Author: VNews
ඇමරිකා ජනාධිපතිවරණ අපේක්ෂක ට්‍රම්ප් මහතා බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයට චෝදනා කර තිබෙනවා. කමලා හැරිස්ගේ වෝල්ස් ප්‍රචාරක ව්‍යාපාරයට ආධාර කිරීම සඳහා බි්‍රතාන්‍ය මැදිහත්වී ඇති බවටයි ට්‍රම්ප් චෝදනා කරන්නේ. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයට එරෙහිව ෆෙඩරල් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා.
බිත්තර නිෂ්පාදන සංගම්, වෙළඳ අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා. ඒ ඉහළ ගොස් ඇති බිත්තර මිල පිළිබදව සාකච්ඡා කිරීම සඳහායි. මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් සහ කඩිනම් විසදුම් ලබාදෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබේ. එම වැඩපිළිවෙලට සමගාමීව පසුගියදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හලාවත දිස්ත්‍රික් මහ රෝහලෙන් සහ පුත්තලම මුලික රෝහලෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් හි ප්‍රගතිය සහ රෝහල් සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සදහා විශේෂ නිරික්ෂණයක යෙදෙන ලදි. එහිදී බාහිර රෝගී අංශ, සායන, වාට්ටු, රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි…
චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එසේම චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය ද මෙහිදී සිහිපත් කෙරුණු අතර එම සමීප සබැඳියාව ඔස්සේ දෙරට අතර සමාජ, සංස්කෘතික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ නව ක්‍රමවේදයන් පිළිබඳව ද විමසා බැලිණි.
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු , ගුවන් තැපැල් පාර්සල් 07 ක් 10/21 දින රාත්‍රී විවෘත කර , පරීක්ෂා කළ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් , ඒවා තුළ තිබී රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ . මෙම පාර්සල් ඇමෙරිකාව , එංගලන්තය , කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි . දීර්ඝ කාළයක් මෙම පාර්සල් භාර ගැනීමට හිමිකරුවන් පැමිණ නොසිටි අතර , ඒවායේ සදහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී ,…
මැලේසියාවේ පැවති එම්.ඒ.එම්.මැලේසියා ෆෙස්ටිවල් ඔෆ් ස්පීඩ් – 2024 ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වී , එහි ධාවන තරග ඉසව් දෙකක අවසන් මහා තරග වලදී රන් පදක්කම් 02 ක් දිනා ගත් ෂෙහාන් ගුණසේකර සහ ටෙහාන් අමරසිරි යන සිසුන් දෙදෙනා 10/22 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . මෙම තරගාවලිය මැලේසියාවේ සැපැන් නුවර ලෝකයේ රටවල් 10 ක කුඩා මෝටර් රථ ධාවන ශූරයින් අතර ඉකුත් 10/20 දින පවත්වා තිබුණි . එහිදී වයස අවුරුදු 15 න් පහළ කනිෂ්ඨ අංශය යටතේ තරග කළ 14 හැවිරිදි ෂෙහාන් ගුණසේකර සිසුවා , එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි…
විදේශීය රටකින් ලබා දී ඇති සංචාරකඅනතුරු ඇඟවීම වැනි තොරතුරු පසුගිය රජය සමයේත් ලබා දුන් බවත් එවැනි බුද්ධි තොරතුරු හෙළිදරව් කිරිමකින් තොරව මාධ්‍ය සංදර්ශන වලින් තොරව ඉතා සූක්ෂමව ඒ සඳහා මුහුණ දී ඒවා රැසක් වලක්වා ගැනීමට හැකි වූ බවත් මෙම බරපතල ප්‍රරකාශය තුළ රටේ බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 23 දින පැවසීය දඹුල්ල ප්‍රදේශයේ මහජන රැස්වීමකට සහභාගි වී සිටින අවස්ථාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ විශේෂයෙන්ම විදේශීය රටකින් පනවා ඇති සංචාරක අනතුරු ඇඟවීම බරපතල ප්‍රශ්නයක් බවය මෙරට බුද්ධි අංශවල මොරාල් එකේ අඩුවීමක් ඇති වී තිබෙන බවද…
ආරුගම්බේ ප්‍රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ. එම තානාපති කාර්යාලය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට කඩිනමින් යෝජනාවලියක් සකස් කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරුන් වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ආණ්ඩුකාරවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි.
කහල්ල – පල්ලෙකැලේ අභයභූමිය තුළ පවත්වාගෙන ගිය අනවසර ගොවිපළක ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනකට අසු වීමෙන් වන අලි තිදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙම ගොවිපල පවත්වාගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222