Author: VNews

ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට අවසර ලබාදීම පිළිබඳ සාකච්චා වී තිබෙනවා. අදාළ මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මෙලෙස මැණික් ගැරීම සඳහා අවසර ලබා දීමටයි කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී ඇත්තේ. ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් කෘෂිකාර්මික ඉඩම්වල අස්වනු නෙලීමෙන් පසු මැණික් ගල් කැනීම සඳහා මීට පෙර අවසර ලබාදී තිබුනා. නමුත් මේවන විට මහවලි අධිකාරිය එම අවසර ලබාදීම අත්හිටුවා ඇති බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කමිටුව වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ. එයට අමතරව, මැණික් ගල් කැණීමෙන් ලැබෙන ලාභයේ පංගුව පතල් කැණීම් කටයුතුවල නිරත කම්කරුවන්…

තව කියවන්​න

ලෝක හදවත් දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේදී පැවැත්වුනා. එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසුරිය මහත්මිය සඳහන් කලේ අහිතකර ආහාර රටාවද හෘද රෝග ඇති වීමට හේතුවන බවයි. එහිදී අදහස් දැක්වූ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා සඳහන් කලේ හෘද රෝගියකුට කල හැකි මුලික ප්‍රතිකාර පිළිබඳ පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කර සිසුන් ඒ පිලිබඳ දැනුවත් කල යුතු බවයි.

තව කියවන්​න

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ. මේ අතර පවතින අධික වැසි තත්ත්වය සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් තත්ත්වය දක්වා ළඟා වී ඇති බව වාර්තා වනවා. අත්තනගලු ඔය සහ කලු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මෙලෙස අවදානයෙන් පසු විය යුතු මට්ටමක පවතින බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශය පවසන්නේ. කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද…

තව කියවන්​න

මේ වසර අවසන් වන විට සංචාරකයින් ලක්ෂ 15 ක් මෙරටට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බව වැඩ බලන සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ. මේ අතර මත්පැන් මිල අඩු කර කසිප්පු නිෂ්පාදනය නැවැත්විය යුතු බවද අමාත්‍යවරිය පැවසූවා.

තව කියවන්​න

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ගංවතුරත් සමග තවත් විශාල පිරිසක් අවතැන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. නිවාස 15,000ක ගංවතුර නිසා විදුලිය විසන්දි වී ඇති අතර, කේප් ටවුන් ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ග 80ට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන එස්.ඒ ටුවෙන්ටි ලීග් ක්‍රිකට් තරගාවලියේ 2024 අදියර වෙනුවෙන් එම් අයි කේප් ටවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොබින් පීටර්සන් පත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. පීටර්සන් පසුගිය අදියරේ දී එම් අයි කේප් ටවුන් කණ්ඩායමේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළා. 2023 අදියරේ දී කේප් ටවුන් කණ්ඩායම තරග 10කින් තරග 3ක් පමණක් ජය ගත් අතර, හිමි කර ගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි. ඉන්දියාවේ මුම්මබායි ඉන්දියන් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන මුකේෂ් අම්බානි මෙම එම් අයි කේප් ටවුන් කණ්ඩායමේද හිමිකාරීත්වය…

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු කිරීමටයි කටයුතු කර තිබුණේ. පසුගිය 21 වැනිදා ධනුෂ්කගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් කෙරුණා. ඒ අනුව එහි තීන්දුව අද ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමටයි එරට අධිකරණය තීන්දු කරනු ලැබුවේ.

තව කියවන්​න

බර්ලින් ගෝලීය සංවාදය අද ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිවයිනෙන් පිටව ගියා. අද සහ හෙට යන දෙදින මෙම සංවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය අද දිනයේදී පැවැත්වීමට නියමිතයි. බර්ලින් ගෝලීය සංවාදය මගින් සිදු කරනු ලබන්නේ ලෝක නායකයින් එක ස්ථානයක හමුවී ව්‍යාපාර සහ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කරමින් ගෝලීය ආර්ථික අර්බුදවලට පිළියම් සෙවීමයි. එරට චාන්සලර් ඔලාෆ් ශෝල්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමට නියමිත බව ජර්මානු රජයේ ජනමාධ්‍ය හා තොරතුරු කාර්යාලය සඳහන් කර තිබෙනවා. ඊට අමතරව ජර්මානු චන්සලර්වරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද පැවැත්වීමට…

තව කියවන්​න

ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිවශයෙන්ම වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පවසනවා. මෙම වසරේදී එම දිස්ත්‍රික්කයෙන් එවැනි ළමුන් 1439 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොළඹ දිස්ත්‍රික්  කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 320 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් උතුරු කොළඹ සහ මැද කොළඹින් වාර්තා වී ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාණ්ඩලික පන්තියේ ශ්‍රේණි සඳහා කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන ඔක්තෝම්බර් මස 10 වන දිනට වයස අවුරුදු 30 ක් සම්පුර්ණ වන හෝ ඊට අඩු තරුණ වෘත්තිකයන්ට රැකියාව සඳහා අයදුම් කිරීමට හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම අයදුම්කරුවන්ට තරඟ විභාගයකට සහ සම්මුඛ පරීක්ෂණ එකක් හෝ කිහිපයකට පෙනී සිටීම සිදුවන බවද සඳහන්.

තව කියවන්​න