- කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
- ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
- විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
- හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
- සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
- BYD වාහන සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක්
- ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
Author: VNews
මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු දින 18 කට පසු ඊයේ මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කොළඹ 8, බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක් වයසැති පුද්ගලයෙක්. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණේ පසුගිය පළමු වනදායි. වෙඩි තැබීම සඳහා පැමිණි අවුරුදු 20 ක් වයසැති යතුරුපැදිකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම වසරේ ජූලි මාසය තුළදී අස්වැසුම වැඩසටහන යටතේ එක් ලක්ෂ දහතුන් දහස් හත්සිය දහතුන් දෙනෙකුට ප්‍රතිලාභ හිමිව ඇති බව වාර්තා වනවා. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මේ අනුව අදාළ ප්‍රතිලාභීන්ට රුපියල් මිලිනයන 799 කට අධික මුදලක් ගෙවා ඇති බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වන විටත් අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැරකර අවසන් බවටයි.
ලෝක අවිවාහක රූ රැජින – 2023 ( Miss Queen of the World )ලෙස කිරුළ පැලදි , ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය , ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සඳහා 09/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන මහා තරගය 09/22 දින කොළඹ නෙළුම් කුළුණ රගහල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත අතර එහිදී තෝරා ගන්නා ජයග්‍රාහිකාවන් සිව් දෙනෙකු 2024 අප්‍රියෙල් මාසයේ ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි. ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය මෙම ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින අවසාන මහා…
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 05 ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
නවසීලන්තයේ දකුණු දූපත ආසන්නයේ අද පෙරවරුවේ භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා . එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සටහන්ව ඇති අතර එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණයි මෙය සිදුව ඇත්තේ. මෙම භූ කම්පනයේ බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් හි මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපතිවරයා වන ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා හමුවී තිබෙනවා. එම හමුව ඊයේ පස්වරුවේ පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. මෙහිදී ශ්‍රී ලංකා රජය විසින් අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී සහ අසත්‍ය ප්‍රචාර මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳවද මෙරට ජනාධිපතිවරයා පැහැදිලි කරනු ලැබුවා. එමෙන්ම කෘත්‍රීම බුද්ධි තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පහදා තිබෙනවා
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුනා. පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා කාලය වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
චැනල් 4 වාර්තාව සහ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යත්ර පරික්ෂණයක් සදහා එක්සත් ජාතීන්ගේ මෙරට පිහිටි කාර්යාලයලට ලබා දීමට නියමිත ලිපිය ලබා ගැනීම සඳහා එම කාර්යාලයේ නියෝජිතයකු තම නිවසට පැමිණෙන බව දන්වා ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කලා. චැනල් 4 වාර්තාව සහ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් සදහා ලිඛිත ඉල්ලිමක් සිදු කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශයක් සිදු කර තිබුනා. අද පොළොන්නරුවේ පැවති වැඩසහටනකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ පිලිබඳ නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ.
ඩුබායි එමිරේට්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය යන ගුවන් සමාගම් දෙකෙහිම මගීන් සඳහා සම්බන්ධතාව ඉහළ නැංවීමේ අරමුණෙන් අන්‍යෝන්‍ය අන්තර් සම්බන්ධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. මෙම හවුල්කාරිත්වය මගින් කොළඹ සහ ඩුබායි හරහා එකිනෙකාගේ ජාලවල නව ස්ථාන වෙත ප්‍රවේශ වීමටත්, තනි ටිකට් පතක් භාවිතා කර ගමන් මලු මාරු කිරීමේ පහසුව භුක්ති විඳීමටත් මගීන්ට පහසුකම් සැලසෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කර ඇත්තේ. එමිරේට්ස් මගීන්ට තෝරා ගැනීම සඳහා, කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන කලාපීය ගමනාන්ත 15 ක් අන්තර් මාර්ග හවුල්කාරිත්වය මඟින් විවෘත කරන බැවින් ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව ක්‍රියාත්මක බව සඳහන්.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා නිවස විනාශ කර භාණ්ඩ සොරාගත් බව කියන විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222