- ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
- හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
- කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
- ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
- විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
- හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
- සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
Author: VNews
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකුට අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා. අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කළ සිද්ධියකට සම්බන්ධව බවයි වාර්තා වන්නේ. මෙහිදී අදාළ සිදුවීමට සම්බන්ධ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකුට නිකුත් කළ වරෙන්තු වළක්වමින් අභියාචනාධිකරණය දුන් අතුරු නියෝගයක් අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඒ පිළිබදව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී…
මධ්‍යම කඳුකරයේ තේ වතු කම්කරුවන්ට මේ දිනවල නිරන්තරව එල්ලවන බඹර ප්‍රහාර හේතුවෙන් එම කම්කරු ප්‍රජාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. මෙම වතු කම්කරුවන් තම දෛනික සේවා කටයුතුවල නිරතව සිටියදී තේ වතුවල පිහිටි විශාල ගස්වල හා තේ පඳුරුවල බැඳ ඇති මෙම බඹර කූඩු ක්ෂණිකව ඇවිස්සීමෙන් කම්කරුවන්ට පහර දීම සිදු කරනු ලබන අතර මෙම ප්‍රහාරවලදී විශේෂයෙන් වතු කම්කරු කාන්තාවන් දැඩි ලෙස පීඩාවට පත්වනවා. උකුස්සන් බඹර කූඩු වලට පහර දීමෙන් හා වැසි සමඟ දැඩි සුළං පවතින අවස්ථාවලදී මෙම විශාල බඹර කූඩු කඩා වැටීමට ලක්වෙනවා. එහිදී ඇවිස්සෙන බඹරුන් කුපිතවී බිම් ප්‍රදේශයේ දළු නෙළමින් හා විවිධ සේවා කටයුතුවල නිරතව සිටින වතු කම්කරුවන්ට එලව එලවා පහරදිම්…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධූරවලින් පහ කිරීමට විරුද්ධ පාර්ශවයන් කටයුතු කළ ආකාරය පිළිබද රහස් ඉදිරි ජනාධිපතිවරණයේදී සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල පැවති ජන රැළියක් අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
පොසිල ඉන්ධන භාවිතය නතර කරන ලෙස ඉල්ලමින් 75,000 කට වැඩි පිරිසක් අමෙරිකාවේ නිව්යෝක් නුවර විරෝධතාවයක් පවත්වා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආරම්භ කිරීමට පෙර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ඔවුන් බල කර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව නව ඉන්දන හා ගෑස් ව්‍යාපෘති අනුමත කිරීම වැළැක්වීම, වත්මන් ව්‍යාපෘති ක්‍රමානුකූලව ඉවත් කිරීම ඇතු`ඵ කරුණු කිහිපයක් යෝජනා ලෙස ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලදී ශ්‍රී ලංකාව යළි පහල යාමක් අපේක්ෂා නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් .
බස්නාහිර, සබරගමුව ඇතු`ඵ ප්‍රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ, අද දිනයේ කාලගුණ තත්ත්වය සහ සුළං තත්ත්වය පිළිබද පැහැදිලි කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරය සඳහා නීතිඥ චමින්ද කුලරත්න මහතා පත් කර තිබෙනවා. මේ වන තෙක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ටිකිරි ජයතිලක මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙස පත්වීම නිසා එම තනතුර පුරප්පාඩු වූ අතර, ඒ අනුවයි කුලරත්න මහතා මෙලෙස පත් කර ඇත්තේ. මෙම තනතුර පුරප්පාඩු වීමත් සමග පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ අනුමැතියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් කැඳවනු ලැබූ අයදුම්පත් සැලකිල්ලට ගනිමින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.
සිමෙන්ති මිල අඩු කරන බවට රජය ප්‍රකාශ කලද එය අඩු කිරීමට මෙතෙක් ක්‍රියා කර නොමැති බව ජාතික ඉදිකිරිම සේවක සංගමය පවසනවා . එහි ලේකම් සුපුන් අබේසේකර මහතා සඳහන් කලේ මේ හේතුවෙන් ජනතාව දැඩි පිඩාවට පත්ව ඇති බවයි . මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා . මේ අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ජනතාවගෙන් ලැබෙන පැමිණිළි විමර්ෂනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටමින් පැමිණිළි විමර්ශනය ආරම්භ කර තිබෙනවා. වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනවකට අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලිය එලි දැක්වීම ඊයේ සිදු කළා. පාරිභෝගිකයන් යොමුකරන පැමිණිලි විමර්ශන වෙනුවෙන් රටේ ඕනෑම තැනක සිට…
බ්‍රව්නින් වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සමග විශ්‍රාමික නාවික හමුදා සෙබළකු තෙලිජ්ජවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසනවා මාලිම්බඩ පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරකට අනුව තෙලිජ්ජවිල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙලෙස ගිනි අවිය සොයා ගනු ලැබුවේ සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු වයස 42 පමණ වන විශ්‍රාමික නාවික හමුදා සෙබළකු බවට මූලික විමර්ශනවල දී තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා මෙම නිලධාරියා නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී මුලතිව් නාවික හමුදා කදවුරු භුමියේ වැටි තිබි අදාළ ගිනි අවිය අහුලාගෙන විශ්‍රාම ලබා පැමිනෙන අවස්ථාවේ රැගෙනවිත් සිහිවටනයක් ලෙස තමා සන්තකයේ තබාගෙන සිටි බවට සැකකරු විසින් ප්‍රකාශ කර තිබෙනවා සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු මාතර…
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ලබන 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව 2016 වර්ෂයේ සිට වාර්ෂිකවම පැවැත්වෙන්නේ අන්තර්ජාතික කථිකාවතක් ලෙසයි. මෙහි සත්කාරකත්වය සිදු කරනු ලබන්නේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් . මෙම වට මේස සාකච්ඡාවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 24 වනදා රටවල් 22 ක සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙහි තේමාව වන්නේ “සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න” යන්නයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222