Author: VNews

ජනතාවගේ හඬ මර්ධනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා පවසනවා. වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මෙලෙස විවිධ මර්ධන නීති ගෙන එනු ඇති බවටයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ.

තව කියවන්​න

ඉන්ධන මිල මෙන්ම විදුලි මිල ද වැඩි වීම මගින් ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්වනු ඇති බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා පවසනවා. මෙලෙස රජය විසින් විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කරන්නේ නම් ඊට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප ද දෙගුණයකින් වැඩි කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් විමසා සිටියේ තුන්වන වරටත් විදුලි මිල වැඩිකිරීමට සූදානම් වන්නේ කුමන පදනමකින්ද යන්නයි. එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රජය සිදු කිරීමට නියමිත විදුලි මිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ජනතාව…

තව කියවන්​න

කුරුණෑගල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2,360 ක් සහ මත්පෙති 320 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය, කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. අත්අඩංගුව ගත් සැකකරු වයස අවුරුදු 29 ක පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්. පොලිසිය පැවසුවේ වැඩිදුර විමර්ශන කුරුණෑගල පොලිසිය විසින් සිදු කරන බවයි. මේ අතර කළුතර කැලිඩෝ වෙරලට හැරෙන හන්දිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වල්ලාපට්ට කිලෝග්‍රෑම් 50 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී වල්ලපට්ට ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද වැටලීම සිදු කළ…

තව කියවන්​න

මෙම වසර තුළදි ලාදුරු රෝගීන් දහසක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා. මෙලෙස වාර්තා වී ඇති රෝගීන් අතරෙන් 105 දෙනෙකු ළමුන් වන බවටයි ඒ මහතා කියා සිටියේ.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ එකඟතාවන් කඩිනමින් ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණ කළ හැකි බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අනුව එම අරමුදලෙන් දෙවන වාරිකය කඩිනමින් ලබා ගත හැකි බවටයි ඒ මහතා පවසන්නේ. මේ අනුව එළඹෙන වර්ෂය ආර්ථික වර්ධනයක් කරා ගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බවටයි වැඩබලන මුදල් අමාත්‍යවරයා කියා සිටියේ. සැප්තැම්බර් 17 වන දා සිට 27 වන දා දක්වා මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි පීටර් බෘවර් ප්‍රමුඛ දූත කණ්ඩායම ඉදිර වැඩපිළිවෙල සදහා කරුණු රාශියක් සාකච්ඡා කර තිබෙනවා. එහිදි අවසන් තීරණය වී ඇත්තේ රජයේ ආදායම් වැඩිකර බදු ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවයි.

තව කියවන්​න

විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට සිදු කළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද දිනයේ හෝ හෙට දිනයේදී මහජන උපයෝගිතා කොමිසම වෙත ලබා දීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. පසුගිය කාලයේ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප විදුලිය ලබා ගැනීම සදහා වැය වූ නිෂ්පාදන පිරිවැය ආවරණය කර ගැනීම සදහායි මෙලෙස විදුලි බිල නැවත ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ. ඒ අනුව ගාස්තු සංශෝධන ක්‍රමවේදය අනුව ජනවාරි මාසයේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මාසයේදී සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබුණා.

තව කියවන්​න

චීනයේ පැවැත්වෙන 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කිහිපයක් සඳහා ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවක් සහභාගී වුණා. එහිදී කාන්තා මීටර් 1500 අවසන් තරගය නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ඊයේ පස්වරුවේ තරග බිමට පිවිසියා. කෙසේ වෙතත් එම අවසන් තරගයේ දී සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ඇයට නොහැකි වූ අතර එහිදී ඇය විසින් ඉසව්ව අවසන් කරනු ලැබුවේ සිව්වැනයා ලෙසයි.

තව කියවන්​න

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවස්ථා කිහිපයක දී ප්‍රමාදවීම් පිළිබඳ කරුණු විමසීම සඳහා අද දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. අද පෙරවරු 9.30ට විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන තවත් පුහුණු තරග දෙකක් අද පැවැත්වෙනවා. එහිදී පළමු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරග වැදීමට නියමිතයි. දෙවැනි තරගය නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙම තරග දෙකම අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

කළුතර, කැලිඩෝ වෙරලට හැරෙන හන්දිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වල්ලාපට්ට කිලෝග්‍රෑම් 50ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී වල්ලපට්ට ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයද වැටලීම සිදු කළ නිලධාරීන් භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

තව කියවන්​න