි දරුවා සහ 84 හැවිරිදි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. දෙරට අතර එක්දින ක්‍රිකට් තරග 4ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222