Author: VNews

මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා . ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කිරීමට නියමිත අතර එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ . ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු ප්‍රධානී අජේ බන්ගා අතර හමුවක් පවත්වා තිබෙනවා. එම හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව ඇති අතර එහිදී ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි ජනාධිපති මධ්‍ය අංශය සඳහන කළේ. මේ අතර තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ද ඊයේ දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තිබෙනවා. නිව්යෝර්ක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේදීයි මෙම සමුළුව පැවැත්වෙන්නේ. 2030 වනවිට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතියක් අත්කරගැනීම සඳහා නව අධියරක් එහිදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

තව කියවන්​න

කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2,000 ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. වීජේසූරිය මහතා පවසනවා. යුනිසෙෆ් සංවිධානය හරහා ඒවා ලබාදෙන බවයි ඔහු කියා සිටියේ. කහ උණ සඳහා ලබාදෙන එන්නත් හයදහසක් පමණ මෙරටට අවශ්‍ය වී තිබෙනවා. අප්‍රිකානු රටවලට වෙනත් රටවලින් යන පුරවැසියන් සියළු දෙනා මෙම එන්නත ලබාගැනීම අනිවාර්ය අතර එම රටවලට යෑමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට ආසන්න පිරිසක් මෙම එන්නත ලබාගැනීමට පෝලිමේ සිටින බවයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ.

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ මහතා සහ මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවක් ඊයේ දිනයේදී පවත්වා තිබෙනවා . එහිදී ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් ගතහැකි හරිත මූල්‍ය පහසුකම් පිළිබඳව සාකච්චා කර ඇති බවයි වාර්තා වන්නේ එමෙන්ම අඩු ආදායම් ලාභී පවුල්වල විදුලි බිල අඩු කිරීමට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පිළිබදවද මෙහිදී සාකච්චා කිරිමටයි කටයුතු කර ඇත්තේ . විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවට අදාල ආකෘතිය සහ එම වැඩපිළිවෙළට සංවර්ධන නියෝජිත ආයතන ලබාදෙන සහය ආදිය පිළිබඳව ද මෙහිදී සාකච්චා කර තිබෙනවා .

තව කියවන්​න

ඕස්ටේ්‍රලියාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. පළමු එක්දින තරග 2 ක සඳහා කේ.එල්. රාහුල්ගේ නායකත්වයෙන් ද අවසන් එක්දින තරඟය සඳහා නිත්‍ය නායක රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ද ඔවුන් තරග වැදීමට නියමිතයි. රවිචන්ද්‍රන් අශ්වින් හා වොෂින්ටන් සුන්දර් මෙම තරග 3 සඳහා නම් කර ඇති අතර, පළමු තරග දෙකෙන් රෝහිත් ෂර්මා, විරාට් කෝලි, හර්දික් පාණ්ඩ්‍යයා හා කුල්දිප් යාදව් විවේක ගන්වා තිබෙනවා. මෙය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලියයි.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටියා. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කාලයක් රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපතිගේ මැදිහත් වීමෙන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද උදෑසන කටුනායක ගුවන්තොටුපල වෙතට පැමිණ තිබෙනවා. මොවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර ඒ අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තා ගෘහසේවිකාවන් 28 දෙනෙකු ඇතුළත්ව සිටි බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද සිට ලබන 22 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ පළ කර ඇති නියෝග අද දිනයේදී විවාදයට ගැනීමට නියමිතයි . ඉන් අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළා මේ අතර පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළඹෙන 21 වනදා සහ 22 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා .

තව කියවන්​න

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබෙනවා . ඒ අනුව එම සටහනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායමයි සමත්ව ඇත්තේ . එමෙන්ම අදාළ ශ්‍රේණිගත කිරීම් හි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවලින් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව විසින් හිමිකරගෙන තිබෙනවා . කෙසේ වෙතත් ශ්‍රේණිගතකිරීම් හි හත්වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි .

තව කියවන්​න

3 වන ශ්‍රෙණියේ දරුවන් සැලකීමේදී අඩුම සාක්ෂරතාවයක් පෙන්නුම් කරන්නේ මධ්‍යම පළාතේ දරුවන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම එම වයසේ දරුවන් අතරින් අඩුම ගණිතමය හැකියාවක් පෙන්නුම් කරන්නේ උතුරු පළාතේ දරුවන් බවයි එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ. මෙරට පාසල්වල 3 ශ්‍රෙණියේ දරුවන්ගේ පාසල් නිපුණතා පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වසරේදී පළාත් මට්ටමින් සිදු කළ සමීක්ෂණයකට අනුව එම දරුවන්ගේ සාක්ෂරතාවය හා ගණිතමය හැකියාව පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. සාක්ෂරතාවය සැලකීමේදී අඩුම නිපුණතාවක් පෙන්වා ඇත්තේ මධ්‍යම පළාතේ දරුවන් වන අතර එහි අගය සියයට 9ක්. ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල 3 වන ශ්‍රෙණියේ දරුවන්ගේ සාක්ෂරතාව සියයට 10ක් වන…

තව කියවන්​න