Author: VNews
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මේ අතර මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් එම සංඛ්‍යාව හත් ලක්ෂ පනස් නම දහස් දෙසිය දහයක් (759,210) බව, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා.
සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡාවක් කැදවා තිබෙනවා. ඒ අනුව, හෙට එම සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ කියා සිටියේ.
සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිල තරමක ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,100ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල 25,890ක් ලෙස සටහන් වූ අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 225,900ක් ලෙසයි.
කොටුව දුම්රිය ස්ථානයෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා. ඒ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.
මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික යාත්‍රා වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා. මධ්‍යම – නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් ඇති වී තිබීම මීට හේතු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් තිදෙනා සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දෙන බව, මැතිවරණ කොමිසම පවසනවා. ඉන් පසු ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග පොලිසිය ගනු ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළා.
ඉදිරි පැය 36 තුළදී උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මිලිමිටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, සෙසු ප්‍රදේශවලටද මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.
ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන කඳවුර පිහිටි ලෙබනනයේ බේරුට් අගනුවරට යළි ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිස්බුල්ලා සංවිධානයේ අවි ගබඩා මධ්‍යස්ථාන සහ ඔත්තුසේවා මූලස්ථානයේ අණදෙන මධ්‍යස්ථානය ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි. මේ අතර ඊශ්‍රායල විසින් උතුරු ගාසා තීරයට එල්ල කර ප්‍රහාර හේතුවෙන් බෙයිට් ලාහියා නගරයේ පුද්ගලයන් 73 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. හමාස් සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ රාත්‍රියේ එල්ල කළ මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි. එමෙන්ම, එම ප්‍රදේශය තුළ සන්නිවේදන සහ අන්තර්ජාල සේවා ඇනහිටීම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් ද අඩාල වී ඇති බව…
මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ වායූ ගෝලයේ අඩුපීඩන තත්වයක් වර්ධනය වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල යත්‍රා කිරීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර, උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
හලාවත , සිංහපුර ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම ගින්නෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි. එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ කුඩා දරුවෙකු ගින්නෙන් මියගොස් තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222