Author: VNews
උතුරු පළාතේ ස්ථාන ස්වල්පයක අද (19) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ඊයේ පැවති දෙවන අවසන් පුර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම ලකුණු 08කින් පරාජයට පත්කරමින්. සාජාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 128ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 120ක් පමණයි. ඒ අනුව නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම හෙට දකුණු අප්‍රිකාණු කාන්තා කණ්ඩායම සමගින් ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරගයට ක්‍රිඩා කිරීමට නියමිතයි.
ඊශ්‍රායලය හමාස් වෙත එල්ල කරන ප්‍රහාර නැවැත්විය යුතු බවට හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ හමාස් නායකයා ඝාතනය කිරිමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින්. හිස්බුල්ලා සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලය සටන් විරාමයක් සඳහා ක්‍රියා නොකරන්නේ නම් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර ශක්තිමත් කරන බවයි. කෙසේවෙතත් හමාස් සටන්කාමීන් විසින් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයේ යුද්ධය පවතිනු ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාත තුළ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් , ගාල්ල සහ මාතර , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් අතුළු වු ඉන්දීය ධීවර යාත්‍රා 71ක් රාජසන්තක කර තිබෙනවා. ධීවර අමාත්‍යංශය සදහන් කළේ පසුගිය වසර හතර තුළ අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවර යාත්‍රා 142ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඒ අතරින් යාත්‍රා 71ක් මෙලෙස රාජසන්තක කර ඇති අතර තවත් යාත්‍රා 55ක් සම්බන්ධයෙන් මේ වන විට නීතිමය පියවර ගෙන තිබෙනවා. මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන විදේශීය ධීවර යාත්‍රා අත්අඩංගුව ගැනීමට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
රටතුළ ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැගිම සඳහා ජනතාව පෙළගැසී සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පවසනවා. මහ මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් ලාල් කාන්ත මහතා මේ බව ප්‍රකාශ කළා. ශක්තිමත් රජයක් ගොඩනැගිමට ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබා දෙනු ඇති බවයි ලාල් කාන්ත මහතා සඳහන් කළේ.
2023-2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ලක්ෂ පහකින් පමණ ඉහළගොස් තිබෙනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සදහන් කළේ එය පෙර තක්සේරු වර්ෂයේදී 333,013 ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී 868,009 ක් ලෙස දැක්වෙන බවයි. 2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතුවනවා. ඒ අනුව, 2023-2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන්ට නොවැම්බර් 30 වනදාට පෙර මාර්ගගතව ඒවා ඉදිරිපත් තළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළා.
වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් මහා මාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබෙනවා. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පළාත් අතර අන්තර් සබඳතාවක් නොමැතිවීම ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට පත්ව තිබුණා. ඒ අනුව ජනතාවට පහසුවන පරිදි වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමග සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ද වන හේරත් මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. එමෙන්ම හෙතෙම ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙසත් ඒ මහතා සේවය කර ඇත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ද වන අර්ජුන හේරත් මහතා තවත් ආයතන ගණනාවක ඉහළ පෙළ තනතුරු දරා තිබේ.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතර ප්‍රධානතම පිළිකාවක් වන්නේ ගැබ්ගෙල පිළිකාවයි. එය වළක්වා ගැනීමේ ප්‍රමුඛතම, සාර්ථකම ක්‍රමය වන්නේ HPV එන්නතයි. මෙම එන්නත ආරක්ෂිත හා ඵලදායී වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතිකර කර ඇත. කෙටි කාලීන අතුරු ආබාධ ඇතිවීමේ අවධානමට සාපේක්ෂව බොහෝ වාසි හා ප්‍රතිලාභ මෙම එන්නතෙන් ලැබේ. ලොව පුරා නව යොවුන් දරුවන් සදහා මෙම එන්නත් මාත්‍රා මිලියන ගණනක් ආරක්ෂිතව ලබාදී ඇත. HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් පස් දෙනෙකුට උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ ඇතිවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා පළ වූ මාධ්‍ය වාර්තාව පිළිබදව අනිසි කැළඹීමක් ඇතිකර ගැනීම සුදුසු නොවේ. මෙම සිසුන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඔවුන් මේ වන විට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222