- මාගම්පුර අලි මගඩියක් එළියට….
- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
Author: VNews
පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා එම නාය යාම් අවධානම ක්‍රියාත්මකයි . මේ අතර දිය ඇලි, ගංගා හා වැව් ආශ්‍රිතව මේ දිනවල දිය නෑමේදී ඉතාම සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය දැනුම් දෙනවා . එහි මාධ්‍ය ප්‍රකාශක, අසංක නානායක්කාර මහතා පැවසුවේ, පවතින අධික වර්ෂාව හමුවේ දියඇලි, ගංගා හා ජලාශවල ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බවයි. එමෙනම් පවතින වර්ෂාවත් සමග ගංගාවල පහත් බිම් ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වැන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීෂ්වර දැනුම්…
පාස්කු ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව මගින් විකාශය කළ වැඩසටහන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා ඉදිරි කටයුතු සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා . ඒ අනුව චැනල් 4 නාළිකාවේ හෙළිදරව්ව ගැන විධිමත් පරීක්ෂණයක් කිරීමට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ . පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරමින් මෙම කමිටුව පත් කිරීමට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේනවා . එහි කමිටු නියෝජිතයන් පත් කිරීමේ කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් වෙත පවරා තිබෙනවා . ඊට අමතරව චැනල් 4 හෙළිදරව්ව පිළිබඳව සෙවීමට…
නියඟය හේතුවෙන් අවදානමට ලක් වූ ජල සම්පාදන මුලාශ්‍ර 48න් 39ක් මේ වනවිට වැස්සත් සමඟ යථා තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම පුත්තලම, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. ගෙවුනු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මෝලි ඔය ප්‍රදේශයෙන් වාර්තා වුණු අතර එය සටහන්ව ඇත්තේ මිලිමීටර 123.4ක් ලෙසයි. මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාරයට ජලය සපයනු ලබන මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ නිල සංචිතවල සුළු අඩු වීමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව ජූලි මාසයේදී ඩොලර් මිලියන 3,765ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා සියයට 4.4කින් අඩු වී තිබෙනවා. චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4ක මූල්‍ය පහසුකම ද ඊට ඇතුළත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනත් සමග මෙරටට මුදල් ලැබීම් ඉහළ ගිය ද, ශ්‍රී ලංකාව සෙසු විදේශීය පාර්ශ්වවලින් ලබාගත් ණය ගෙවීම් යළි ඇරඹීම මීට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් ෆෝ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදීයි. අද තරගය පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආසියානු කුසලාන තරගාවලියේ මුලික වටයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් තරගයක් පැවැත්වුණ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. එමෙන්ම සුපර් ෆෝ වටයේ මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පාකිස්ථානය හමුවේ පරාජයට පත්වුණා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදි සිඳු කළ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ ඊයේ පැවති දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳව සංගණනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි, කාරක සභාව විසින් සමාජ සේවා දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා. අදාළ සංගණනය මෙම මස 5 වනදා ආරම්භ වූ අතර අද දිනයෙන් අවසාන වීමට නියමිතයි. මේ සඳහා ශ්‍රී ලංකා පොලිසියද සහය දක්වන බවයි වාර්තා වන්නේ. ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය සමඟ එක්ව මෙම සංගණනය සිදු කිරීමට සමාජ සේවා දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර ඇති බව සඳහන්. මේ සදහා මනෝ විද්‍යා උපදේශක නිලධාරී, වනිතා සංවර්ධන නිලධාරී, සමාජ සේවා උපදේශන නිලධාරී ආදී ක්ෂේත්‍ර නිලධාරින් යොදා ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් නිකුත් කර ඇති ලිපි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා. සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව නිදහස් පක්ෂය විසින් ගනු ලැබූ තීරණය අහියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර මහතා විසින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. දයාසිරි ජයසේකර මහතා දැරූ පක්ෂ මහ ලේකම් ධූරය සඳහා නිදහස් පක්ෂය විසින් පත් කළ සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම ද වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව ද සඳහන්.
උතුරු කොරියාව සිය පළමු මෙහෙයුම සදහා උපක්‍රමික න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය මුර සංචාරක බලඇණිය සඳහා පිටත්කර හැර තිබෙනවා. හීරෝ කිම් කුන් ඕක් 841 ක ලෙස නම් කර ඇති මෙම සබ්මැරිනය කොරියානු අර්ධද්වීපයේ සහ ජපානය අතර මුහුදු තීරයේ මෙහෙයුම් කටයුතු සදහා යෙදවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙය දියත් කිරීමේ උත්සවයට සහභාගි වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් උපායශීලි න්‍යශ්ටික යාත්‍රා සහ තවත් දිය යට සහ මතු පිට යාත්‍රා නාවික හමුදාවට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා. එහිදි උතුරු කොරියානු නායකයා විසින් ප්‍රකාශ කර ඇත්තේ නාවික හමුදාව න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ කිරීම හදිසි කරුණක් සේ සලකන බවයි.
2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගත වූ මාස 8 ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 4556 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සදහා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකිව තිබෙනවා. ඒ අතරට පළමුවරට දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගිය රැකියාලාභීන් 3565 දෙනෙකු සහ නියමිත සේවා කාලය අවසන් කර යළි එම ස්ථානයටම රැකියා සඳහා ගිය රැකියාලාභීන් 991 දෙනෙකුද ඊට අයත් වනවා. ඉන් නිෂ්පාදන ක්ෂේත්‍රය සදහා 3774 දෙනෙකු ද , ධීවර ක්ෂේත්‍රයේ රැකියා සදහා 639 දෙනෙකු ද, ඉදිකිරීම ක්ෂේත්‍රය සදහා රැකියාලාභීන් 140 දෙනකු මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා සදහා තිදෙනෙකුද පිටත්ව ගොස් තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222