- කැටපත් පවුරේ නම ලියූ තරුණියක් අත්අඩංගුවට
- බීමත් රියදුරන් හත් දෙනෙක් අධිකරණයට
- නීති විරෝධී මත්පැන් බෝතල් 180ක් සමග අයෙක් අත්අඩංගුවට
- ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්
- ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්
- ත්‍රීරෝද රථ අනතුරකින් පෙර පාසල් දරුවන් දෙදෙනෙක් රෝහලට
- උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ නිවේදනයක්
- ඉන්දු පාකිස්තාන ගැටුම ඇරඹෙයි
Author: VNews
ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව අද කොළඹදී ආරම්භ වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ. පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේ කෝවිඩ් 19 වසංගතයෙන් පසුව මෙරදී පැවැත්වෙන විශාලතම සමුළුව මෙය වන බවයි. කලාපයේ රටවල් 39ක පරිසර අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් 300කට අධික පිරිසක් මෙවර සමුළුවට එක්වනු ඇති. එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන හා එක්ව පරිසර අමාත්‍යංශය විසින් මෙවර සමුළුව සංවිධාන කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික් 07ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා. ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි මෙලෙස නායයාමේ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පුහුවැල්ල , වැලිගම , මාතර , අකුරැස්ස ප්‍රදේශවලට ද පළමු මට්ටමේ නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මාතර, වැලිපිටිය , හක්මන ප්‍රදේශවලට එම නිවේදනය බලාත්මක වනු ඇති. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සහ හෙට වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබදව මාතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් විදුහල්පතිවරුන් දැනුවත් කිරිමටයි පියවර ගෙන ඇත්තේ. නායයාම් අනතුරු ඇගවීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය…
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ 2024 ජනවාරි මස හතරවනදා සිට ජනවාරි මස 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. එමෙන්ම අදාළ සංශෝධික විභාග කාල සටහන ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. මේ අතෙර මෙතෙක් 2023 උසස් පෙළ විභාගය සදහා මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වු අයදුම්කරුවන්ට හෙට සිට ලබන 10 වනදා දක්වා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.
වර්ථමාන ආර්ථික අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න පිළිබද බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. තරගකාරි ආර්ථිකයක් කරා රට ගෙනයාමට නම් රටේ මානව සම්පත ඒ සදහා පෙළගැස්විය යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ සංවර්ධිත රටවල් ද ඉදිරියේදී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බවයි.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වන ආඥා පනතට අනුව මහජන සාමය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයින් දෙවන උපලේඛනයේ සදහන් වන ප්‍රදේශවලට අනුයුක්ත කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර ඇති බවයි. එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට දිනයේදී දිස්ත්‍රික්ක 3 ක සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා. ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල එය පැවැත්වීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. මේ අතර අද පෙරවරු 10.30…
තෙවනි වරටත් විදුලි බිල ඉහළ දැමීමක් සිදු කළහොත් ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව දකුණු පළාත් කුඩා සහ මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ වන විට විදුලි බිල යළිත් වරක් ඉහල දැමීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම ජනතාව ද දැඩි විරෝධයක් මතු කරමින් සිටිනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඔක්තෝම්බර් මස පළමුවනදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා. මේ අනුව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේද බේකරි ක්ෂේත්‍රය යළිත් දැඩි අපහසුතාවයට පත් කර ඇති බවයි.
මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය මූලික කරගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද සහ හෙට සිය සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ ඊයේ දිනයේදී ද මුලතිව් හි නීතිඥවරුන් සේවා කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කර ඇති බවයි. මේ අතර මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවණරාජා මහතා විදෙස්ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවද සදහන්. ඒ අනුව අද දින එම කණ්ඩායම් දෙක මුලතිව් ප්‍රදේශයට ගොස් තිබෙනවා.
මෙම වසරේ මාසයක් තුළ ඉපයූ වැඩිම අපනයන ආදායම පසුගිය අගෝස්තු මාසයේදී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය ඩොලර් මිලියන 1119 ක් බවටයි වාර්තා වී ඇත්තේ. නමුත් එම අගය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉපැයු අපනයන ආදායමට සාපේක්ෂව සියයට 87.7 ක අඩු වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා. අපනයන ආදායම අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදෙස් වෙළදපොලෙහි නිමි ඇදුම් සදහා ඇති ඉල්ලුම අඩු වීම බවටයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
ඉදිරි මාස 03 ක කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය දිය යුතු කරුණු 16ක් ඇතුලත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට මුල්‍ය පාලනයේ සහ කළමණාකරණයේ දුර්වලතා රැසක් එමගින් පෙන්වා දීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදල මහබැංකු පරිපාලනයෙන් ඉවත්කරන ලෙසටද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කර තිබෙනවා. ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් පසුගිය මාර්තු 09 වනදා සිට මාර්තු 31 දක්වා කාලය තුළ එහි නියෝජිත කණ්ඩායමක් මෙරට රැඳී සිටිමින් එක්රැස් කළ කරුණු මත පදනම්ව මෙම වාර්තාව සකස් කර තිබෙනවා. මෙම වාර්තාව නිකුත් කෙරුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට අනුමත කළ…
ඊසානදිග පාකිස්ථානයේ අවයව ජාවරම් කළ කල්ලියක සාමාජිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කල්ලිය විසින් පුද්ගලයන් 300ට වැඩි පිරිසකගේ වකුගඩු ලබාගෙන ධනවත් පුද්ගලයන්ට බද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස අත්අඩංගුනය ගත් පිරිස අතර මෙම කණ්ඩායමේ නායකයාද සිටින අතර, ඔහු මීට පෙර පස් වරක් අක්‍රමිකතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අවයව ලබා ගැනීමේදී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇතැම් පුද්ගලයන් නොදැනුවත්ව පෞද්ගලික නිවාස වලදී අවයව ලබා ගැනීම සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මෙම අවයව ජාවාරම් කරුවන් විසින් ලබා ගන්නා ලද වකුගඩු ඩොලර් 120,000ක් වැනි විශාල මුදලකට අලෙවි කර ඇති බවද විදෙස් මාධ්‍ය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222