Author: VNews

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කොකේන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එම අවස්ථාවේ සැකකරු සතුව තිබී කොකේන් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 12 ක් අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

තව කියවන්​න

මෙරට ජනතාව සිය ජන්දය භාවිත කිරීමේදී වංචා දුෂණයෙන් තොර පුද්ගලයින්ට කිසිවිටෙකත් ජන්දය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා. එබැවින් කවරදාකවත් තමා වැනි පුද්ගලයින්ට ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවයි ඒ මහතා සඳහන් කළේ. කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

තව කියවන්​න

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 157 දෙනෙකු සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රු.4,070,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීම මතුගම සී.ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රවණාගාරයේදී 2023.09.17 දින සිදුකරනු ලැබුවා. මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 37 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.20,000.00 බැගින් රු.740,000.00 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 87 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.25,000.00 බැගින් රු.2,175,000.00 ක් හා අ.පො.ස උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් 33 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.35,000.00 බැගින් රු.1,155,000.00 ක මුදලක් පිරිනමා තිබෙනවා. 2021 වර්ෂයට අදාළව මෙම ශිෂ්‍යත්ව පිරිනැමූ අතර, විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකිකයින්ගේ දරුවන් 915 දෙනෙකු වෙනුවෙන්…

තව කියවන්​න

අද දිනයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා. ඒ අනුව අද දින සිට ලබන 22 වන දා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මෙහිදි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ පළ කර ඇති නියෝග අද දිනයේදී විවාදයට ගැනීමට නියමිතයි. ඉන් අනතුරුව සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා පස්වරු 5 හේ සිට පස්වරු 5.30 දක්වා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරිය සදහන් කළා. මේ අතර පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල්තැබීමේ විවාදය එළඹෙන 21 වන සහ 22 වන දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කරනු ලැබුවා. එමෙන්ම රට…

තව කියවන්​න

ආර්ථිකය යළි ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල් මහතා පවසනවා. දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන් සදහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදියි. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථ්ක අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙල දකුණු කොරියානු ජනාධිපතිවරයා අගය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මෙහිදි දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙසද එරට ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු ප්‍රධානි අජේ බංගා මහතා…

තව කියවන්​න

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පවසනවා . පක්ෂ විපක්ෂ සියලුම දෙනා මේ සඳහා සහයෝගය පල කල යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ . එමෙන්ම මෙම පනත පිළිබද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ද අදහස් පල කළා . ඔහු මෙම අදහස් පල කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

තව කියවන්​න

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. මෙරට තුළ සිදු වූ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම, තහනම් කාර්ය සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා විධි විධාන සැලැස්වීම මෙම පනත මගින් සිදු කෙරෙනු ඇති. එමෙන්ම සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ ආධාර ලබා දීම මැඩපැවැත්වීමද මෙම කෙටුම්පත මගින් සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

රැවටීම නිමා කිරීමේ යුගය ආරම්භ වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා . ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂයේ අනුරාධපුර ආසන සමුළුවට එක් වෙමින් . එහිදී ජනතාව අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ කුඩා මැතිවරණ වෙනුවට ජනාධිපතිවරණය පැවැත්වීම යෝග්‍ය බවයි . වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ භීතිකාවකින් පෙලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ නිදහස ජනතා සභාව විසින් කටුගම්පල ප්‍රදේශයේ පැවැත්වූ ජන හමුවකට එක් වෙමින් .

තව කියවන්​න

පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හුවන් කායෝ සහ හූවාන් ටා නගර අතර ඇන්ඩීස් කදුකරයේ ගමන් කරමින් සිටියදී බස් රථය අඩි 650 ක් පමණ ගැඹුරු හෙළකට ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අනතුර සිදු වූ ස්ථානයට ප්‍රදේශවාසින් සහ ආරක්ෂක නිලධාරින් පැමිණ ඇති අතර ජීවිත ගලවාගැනීමේ දැඩි මෙහෙයුමකින් පසු 21 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අදාළ අනතුර සම්බන්ධයෙන් එම නගරයේ නගරාධිපතිවරයා මාධ්‍යට පවසා ඇත්තේ අනතුර සිදු වූ මාර්ගය මාසයකට පමණ පෙර නාය යාමකින් හානි වූ බැවින් එය මෙතෙක් පිළිසකර කර නොමැති බවයි. මේ අතර දකුණු අප්‍රිකාවේ උතුරුදිග දේශසීමාව ආසන්නයේදී ට්‍රක්…

තව කියවන්​න

රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි 45,000 ක් නීතිවිරෝධීව රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්මුණේ පදිංචි පුද්ගලයෙකු සහ යටියන්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ඩුබායි සිට මෙම දුම්වැටි තොගය රැගෙන විත් ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේ. මෙම සැකකරුවන් දෙදෙනා නිරන්තරයෙන් ගුවන් ගමන්වල යෙදෙමින් විදේශවලින් භාණ්ඩ රැගෙනවිත් මෙරට තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින්නන් බවටයි අනාවරණ වී ඇත්තේ .

තව කියවන්​න