- ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
- හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
- කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
- ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
- විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
- හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
- සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
Author: VNews
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා අතර නිල හමුවක් ඊයේ නිව්යෝර්ක් හිදී පැවැත්වුණා . එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බවයි . එමෙන්ම ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවද එරට ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. නුදුරේදීම දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙස ද මෙහිදී එරට ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කරනු ලැබුවා .
2023 රග්බි ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් ජපානය පරදා විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. එහිදී එංගලන්තය විසින් ලකුණු 34ට 12ක් ලෙසයි ජපානය පරාජයට පත් කරනු ලැබුවේ. මේ අතර පෙරේදා පැවති තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ෆීජී කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත් වුණා. එහිදී ෆීජී කණ්ඩායම ලකුණු 22ට 15ක් ලෙසයි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරනු ලැබුවේ.
ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ලබා දෙන අරමුදල් සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එම ආධාර සොරකම් කිරීමක් වාර්තා වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. යුරෝපා සංගමය විසින් පසුගිය වසරේ ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ඩොලර් මිලියන 7ට වැඩි ආධාර ලබා දීමට කටයුතු කර තිබෙනවා.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වනවා. දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට පස්වරු 05 ආරම්භ වීමට නියමිතයි.
මන්නාරම, තල්පාඩු ක්‍රීඩාංගනයේ ගේට්ටුව අසලදී කොකේන් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවෙන් වනවා.
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කාමරයක් තුල තිබී ගිනි අවියක්, පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා . මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය අදාළ පාසලේ කාමරයක සිවිලිමේ සඟවා තිබියදී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් එම කාමරය භාවිතයට නොගන්නා බවද අනාවරණය වී තිබෙනවා . එම ස්ථානයේ තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 20ක්, මිලි මීටර 3 යි දශම 2 කේ උණ්ඩ 24ක්, මිලි මීටර 9 උණ්ඩ 107ක් සහ ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සොයාගැනීමටයි පොලිසිය සමත් වී ඇත්තේ . එමෙන්ම වැඩිදුර සෝදිසි කිරීමේදී එහි තිබී ඔභඔ බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සමග සේවා…
රජයක් ලෙස දිගින් දිගටම ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ මත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහමුලින්ම විනාශ වී ඇති බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය පවසනවා. ඇය මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි සහ ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂික තත්ත්වය පිළිබදව වාර්තාවක් සති 2 ක් ඇතුලත ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ සඳහා යොදා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායේ සිදු කළ යුතු අළුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත් වාර්තාවක් සති 2 ක් ඇතුළත ලබා දෙන ලෙසටයි ඒ මහතා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා ඇත්තේ. ඒ අනුව අදාළ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර කඩනමින් ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි සාගල රත්නායක මහතා කියා සිටියේ. ඔහු මේ බව…
මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා . එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8 ක් ලෙසටයි . විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයට උතුරින් සිදුව ඇති බවයි . භූ කම්පනයත් සමඟ එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබෙනවා .
වසරක කාලසීමාව තුළ නවක වද සිද්ධීන් 36 ක් වාර්තා වී ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම නවක වද සිද්ධීන්ට අදාළව සිසුන් 57 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇති බවයි. මේ අතර නවක වද විරෝධී ජාතික කමිටුවක්ද මේ වන විට පිහිටුවා ඇති බවයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අචාර්ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222