Author: VNews

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනාවලට අදාළ නඩුවෙන් ධනිෂ්ක ගුණතිලක අද නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. ඒ අනුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට පනවා තිබු තහනම පිලිබඳ සලකා බැලීමට තිරණය කර ඇත්තේ. ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුව පසුගිය 18 වැනිදා සිට අඛණ්ඩව දින 4 ක කාලයක් සිඩ්නි නුවර පිහිටි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගනු ලැබුවා. තම සේවාදායකයා කිසිදු අයුරකින් අනාරක්ෂිත ලෙස ලිංගික කටයුතුවල නිරත නොවු බවයි එහිදි ධනිෂ්ක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් සදහන් කර තිබුණේ. විනිසුරු සාරා හගේට් මෙම…

තව කියවන්​න

රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් 100 දෙනෙකු පමණ මේ වන විට විදේශගත වී ඇති බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඉදුනිල් ජයසිංහ මහතා කියා සිටියේ පවතින ආර්ථික ගැටලු ඇතුළු විවිධ හේතු මත එම වෛද්‍යවරුන් මෙලෙස විදෙස් ගතවන බවයි. එබැවින් ආයුර්වේද වෛද්‍යවරුන් මුහුණ දෙන දීමනා ගැටලුවට පිළියමක් ලෙස කඩිනමින් ආයුර්වේද පනත සංශෝධනය කළ යුතු බවයි ඒ මහතා කියා සිටියේ.

තව කියවන්​න

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පවත්වනු ලබන දිනය පිලිබඳ අවසන් තීරණය ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසුවේ විභාගය පිළිබඳ අවසන් තීරණය ඔක්තෝබර් 02 වනදා ප්‍රකාශයට පත් කරන බවයි. 2023 අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 27 වන දා සිට දෙසැම්බර් මස 2 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා. සිසුන්ට විභාගයට සූදානම් වීමට කාලය ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම් මත විභාගය කල්දමන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ. විභාගය පැවැත්වීමේ සංශෝධිත දිනයන් විභාග…

තව කියවන්​න

අඹන්පොළ සහ ගල්ගමුව අතරදී දුම්රියේ ගැටී වන අලි 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරී එම්.ජේ.ඉඳිපොළගේ මහතා පැවසුවේ. අනතුරෙන් දුම්රිය එන්ජිමේ කාර්මික දෝෂයක් හට ගත් අතර මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව යන පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වන ලෙසයි. නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා. මේ අතර කළු ගගේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පැවතීම…

තව කියවන්​න

මහ කන්නයේ වගාවන් සඳහා ලබන මස 5 වැනි දා සිට ජලය නිකුත් කිරීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා. ඒ අනුව පළමුවෙන්ම කලා වැව හරහා යෝධ ඇළට ජලය නිකුත් කිරීම ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ. මේ හරහා මහඉලුප්පල්ලම, කට්ටියාව, කලා වැව, ඉපලෝගම යන ප්‍රදේශවලට ජලය සැපයීමට නියමිතයි.

තව කියවන්​න

අම්බලන්ගොඩ, මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසනවා . යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ මීටියාගොඩ මගවෙල ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි අයකු බවයි පොලීසිය පැවසුවේ. ඔහුගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා . වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .

තව කියවන්​න

අවාරයේ ශ්‍රීපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රීපාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර ශ්‍රීපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුවක් ස්ථාපිත කර ඇති අතර, නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා . අදාළ බලපත්‍ර කවුළු දිනපතා සවස 06 සිට පසුදින උදෑසන 10 තෙක් විවෘත බව සඳහන්. රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන් ගේ චර්යාවන් පිළිබද වනජීවි නිලධාරීන් නිරන්තර සෝදිසියෙන් සිටින අතර, අවාරයේ දී කුරුවිට, දෙහෙනකන්ද, මාරිගොඩ යන මාර්ග වසා තැබෙන බැවින් එම මාර්ගවලින් රක්ෂිතයට ඇතුළු වීම තහනම් බව ද වාර්තා වනවා.

තව කියවන්​න

ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන මස 06 වැනිදා එම විවාදය පැවැත්වීමට තීරණය වූ බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහනධීර මහත්මිය සඳහන් කළේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී මෙම තීරණය ගෙන තිබෙනවා. විපක්ෂය ගෙන එන ලද යෝජනාවකට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා . ඒ අනුව මෙරට සෑම මුස්ලිම් දේවස්ථානයකම නබි තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ආගමික වතාවත් සිදු කෙරෙනවා. ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් ඇතුළු ලොවපුරා සියළු මුස්ලිම් ජාතිකයින් විසින් සමරනු ලබනවා . මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය .

තව කියවන්​න