- මාගම්පුර අලි මගඩියක් එළියට….
- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
Author: VNews
බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි පතිත වීම හේතුවෙන් මේ වන විට ජලවිදුලි උත්පාදනය ඉහළ නැංවීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න මහතා සදහන් කළේ සියයට 15 ක්ව පැවති ජලවිදුලි උත්පාදනය මේ වන විට සියයට 20 දක්වා ඉහළ නංවා ඇති බවයි. එමෙන්ම වැසි සහිත කාලගුණයත් සමග විදුලි ඉල්ලුමද අඩු වී ඇති බව සදහන්. සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ගිගා වොට් පැය 45 ක්ව පැවති විදුලි ඉල්ලුමද ගිගා වොට් පැය 42 දක්වා අඩු වී ඇති බවයි. මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිවේදනයේ සදහන්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරටට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් ලබන 14 පැවැත්වීමට නියමිතයි . ලබන 13 වනදා ජනාධිපතිවරයා කියුබානු සංචාරයකට එක්වීමට නියමිත බැවින් බදාදා රාත්‍රියේ හෝ බ්‍රහස්පතින්දා පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා. ජනාධිපතිවරයා හා කියුබානු ජනාධිපති ඩයස් කේනල් මහතා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා අතරතුර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවද සදහන් . පළමු සමාලෝචනය සදහා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මොරොක්කෝවට බලපෑ දරුණු භූ කම්පනය හේතුවෙන් මේ වන විට 2100 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. කදුකර ප්‍රදේශයේ සිදු වූ මෙම භූ කම්පනය හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ හේතුවෙන් එම වැසියන්ගේ උපකාර ඇතිව කඩාවැටුණු ගොඩනැගිලි අතර සිර වී සිටින පිරිස් බේරාගැනීමට කටයුතු කළ ද එය ඉතාමත් අසීරු මෙහෙයුමක් වනු ඇති බවටයි වාර්තා වන්නේ. මොරොක්කෝව මෙවැනි දරුණු භූමි කම්පාවකට මුහුණ දී ඇත්තේ වසර 60 කට පසුවයි. රික්ටර් මාපකයේ ඒකකය 6.8 ක ප්‍රබලත්වයෙන් යුතු මෙම භූ කම්පනයෙන් අවම වශයෙන් 2100 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර තවත් 2421 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.…
වෘත්තිය සමිති නියෝජිතයෙක් බවට පවසමින් පසුගියදා පැමිණි පිරිසක් සමග තමන් සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද ඔවුන් පැමිණියේ සිය පක්ෂවල දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පමණක් බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ රජයට ලබාගත් ණය නැවත ගෙවීමට හැකියාවක් නොමැති වුවහොත් එහි පළමු හානිය සිදුවන්නේ සේවක අර්ථසාධක අරමුදලට බවයි. සේවක අර්ථසාධක අරමුදල මහ බැංකු අධිපතිවරයා වෙතට පවරනු ලබන්නේ එම අරමුදලේ ආරක්ෂාවට වුවද මේ වන විට එම ආරක්ෂකයා විසින්ම සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑමට ලක් කර ඇති බව අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා චෝදනා කරනවා.
පාර්ලිමේන්තුවේ කමිටු පත් කොට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සෙවීය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුවකින් පත්වන කමිටුවට ආණ්ඩුවේ බහුතරයක් හිමිවීම හේතුවෙන් ඉන් සාධාරණයක් ඉටුනොවනු ඇති බවයි . මාධ්‍ය වෙත අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මේ බව අවධාරණය කළා . මේ අතර පාස්කු ප්‍රහාරය සමබන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පල කළා. මේ අතර පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් සිය වාර්තා වැඩසටහන මගින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ තීරණය කළා . එමෙන්ම මෙම ප්‍රහාරය…
හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ ඊයේ දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිළිරුවේ දෑසින් රත් පැහැයෙන් යුතු යම් කිසි ද්‍රාවණයක් ගලා එන බව එම දේවස්ථානයේ පියතුමන් වන වර්ණකුලසූරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පවසනවා. හැටන් කුඩාගම ප්‍රදේශයේ කිතුණු භක්තිකයෙකුගේ නිවසේ තැන්පත් කර තිබූ ශාන්ත මරියතුමියගේ පිළිරුවේ වම් දෑසින් රත් පැහැති කඳු`ඵ ගලන බවට එම නිවසේ හිමිකරු විසින් දැක තිබෙනවා. ඉන් අනතුරුව එම පිළිරුව හැටන් ශ්‍රී කුරුස දේවස්ථානය වෙත වඩම්මවා එහි තැන්පත් කළ බවයි ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් කියා සිටියේ. ශාන්ත මරියතුමියගේ දේව ප්‍රතිමාව දැක බලා ගැනීම සදහා ඊයේ රාත්‍රියේ සිට කිතුණු බැතිමතුන් විශාල පිරිසක් එම දේවස්ථානයට රැස්වන බවටයි ඇන්තනි ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ. මේ…
දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මන්නාරම, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට හමන…
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම උදෑසන හා හවස් කාලය තුළ නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් අද සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාව අද නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ප්‍රචාරය කළ වීඩියෝව පිළිබදව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සිදු කළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්්‍යුත් නියාමන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදි චැනල් ෆෝ නාලිකාව නිකුත් කළ වීඩියෝ පටය මගින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට චෝදනා එල්ල වුණා. තමන් විසින් මීට පෙර එම චෝදනාවලට සාක්ෂි සහිතව පිළිතුරු ලබා දී තිබියදී අදාළ නාලිකාව විසින් සිතාමතාම තමාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බවටයි රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා විසින් බ්‍රිතාන්‍ය විද්්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට දැනුම් දී ඇත්තේ. මේ අනුව අදාල වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන්.
ඇමරිකානු විවෘත ග්‍රෑන්ඩ් ස්ලෑම් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නොවැක් ජොකොවිච් සමත් වුණා. එහිදී 6ට 3ක්, 7ට 6ක් සහ 6ට 3ක් ලෙසයි ඩැනියෙල් මෙඩ්වියෙඩෙව් ඔහු අතින් පරාජයට පත් වුණේ. මෙය නොවැක් ජොකොවිච් දිනා ගත් 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222