- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
- මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට ඇරඹේ
Author: VNews
පශු පාලනයේ දී භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ගවල මිල සීග්‍රයෙන් ඉහළයාම පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පශු වෛද්‍යවරුන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ සාකච්ඡාවක් පැවති අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඇතු`ඵ නිලධාරින් රැසක් එක්ව සිට ඇති බව සදහන්. ඌරන්, එළුවන් හා කුකුළන් වැනි සතුන් පාලනයේ දී ඔවුන්ට බෝවන රෝග වළක්වා ගැනීම සඳහා ඖෂධ භාවිත කිරීම අනිවාර්ය වන අතර මේ වනවිට වෙළෙඳපළේ එම ඖෂධවල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ.
අස්වැසුම සහනාධාර ලබා දෙන නිලධාරියෙකු යැයි පවසමින් නිවෙස් තුළට ඇතු`ඵ වී රුපියල් ලක්ෂ ගණනක මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑ පුද්ගලයෙකු යාපනය චුන්නාක්කම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් නිවසකින් ඔහු පවුම් 2 ක රන් මාලයක් පැහැර ගෙන ආපසු යාමට සූදානම් වූ අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාවට සැක සිතීම හේතුවෙන් ඔහුව පරීක්ෂා කිරීමේදී එම රන් මාලය හමුව තිබෙනවා. සැකකරු එම නිවසින් පලා යන අවස්ථාවේදි ඔහුගේ හැදුනුම්පත අතරමග වැටී තිබීම හේතුවෙන් ඒ පිළිබදව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. සැකකරු පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී යාපනයේ ගම්මාන 4 කින් ඔහු විසින් මෙලෙස මිනිසුන් රවටා මුදල්, රන් ආභරණ, ජංගම දුරකථන…
පාසල තුළදී 10 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනා මත මන්නාරම සෙල්වනගර් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිතව වසර 7 ක සිරදඩුවමක් මන්නාරම මහාධිකරණය විසින් ලබා දී තිබෙනවා. එම දඩුවමට අමතරව රුපියල් 25,000 ක දඩ මුදලක් සහ රුපියල් ලක්ෂයක වන්දියක් ද දැරියට ගෙවන ලෙසයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ. 2014 වර්ෂයේ සැප්තැම්බර් 23 වන දින මන්නාරම පාසලක 10 හැවිරිදි සිසුවියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලක් අනුව මන්නාරම පොලිසිය අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලට අනුව දැරිය දූෂණය කිරීමේ සිද්ධිය පිළිබදව දැරියගෙන් ලබාගත් තොරතුරු මෙන්ම වෛද්‍ය වාර්තා සහ තවත් සාධක ඔප්පු වීම මත…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වෙලාවෙන් 10ට ආරම්භ වීමට නියමිතයි. දෙරට පැවති පළමු තරගය ජය පරාජයෙන් තොරව පසුගියදා අවසන් වුණා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරග වැදීමටයි කටයුතු යොදා ඇත්තේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සමඟ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා. උතුරු කොරියානු නායකයා සිය සන්නද්ධ දුම්රියෙන් රුසියාව බලා පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව අද දිනයේදී රුසියානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මෙහිදී උතුරු කොරියාවෙන් රුසියාවට ආයුධ ලබා දීම පිළිබද සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම වසරේ ගතවූ මාස 08ක කාලය තුළ ඉන්දීය ධීවරයන් 84 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. එහිදී ධීවර යාත්‍රා 13ක් නාවික හමුදා භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. මෙලෙස ඉන්දීය ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට පැමිණීම වැලැක්වීම සදහා නාවික හමුදාව විසින් යෝජනා 5ක් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් එම යෝජනා සියල්ල අනුමත කළ නොහැකි බවට ආරක්ෂක අමාත්‍යාංශය දන්වා ඇති අතර, එම යෝජනා සැලකිල්ලට ගනිමින් ගත හැකි පියවර කිහිපයක් ක්‍රියාවට නංවා ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළා.
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්ථානයට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ලකුණු 228ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගය පැවති පළමු දිනයේදී පන්දුවාර 24යි එක් පන්දුවක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, පසුව තරගය ඊයේ දිනයේදී පැවැත්වීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව ඊයේ දිනයේදී නැවත පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 2ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 356ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලී ලකුණු නොදැවී ලකුණු 122ක් සහ කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 111ක් රැස් කළා. ඒ…
ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව මෙවර ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා . ජීනිවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හිමාලි අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට පිළිතුරු ලබාදෙමිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ . එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජීනිවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය පැවසුවේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ මෙම ලිඛිත වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් වාතාවරණය සැබෑ ලෙස නිරූපනය නොවන බවයි . පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව අත් කරගත් ආර්ථික, සාමාජීය සහ මුල්‍ය ස්ථාවරත්වය දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබෙන බවද ඇය මෙහිදී ප්‍රකාශ…
දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සදහා මෙම නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනය කර ඇති බවයි. මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222