Author: VNews

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධන මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවන් වියහැකි බව සැලකිල්ලට ගනිමිනුයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව, විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම මෙලෙස අත්‍යාවශ්‍ය සේවාවන් බවට නමම්කර තිබෙනවා. එමෙන්ම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට…

තව කියවන්​න

සංචාරක ඕස්ටේ‍රලියානු කණ්ඩායමට එරෙහිව පැවති 05වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 122ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 315ක්. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ‍රලියානු කණ්ඩායමට පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 193ක් පමණයි.

තව කියවන්​න

2022 වසරේදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉක්මවා මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන බව වසංගත රෝග අංශය පවසනවා. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි 01වැනිදා සිට දෙසැබර් 31 වැනිදා දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 63,383ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 63,389ක් වාර්තා වී ඇති බවයි එම අංශය සදහන් කළේ. මෙම වසරේ ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 38ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 10ක ඩෙංගු අධිවසංගත තත්ත්වයක් සේ පැතිර යන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කර ඇත්තේ.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. ඔහුගේ අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේදී ඊයේ රාත්‍රී 10.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදුව නොමැති අතර, ඔහු පැමිණි රථයට වෙඩි ප්‍රහාර 2ක් එල්ල වී තිබෙනවා. මෙම වෙඩි තැබීම සදහා පිරිසක් මෝටර් රථයකින් පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

2023 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා නැවුම් කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ නව වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ සදහා ජාතික ප්‍රතිපත්තියක් ද සකස් වෙමින් පවතින බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ගොනු කර තිබූ නඩුවල තීන්දු ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව මෝසම් පත්‍ර සලකා බැලීම නොවැම්බර් මස 02 වන දා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද, දින නියම කරනු ලැබුවා. මෙම මෝසම් පත්‍ර අද බුවනෙක අළුවිහාරේ මහතා ප්‍රමුඛ සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී කැඳවා සිටියා. මෙම මෝසම් පත්‍ර ඉදිරිපත් කරනු ලැබුවේ මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් විසින්.

තව කියවන්​න

දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8 ක් සදහා ලබා දී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළව විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. එක්සත් මානව හිමිකම් සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඔක්තෝම්බර් මස 02 වන දා ගොනු කරන ලෙසට අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරින් ඇතු`ඵ පිරිසකට නියෝග කර…

තව කියවන්​න

උතුරු පළාතේ රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා විසින් මේ බව සදහන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. රෝගින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම තීරණය ගත් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

නව දුෂණ විරෝධී පනතේ විධිවිධාන අද සිට ක්‍රියාත්මක වනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කරනු ලැබුවා . ඒ අනුව පනතට අදාළ වූ විධිවිධාන අද සිට බලාත්මක වන බව සඳහන් . දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා . එමෙන්ම අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද අද සිට ක්‍රියාත්මක වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා .

තව කියවන්​න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවේ සගවන ලද වෙළුම් හිටපු රජය මෙන්ම වත්මන් රජයද තමාට ලබා දීම ප්‍රතික්ෂේප කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

තව කියවන්​න