Author: VNews

කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබද කෙරෙන විමර්ශනයට අදාලව එම රෝහලේ ලේඛන පරීක්ෂාවක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විශේෂ නිලධාරින් කණ්ඩායමක් මේ සදහා පත් කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ. කැස්බෑව ප්‍රදේශයේ පදිංචි මවක් දරු ප්‍රසූතිය සදහා පසුගිය 08 වන දා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ අතර එහිදි ඇය නිවුන් දරුවන් ප්‍රසූත කර තිබුණා. කෙසේ වෙතත් පසුව එම දරුවන් දෙදෙනා වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මියගොස් ඇති බවටයි චෝදනා එල්ල වුණේ. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා අදහස් පළ කළා.

තව කියවන්​න

34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ජාතික තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කල මැදවච්චිය උදාර ශ්‍රීනාත් පුශ්පදෙනිය සහ හර්ශ සදුන් බණ්ඩාර යන ක්‍රීඩකයන් දෙදෙනාට හැකි විය. පසුගිය (23-24) දිනයන් හී හෙයියන්තුඩුව , තරුණසේවා පුහුණු මධ්‍යෂ්තානය එම තරග පැවැත්වුණි. දීර්ඝ කාලයක සිටි වෙරලක් නොමැති මැදවච්චියේ පදිංචි මෙම ක්‍රීඩකයින් දෙදෙනා හට පුහුණුකරු ලෙස සුරේෂ් ජයසේන මහතා කටයුතු කළ අතර මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම.සී මලවිආරච්චි මහත්මිය පුහුණු වීම් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්හ.

තව කියවන්​න

නිපා වෛරසය පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඇන්ටිජන් කට්ටල අවශ්‍ය වුවහොත් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වෛරසය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවදානයෙන් පසුවන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අද දිනයේදී අන්තර්ජාලය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළා. එමෙන්ම අද දිනයේදීත් කැබිනට් මණ්ඩලය රැස්වන අවස්ථාවේදී මෙම වෙරසය සම්බන්ධයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කටුගස්තොට, වට්ටරන්තැන්න පටුමගේදී වටිනා නිල් මැණිකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැණික හිමි පුද්ගලයා දුරකථනයකින් ඇමතූ බකමූණ ප්‍රදේශයේ පදිංචි සැකකරු වටිනා නිල් මැණික මිලදී ගැනීමට පැමිණෙන බවට දැනුම්දී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව තවත් පුද්ගලයෙකු සමඟ සැකකරු මෝටර් රථයකින් පැමිණ ඇති බව සඳහන්. අනතුරුව පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි අයෙකු එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණ අතර, ඔහු පැමිණිලිකරු බිය ගන්වා ලක්ෂ 12 ක් පමණ වටිනා මැණික් ගල පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය කියා සඳහන් කළේ. ඉතිරි සැකකරුවන් සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

මේ අතර මව විසින් ලබා දුන් මව්කිරි සිරවීමෙන් යාපනයේ මාස 3 ක බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම බිළිදාට මව්කිරි ලබාදෙමින් සිටියදී ශරීරය දරදඩු වී ගොස් ඇති අතර පසුව බිළිදාගේ සිරුර නිල්පැහැ වී තිබූ බවටයි වාර්තා වන්නේ. මෙම බිළිදා වඩුකෝඩෙයි රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව සිටි බව අප වාර්තාකරු සදහන් කළා. දරුවාගේ දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර මරණයට හේතුව විජලනය වීම බවද අනාවරණය වී තිබෙනවා.

තව කියවන්​න

හලාවත මුත්තුපන්තිය වෙරළෙන් බිළිදු මළ සිරුරක් හමු වී තිබෙනවා. මෙම බිළිදා දිනක් පමණ වයසැති අතර දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු කාන්තාව සිය දරුවා අතහැර යාමට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. දරු ප්‍රසූතියෙන් පසු නිවසට ගොස් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ මෙම කාන්තාව හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා.

තව කියවන්​න

තරග පාවා දීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදියි. සචිත්‍ර සේනානායක පසුගිය 06 වන දා මෙම තරග පාවා දිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර පසුගිය 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අනතුරුව නැවතත් එම නඩුව 15 වන දා කැඳවූ අවස්ථාවේදී ඔහුව අද දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. 2020 වසරේ දී පළමුවරට පැවති ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයට පෙළඹවීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට චෝදනා…

තව කියවන්​න

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ ප්‍රදේශයේදී නවතා තිබූ බස්රථයක තවත් බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අළුයම 3.45 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර පසුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් වතුපිටිවල රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. මාර්ගයේ නවතා තිබූ බස්රථය වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයක් වන අතර එම බස් රථයේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තව කියවන්​න

ජාතික නීති සතිය අදින් ඇරඹෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ඒ අනුව අද සිට ඔක්තෝම්බර් පළමු වෙනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මක වීමට නියමිතයි. ලබන වසර වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා වසර 50 ක් සපිරෙන අතර ඒ වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත් කළ බවයි නීතිඥ සංගමය සඳහන් කළේ. මෙම සතිය තුළ නොමිලේ නීතිමය උපදෙස් ලබා දීම සදහා මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසදුම් ලබාදීම ද සිදු කිරීමට නියමිතයි. මේ අතර සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මූලික කරගනිමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජේ්‍යෂ්ඨ නීතිඥවරුන් විසින් ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව අද සහ හෙට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව 2016 වර්ෂයේ සිට වාර්ෂිකවම පැවැත්වෙන්නේ අන්තර්ජාතික කථිකාවතක් ලෙසයි. මෙහි සත්කාරකත්වය සිදු කරනු ලබන්නේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් . මෙම සාකච්ඡාවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරමිභ වුනා. ඒ රටවල් 22 ක සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී. මෙහි තේමාව වන්නේ “සමගියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න” යන්නයි.

තව කියවන්​න