- කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
- ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
- විදුලි සේවකයෝ අද රෑ සිට සැර වෙයි – VIDEO –
- හාල් මාෆියාවට වැඩ වරදින ලකුණු – VIDEO –
- සම්පත් මනම්පේරී අධිකරණයට භාරවීමට සූදානම් ?
- සීගිරි කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
- BYD වාහන සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක්
- ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
Author: VNews
ලබන ඔක්තෝබර් මස ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක නායකයා ලෙස පත්කිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ අසාර්ථකත්වය හේතුවෙන් දසුන් නායකත්වයෙන් ඉවත් කර නව නායකයෙක් පත්කිරමට පසුගිය දින තුන තුළ දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව තව දුරටත් දසුන් නායකත්වයෙ තබාගැනීමට තීරණය කළ බවයි. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන දසුන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර තිබෙනවා.
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තාවනවා . නව පනත් කෙටුම්පත හරහා විදුලිබල මණ්ඩලය කොටස් 14 කට වෙන් කර පෞද්ගලික අංශයට ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඊට විරෝධය පළ කරමින් ආරම්භ කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙන බවත් රන්ජන් ජයලාල් මහතා පැවසුවා.
හානි අවම වගා ක්‍රමයක් වන හරිතාගාරවල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ 5 ක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. වැඩසටහන එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් තිස් දෙනෙකු තෝරා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශයෙන් පවසන අතර හරිතාගාර වගා ක්‍රමය ඇරඹීමට රුපියල් ලක්ෂ 10ක් වැය වන අතර ඉතිරි ලක්ෂ පහක් ගොවියා විසින් දැරිය යුතු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. ලිටනල් තුළ වගා කිරීමේ ව්‍යාපෘතිය නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම තවත් එක් පියවරක් බව කෘෂී කර්ම අමාත්‍යාංශය පවසනවා. එළවළු වගාවේදී වන වගා හානි අවම වීම ප්‍රමිතියෙන් යුත් එළවළු වෙළෙඳ පොළට සැපයීම හා වසර කිහිපයක්ම පොලිටනල් යොදාගැනීම කළ හැකි බැවින් ගොවීන්ට හොඳ ආදායමක් ලබා ගැනීමට…
බෙල්ජියමේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබූ පාර්සලයක රුපියල් එක් කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදී. මෙම පාර්සලය හලාවතල වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර එහි බර කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 98 ක්. රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ එම ලිපිනය ව්‍යාජ එකක් බව පරීක්ෂණවලදී හෙළි වූ බවයි. හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට භාර දුන් බව ඔහු ප්‍රකාශ කළ.ා
Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බවත් ඒ ආකාරයෙන් රටට ද්‍රෝහි නොවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අවධාරණය කළා . මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහාද ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහාද මෙම පනත් කෙටුම්පත යොදා ගන්නා බව මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන අතර මෙම ගැසට් නිවේදනයේ දිනය ලෙස සඳහන් වන්නේ 2023 සැප්තැම්බර් 15 වනදායි. “ඔන්ලයින් සේෆ්ටි කියල ආණ්ඩුව ඊයේ රෑ…
පාර්ලිමේන්තුව අද දිනයේදී පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. මේ අනුව පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු සදහා වෙන්කරනු ලැබුවා. ඉන් අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා කාලය වෙන්කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග විවාදයට ගැනීම සදහායි. මේ අතර අද දින පාර්ලිමේන්තුවේදි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා හට යෝජනා කර තිබුණා. මේ, ඒ සදහා පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා. මේ අතර ආගමික සිද්ධස්ථාන අසල මෙන්ම පාසල් අසල මත්ද්‍රව්‍ය අලෙවි කිරීම…
චැනල් ෆෝ නාලිකාව ලෝකය පිළිගත් නාලිකාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මේ අනුව ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඇති කරුණු අනුව කටයුතු කරමින් පාස්කු ප්‍රහාරය පිළිබදව වැඩිදුර තොරතුරු සොයාගත හැකි බවටයි ඒ මහතා කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ.
පක්ෂය හැර දමා ගිය සහ අලුතින් එක්වන සියලුදෙනාටම යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව කටයුතු කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කවුරු කුමන පක්ෂයක් නිර්මාණය කළද ඉදිරියේදී ඒවාට පැවැත්මක් නොමැති බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
පුහුණුව සදහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩිකිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා. ඔහු පැවසුවේ විදේශ පුහුණුව සදහා ගොස් ඇති වෛද්‍යවරුන්ගේ පැමිණීමත් සමග විශේෂඥ වෛද්‍ය ගැටලුවලට පිළියම් ලැබෙනු ඇති බවයි. වසර 5 ක් තුළදී අදාළ ගැටලුවට කඩිනමින් පිළිතුරක් ලබා දිය හැකි බවටයි ඒ මහතා කියා සිටියේ.
සංවිධානාත්මක අපරාධකරුවන්ට සැඟව සිටීමට නිවසක් ලබා දුන් බන්ධනාගාර සැරයන්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම බන්ධනාගාර සැරයන්වරයාට අයත් නාවල, රාජගිරිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් මෙලෙස සංවිධානාත්මක අපරාධකරුවන්ට ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. පසුගිය ජූලි මස 14 වැනිදා ගලපිටමඩ පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් චතුවා නමැති සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මෙම නිවස සම්බන්ධයෙන් කරුණු හෙළි වී ඇති බව පොලිසිය පවසනවා. පසුගිය මැයි මස විසි වැනි දින බොරැල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකරන ලද සැකකරුවන්ද මෙම නිවසේ නවාතැන් ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පවසනවා. මෙම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222