- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
- මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට ඇරඹේ
- රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
- දින 14 ක් තුළ විදෙස් සංචාරකයින් 75,000 අධික පිරිසක් මෙරටට
- ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
- හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
Author: VNews
අද දින දිවයින පුරා රෝහල්වල නිහඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. අද දහවල් 12 සිට සවස 2 දක්වා මෙම විරෝධතාවය දැක්වීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ. වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට හැරයාම හේතුවෙන් රෝහල් ක්ෂේත්‍රය තුළ ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වයට පියවරක් ගන්නා ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා.
රට බංකොලොත් කල පිරිසට දඩුවම් ලබා දීම තම පක්ෂයේ අරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ මහරගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් . ආගම් මුලික කර ගනිමින් සිදු වන ප්‍රශ්න සදහා යුක්ති සහගතව පමණක් පිළිතුරු සෙවිය යුතු බවද ඔහු මෙහිදී තවදුරටත් සදහන් කළා .
දුම්රිය රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතු`ඵ දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු කර තිබෙනවා. කොළඹ කොටුවෙන් සහ මරදාන දුම්රිය ස්ථානවලින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 18 ක් සහ පිට පළාත්වලින් කොළඹට පැමිණීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 18 ක් මෙලෙස අවලංගු කර ඇති බවටයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ. වසර 5 කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනම් කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කළ බව දුම්රිය එංජින් ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් එස්.ආර්.පී.එම්.සේනානායක මහතා සදහන් කළා. දුම්රිය එංජින් ඉංජිනේරුවන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන ලද වැඩවර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් අද දින බොහෝ දුම්රියන් ප්‍රමාද වීම…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබෙනවා . එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ . නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වුණා . මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කල එම පක්ෂ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා . එමෙන්ම නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අවසන් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද මාධ්‍ය වෙත අදහස් පල කළා . එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී…
මේ වන විට මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගින් 63,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසනවා. පසුගිය මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 5000 ක් පමණ වාර්තා වී ඇති බවද ඒ මහතා සදහන් කළා. ඪදසජැ ක්‍මඑ – නලින් ආරියරත්න රෝගින් 63,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසනවා. පසුගිය මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 5000 ක් පමණ වාර්තා වී ඇති බවද ඒ මහතා සදහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්‍රමයේ පළවෙනි ඇගයීම සිදු වන්නේ මෙම මස 14 වන දින සිට 24 වන දින දක්වා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මේ සදහා එම අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අදාළ සාකච්ඡාව සදහා දිවයිනට පැමිණීම නියමිත බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
නැගෙනහිර ලිබියාවට බලපෑ ඩැනියෙල් සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 2,000 ක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඩනර් ප්‍රදේශයේ ජලාශයක වේල්ලක් කැඩීයාම හේතුවෙන් ගංවතුර තත්වය තවදුරටත් වැඩි වී ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම පවතින ගංවතුර තත්තවයත් සමග එරට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. දැනට ගංවතුර හේතුවෙන් අතුරුදන් වී ඇති පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්වරුන්ගේ රියදුරු සංගමය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කල බවයි ඔවුන් සඳහන් කලේ . වැටුප් වැඩි කිරීම් හා ප්‍රමාද කර ඇති උසසවීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා. අදාළ ගැටළු පිලිබදව මෙම සංගමය පසුගිය 09 වන දා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාව ද අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ .
තියුණු සහ මොට ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව් දෙනෙකු වරදකරුවන් කරමින් ක`ඵතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ට මරණ දඩුවම නියම කර තිබෙනවා. 1996 වසරේ ජනවාරි 02 වන දින ක`ඵතර මදිනකන්ද ප්‍රදේශයේදී තියුණු සහ මොට ආයුධවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ක`ඵතර මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා. අදාල නඩුවේ 01, 02, 03 සහ 05 යන විත්තිකරුවන්ට මෙලෙස මරණ දඩුවම ලබා දී ඇති අතර 06 සහ 07 විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ. එම නඩුවේ සිව් වන විත්තිකරු මියගොස්…
අද දින දිවයින පුරා රෝහල්වල නිහඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. අද දහවල් 12 සිට සවස 2 දක්වා මෙම විරෝධතාවය දැක්වීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ. වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට හැරයාම හේතුවෙන් රෝහල් ක්ෂේත්‍රය තුළ ඇති වී තිබෙන ගැටලුකාරි තත්ත්වයට පියවරක් ගන්නා ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222