- ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
- හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
- කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
- ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
- විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
- හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
- සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
Author: VNews
වැඩවර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසට අද දිනයේ දැනුම්දීමක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . එම දැනුම් දීම නොතකා සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. මේ අතර ඊයේ රාත්‍රී දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා . කෙසේ වෙතත් දුම්රිය රියදුරන්ගේ සංගමය මේ වන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර නැහැ .මෙම තත්ත්වය තුළ අද දිනයේ දුම්රිය ගමන් වාර 150ක් පමණ අවලංගු…
යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා ඔවුන්ට හිමි දීමනා ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. අදාල හමුදා සාමාජිකයා වයස අවුරුදු 55 ට පෙර ආබාධිත තත්ත්වයෙන් මිය ගිය බවට වෛද්‍ය මණ්ඩලයක් විසින් තහවුරු කරන්නේ නම් ඔහුට හිමි වැටුප් හා දීමනා වැන්දඹුව වෙත හිමි වන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. එලෙස තහවුරු කළ නොහැකි පිරිස් සඳහා සියලු දීමනා හිමි නොවන බවද එම අමාත්‍යාංශය පැවසුවා.
දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කල බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. මේ අතර ඊයේ පැවතී අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කල බවයි. ඒ අනුව අද දිනයේ සිට ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා මඟහැරී යන බව ද අමාත්‍යවරයා පැවසුවා. මේ අතර දුම්රිය රියදුරන් ආරම්භ කර තිබු වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කල බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කලා . කෙසේවෙතත් දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග…
සිසු හෙද පුහුණු පාඨමාලාව සදහා අයදුම්පත් කැදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2019 සහ 2020 යන වර්ෂවල ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ විභාගයට සමත් සිසුවියන්ගෙන් මාර්ගගතව අයදුම්පත් කැදවීමට නියමිතයි. ලබන 15 වන දා සිට ඔක්තෝම්බර් 18 වන දින දක්වා මෙම අයදුම්පත් කැදවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මේ සම්බන්ධයෙන් තොරතුරු රජයේ ගැසට් පත්‍රයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම ලබන 14 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එම සාකච්ඡාවලින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබීමට නියමිත බවයි ඔහු පැවසුවේ. යටියන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවා. මේ අතර මෙරට රාජ්‍ය බැංකු විකිණීමේ සූදානමක් පවතින බව ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවට එරෙහි කිසිදු යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමෙන් වැළකිය යුතු බව වෙනිසියුලාව පවසනවා. ඔවුන් මේ බව පැවසුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල විවාදය අතරතුරදියි. මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 54 වෙනි සැසිවාරය ආරම්භ කරමින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය සදහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ස්ථායි කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට තවදුරටත් උපකාර කළ යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දුගීභාවය තවදුරටත් ඉහළ ගොස් ඇති බවද ඇය එහිදි පැවසුවා.
දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම, දිරිගැන්වීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50 ක අවම ආයෝජනයක් සහිත විදුලි වාහන සහ ෆ්ල්ග් ඉන් දෙමුහුනු විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය සඳහා අයෝජකයින්ට බදු සහන සැපයීමට නියමිතයි.
දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ. අදාල යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ. මේ අතර දුම්රියෙන් ඇද වැටී වයස අවුරුදු 18 ක තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් මෙහිදි අමාත්‍යවරයා ශෝකය පළ කළා. එමෙන්ම මෙම තරුණයා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. ඔහු අධික තදබදය හේතුවෙන් දුම්රිය වහලය මත නැග ඇති බව සදහන්. ඒ…
අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන බවයි. මේ අතර ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සදහා නායයාමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මක වනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මෙන්ම බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලට ද නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි. එමෙන්ම දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට සහ වරකාපොල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ද නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මේ අද දින පවතින කාලගුණික තත්ත්වය පිළිබද වැඩිදුරටත් අදහස්…
ශ්‍රී ලංකාව තුළ වර්ෂයකට 12,000 ක් පමණ මිය යන බව රථවාහන හා මහාමාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා. මෙම මරණ අතරින් 3000 ක් පමණ මිය යන්නේ රිය අනතුරුවලින් බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ. මේ අනුව දිනකට 8 දෙනෙකු පමණ රිය අනතුරු හේතුවෙන් මිය යන බවටයි රථවාහන හා මහාමාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222