Author: VNews

වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකරගැනීමේ අවස්ථාව ඊයේ අහිමි වුණා. මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම දෙවන ස්ථානය හිමිකරගත්තද පසුව එය නීතිවිරෝධී ජයක් බවටයි තරග බලධාරීන් තීරණය කළෙ. ඒ තරගයට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු යශ්ටිය හුවමාරු කිරීමේදී වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. …………………………………………………………………………………… 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟ තුනක් අද දිනයේදී පැවැත්වෙනවා. එහිදී පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.…

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ තංගල්ලේ පැවති විවාහ උත්සවය වෙනුවෙන් විදුලිය ලබාගැනීම සඳහා වැයවූ බවට සඳහන් හිඟ බිල්පත ගෙවා දැමීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටයුතු කර තිබෙනවා. එහිදී රුපියල් ලක්ෂ 26ක හිඟ බිල්පත ගෙවා දැමීමට කටයුතු කළ බවයි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වීම වැලැක්වීමේ අරමුණිත් තමා මෙම විදුලි බිල්පත ගෙවා දැමීමට කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

තව කියවන්​න

කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසනවා. මේ වනවිට රත්නපුර සහ ඇල්ලගාව ජල මාපාංක වල අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා කළු ගඟේ ජල මට්ටම සටහන්ව තිබෙනවා. ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බවයි එම අංශය සදහන් කළේ. මේ අතර කළු ගඟේ පුටුපාඋල ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ලෙසට පෙන්නුම් කරන අතර, නිල්වලා ගඟේ ජල මට්ටමද නවතම වාර්තාව අනුව යළි ඉහළ යමින් පවතිනවා. එම ගංගාවේ තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවල ජල මාපාංකවල මේ වනවිට දැක්වෙන්නේ සුළු ගංවතුර තත්ත්වයක් ලෙසටයි. බද්දේගම ප්‍රදේශයෙන්…

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද සිට ලබන 6 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත අතර පෙරවරු 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ . ඉන් අනතුරුව පස්වරු 5.00 දක්වා වන කාලය තුල සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, සමථ මණ්ඩල පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා . අනතුරුව පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව…

තව කියවන්​න

පසුගිය දිනවල ශ්‍රී ලංකන් ගුවන්යානා ප්‍රමාදවීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6 ක පාඩුවක් සිදුවූ බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් . මේ අතර මෙරට ගුවන් සේවාවට ඇති අයිතීන්ද රැක ගනිමින් වෙනත් ගුවන් සේවාවන් සදහා ගමන් වාර සීමා පැවැත්වීමට අයිතිය ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා .

තව කියවන්​න

මුලතිව් දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විරෝධතාවක නිරත වීමට සැලසුම් කර තිබෙනවා . ඒ, මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීමට විරෝධය පළ කරමින්. එමෙන්ම තම සේවා කටයුතුවලින් ඊයේ පස්වරුවේ සිට ඉවත් වීමට ද ඔවුන් තීරණය කරනු ලැබුවා . අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත්, මහේස්ත්‍රාත්වරයාට යුක්තිය ඉටුකරන ලෙසත් ඉල්ලා ඊයේ කිලිනොච්චිය නගරයේ දී විරෝධතාවක් ද සංවිධාන කර තිබුණා. මේ අතර උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ 7ක් ලබන හෙට දිනයේදී විරෝධතාවක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ . ඒ අනුව මරුදනාර් මඩමේ සිට යාපනය නගරය දක්වා මෙම විරෝධතාව ක්‍රියාත්මක කිරීමට සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ .

තව කියවන්​න

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා . මේ හේතුවෙන් දිවයින පුරා පිහිටා ඇති සියලු සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන අද දිනයේ දී වසා තැබීමටයි තීරණය කර ඇත්තේ. මෙම දිනය වෙනුවෙන් ලොව පුරා සියලු සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන වසා තැබීම නියමයක් වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලේ . අදාළ කාල සීමාවේ දී යම් ආකාරයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම ස්ථාන සහ පුද්ගලයින් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා .

තව කියවන්​න

අලංකාරණය කල විවිධ අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ 25 කට කොළඹ පොලිස් රථ වාහන කොට්ඨාසය විසින් දැඩි ලෙස අවවාද කිරීමට කටයුතු කරනු ලැබුවා . ඒ, අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරීම සම්බන්ධයෙන්. එහිදී බස් රථ හිමියන්ට පොලිසියෙන් පවසා ඇත්තේ සියලු නීතිවිරෝධී කොටස් ඉවත් කරන ලෙසයි . මෙම බස් රථ මාර්ගවල අනතුරුදායක ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් ජනතාව විසින් විවිධ අවස්ථාවලදී පොලිසියට පැමිණිලි කර තිබු පැමිණිලි අනුව අදාළ අවවාද කිරීම සිදු කර තිබෙනවා . මේ ඒ පිලිබදව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජේෂ්ට පොලිස් අධිකාරි ,නීතිඥ නිහාල් තල්දුව මහතා

තව කියවන්​න

දිනෙන් දින ඉහළ දමන බදු ප්‍රතිපත්තිය ජනතාවට දරා ගත නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන පරිදි ජනතාව පීඩාවට පත් වන ලෙස අත්තනෝමතිකව බදු අය කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

මෙක්සිකෝවේ දේවස්ථානයක වහළක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. බැතිමතුන් සිය දෙනෙකු පමණ දේවස්ථානයේ රැඳී සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එම වහළය කඩා වැටීමෙන් සුන්බුන් අතර සිරවී සිටි 30 දෙනෙකුට අධික ප්‍රමාණයක් ඉවතට ගැනීමට හැකි වී ඇති අතර තවත් කිහිපදෙනෙකු එම සුන්බුන් අතර සිරවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ. ඔවුන් මුදාගැනීම සදහා සහන සේවකයින් ද පැමිණ ඇති බව සදහන්.

තව කියවන්​න