Author: VNews

දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මන්නාරම, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට…

තව කියවන්​න

ආර්ථික අර්බුද හමුවේ දැඩි පිරිවැයක් දැරීමට සිදු වීම නිසා ධීවරයින් විශාල පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා. ඒ අනුව මෙරට ධීවර කර්මාන්තය බිඳවැටෙමින් පවතින බවයි එම සම්මේලනයේ කැඳවුම්කරු රත්න ගමගේ මහතා සදහන් කළේ.

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද දිනයේ සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එම සැසිවාරයට සමගාමීව අද පැවැත්වෙන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුයේ රාජ්‍ය නායක සමුළුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි. එමෙන්ම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක් වීමටයි නියමිතව ඇත්තේ.

තව කියවන්​න

පාසල්වල පෙර පැවති කාලසටහන් යාවත්කාලීන කිරීමට රජයට මෙතෙක් නොහැකි වී ඇති බවට ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය චෝදනා කරනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් ශෙහාන් දිසානායක මහතා සදහන් කළේ මෙලෙස අපරික්ෂාකාරී ලෙස කටයුතු කරනුයේ දරුවන්ගේ ජීවිත සමග බවයි.

තව කියවන්​න

ලිබියාවය බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 11,300 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් තවත් පද්ගලයන් 10,000ට වැඩි ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම ගංවතුර තත්ත්වය ඇති වී සතියක් ගතවී ඇති අතර, ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සිරුරු දැඩි ලෙස විනාශ වී තිබෙනවා. ඒ හේතුවෙන් එම පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වීමෙන් වෛද්‍යවරුන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත්තේ. එමෙන්ම දිවි බේරාගත් පුද්ගලයන් ජලය, ආහාර, නවාතැන් සහ මූලික සැපයුම් අවශ්‍යතා නොමැතිව දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද දිනයේ සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එම සැසිවාරයට සමගාමීව අද පැවැත්වෙන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුයේ රාජ්‍ය නායක සමුළුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතයි. එමෙන්ම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. මේ අතර ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක් වීමටයි නියමිතව ඇත්තේ.

තව කියවන්​න

භාවිතයට නුසුදුසු බිත්තර සහිත කන්ටේනර් 2 ක් කොළඹ වරායට පැමිණ තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ. ඒ අනුව මෙම කන්ටේනර් දෙකෙහි අඩංගු භාවිතයට නුසුදුසු බිත්තර විනාශ කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරින් වහාම ප්‍රකාශයක් කළ යුතු බවද අසේල සම්පත් මහතා සදහන් කළා.

තව කියවන්​න

යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද තවත් සිසුවියක් ඊයේ(17) සිය නිවසේදි සියදිවි නසාගෙන ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ කිලිනොච්චිය,කෝනාවිල් ප්‍රදේශයේ පදිංචි වසන්තකුමාර් ඩිලක්සියා නමැති 22 හැවිරිදි තරුණියක් එලෙස සියදිවි නසාගෙන ඇති බවයි. අදාළ තරුණිය සිය නිවසේ ගෙළ වැළලාගෙන සිටි අවස්ථාවේ සහෝදරයා විසින් දැක ඇති අතර, අනතුරුව තරුණිය කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කොට තිබුණා. තරුණිය රෝහල්ගතවන අවස්ථාවේ මියගොස් ඇති බව අනාවරණය වි ඇත. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. පසුගිය සමයේ විශ්ව විද්‍යාල සිසුන් හා සිසුවියන් රැසක් සියදිවි නසාගැනීමේ සිදුවීම් උතුරු පළාතෙන් වාර්තා වුණා.

තව කියවන්​න

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වනවා. මෙම තරගාවලිය සදහා එක්දින තරග තුනක් ඇතුලත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මීට අමතරව දෙරට අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන අතර, එහිදී විස්සයි 20 තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 10න් පරාය කරමින් 8 වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 50 කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. ඒ, පන්දුවාර 15යි පන්දු 2 ක් පමණක් යොමු කරමින්. කුසල් පෙරේරා පළමු පන්දුවාරයෙන්ම ලකුණු නොලබා දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු දෙකකටත්, සධීර සමරවික්‍රම හා චරිත් අසලංක ද ලකුණු නොලබා සිටියදී දවා ගැනීමටත් ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. ධනංජය ද සිල්වා ලකුණු…

තව කියවන්​න