- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
- මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට ඇරඹේ
- රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
- දින 14 ක් තුළ විදෙස් සංචාරකයින් 75,000 අධික පිරිසක් මෙරටට
- ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
- හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
Author: VNews
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනේ පළමු අදියර අද ආරම්භ වුණා. මෙහි පළමු අදියර අද නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පැවැත්වුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. එමෙන්ම 0117-173984 යන දුරකථන අංකයට අමතා නැවුම් එළකිරි ඇණවුම් කිරීමට ද හැකියාව පවතිනවා. පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන්කරලීම සදහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.
කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කර තිබූ හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා. බලධාරින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වැඩවර්ජනය අවසන් කළ බවයි එම වෘත්තිය සමිති පවසන්නේ. මෙම වර්ජනය හේතුවෙන් එම දුම්රිය අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වුණා. මේ අතර දුම්රිය ඉංජිනේරු සංගමය අද ප්‍රකාශ කළේ හෙට දින දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවයි. මේ සම්බන්ධයෙන් පාලනාධිකාරිය දැනුවත් කර ඇති බවද එම සංගමය පැවසුවා.
කොළඹ සිට මඩකලපුව බලා ඊයේ (10) රාත්‍රී ධාවනය වූ පුලතිසි දුම්රියේ ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ. පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද පුල්ලෙයාර් අඩි ප්‍රදේශයේයේදී මෙම වන අලියා දුම්රිය ගැටී ඇතැයි වැලිකන්ද වනජීවී නිලධාරීන් පැවසිය. සෝමාවතිය රක්ෂිතයේ සිට මාදුරුඔය රක්ෂිතයට වන අලි රංචුවක් මාරු වීමේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇතැයි වනජීවී නිලධාරීන් සැක කරන අතර මෙම ස්ථානය අලි මාරු වන අලිමංකඩ ලෙසද හඳුන්වනු ලබන බවත් එම ස්ථානයේ දුම්රිය රියදුරන්ගේ දැනගැනීම සඳහා වේගය සීමා කරන ලෙස දැන්වීම් ගසා තිබුණද එය නොසලකා හැර දුම්රිය රියදුරන් දුම්රිය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙසේ වන අලි දුම්රියේ ගැටී මිය යෑම නිරන්තරයෙන් සිදුවන බව වනජීවි…
දුම්රිය සේවකයින් පිරිසක් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ තිබෙනවා. මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළබ ඇත්තේ කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයින් පිරිසක්. වර්ජනය සම්බන්ධයෙන් පාලන අධිකාරිය දැනුවත් කර ඇති බව එම වෘත්තීය සමිති වැඩිදුරටත් පවසා සිටිනවා. අංගනවල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොවන බව වාර්තා වන අතර ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර් සංගමය හෙට (12) දින සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ද පවසා සිටිනවා.
ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ පස්වරුවේ ආරම්භ වූ මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වන වටයේ තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අද දිනය දක්වා කල් දැමීමට විනිසුරුවන් තීරණය කළා. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර පන්දුවාර 24 යි එක් පන්දුවක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. අනතුරුව පැය කිහිපයක් ක්‍රීඩාංගන සේවකයින් විසින් ක්‍රීඩාංගනය තරගය ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයකට පත් කිරීමට උත්සාහ දැරූ නමුත් රාත්‍රී 8.30 ට පමණ යළි වර්ෂාව ඇදහැලීම හේතුවෙන්…
ඩොලර් සංචිත මේ වන විට ප්‍රමාණවත් ලෙස වැඩිවීමක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව සිදුකරන ලද එකඟත්වයන් මත මෙලෙස ඩොලර් සංචිත වැඩිකර ගැනීමට හැකි වූ බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
2023 පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ඊයේ සමත් වුණා. එහිදී තියුණු තරගයකින් පසුගියවර ශූරයන් වූ ඉසිපතන විදුහලට පරාජය කරමින් ලකුණු 25ට 16 ක ජයක් අත්කර ගැනීමටයි ශාන්ත පීතර විදුහල් පිල සමත් වුණේ. අපරාජිත ලීග් ශූරයන් ලෙස ශාන්ත පීතර විද්‍යාලය සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ඉසිපතනයට එරෙහිව ජයග්‍රහණය කරමින් පාසල් රග්බි ද්විත්ව ශූරතාව අත්කර ගැනීමට සමත් වුණා. එමෙන්ම පසුගිය මාසයේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී වත්මන් ශූර ඉසිපතන විද්‍යාලය ලකුණු 28 ට 17 ක් ලෙස පරාජය කරමින් 2010 වසරෙන් පසු පළමු පාසල් රග්බි ලීග් ශූරතාව දිනා ගැනීමටද සමත්…
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. වෛද්‍ය විද්‍යාව හැදැරීම සදහා සුදුසුකම් ලබන දරුවන් ප්‍රමාණයට සරිලන පරිදි විශ්ව විද්‍යාල පහසුකම් අවම බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ගංවතුර හේතුවෙන් සිදුව ඇති වගා හානිය සදහා වන්දි ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති 2 තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතු`ඵ ප්‍රදේශ රැසක අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවති කුඹුරු රැසක් විනාශයට පත් වුණා. මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා.
සියලු රජයන් මෙරට කෘෂිකර්මය විනාශ කල බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා . එම පක්ෂයේ සාමාජික හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222