Author: VNews

මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් (UNFPA) ඇමරිකානු ඩොලර් මිලියන දෙකහමාරකට  අධික වටිනාකමකින් යුත් ප්‍රධානයක් …… ජපන් රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදළ හරහා ශ්‍රී ලංකාවේ වැදගත් ලිංගිකත්වය හා ප්‍රජනක සෞඛ්‍ය සහ අනෙකුත් ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ  මෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන්  ඇමරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් “Health On Wheels- විශේෂයෙන් සකසන ලද ජංගම ඒකක”  ලොරි රථ තුනක් සෞඛ්‍ය අමාත්‍යාංශයට  ප්‍රධානය කිරීම පසු ගිය දින එහිදී  සිදුවිය. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙම පරිත්‍යාගය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ආසියා ශාන්තිකර කළාපයේ …

තව කියවන්​න

ෆේස්බුක් නිර්මාතෘ සහ මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී මාක් සකර්බග් මෙන්ම ඔහුගේ බිරිඳ ඉන්දියාවේ අම්බානි පවුලේ විවාහ උත්සවයකට එක්වීම මේ වන විට විදෙස් මාධ්‍ය තුළ වැඩි අවධානයට ලක්ව තිබෙනවා. ඉන්දීය සම්ප්‍රධායන්ට මුල්තැන දෙමින් ඔවුන් පිළිගෙන තිබූ අතර මෙම තුන් දින විවාහ උත්සවයට ලොව රටවල් රැසක දේශපාලන නායකයන් සහ ආයනත ප්‍රධානින් සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

තව කියවන්​න

ඇමරිකාව විසින් ගාසා තීරයට මානුෂිය ආධාර ලබාදීමේ ප්‍රථම මෙහෙයුම දියත් කර තිබෙනවා.ඒ අනුව ආහාර පාර්සල් 38,000 ක් ගුවන් මගින් මුදාහැර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.ජෝර්දාන ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙලෙස මානුෂිය ආධාර ලබාදී තිබූ අතර, එය ප්‍රමාණවත් නොවන බවටයි විශ්ලේෂකයින් පවසන්නේ.මෙක්සිකෝ දේශසීමාවේ සංචාරයක නිරතවෙමින් සිටින අතරතුර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ලබාදුන් පොරොන්දුවකට අනුවයි මෙලෙස ආහාර පාර්සල් ගුවනින් හෙළා තිබුණේ.

තව කියවන්​න

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි වසර 10 තුළ විශාලතම කෘෂිකර්ම නවීකරණය ක්‍රියාත්මක කරන බවයි. ත්‍රිකුණාමලය, ගලමැටියාව ප්‍රදේශයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ

තව කියවන්​න

දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්කේ. ශිවාජිලිංගම් මහතා හදිසියේ හෘදයාබාධයකට ලක්විම හේතුවෙන් ඔහු ඊයේ  චෙන්නායි වඩපලනි විජායී රෝහලට ඇතුළත් කර තිබෙනවා පසුගිය වසර තුනක කාලය ඇතුළත ඔහුට එවැනි හෘදයාබාධයක් වැළදී ඇත්තේ හතර වන වරටයි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පනවා තිබූ නඩුවක් පසුගිය පෙබරවාරී 29 දා කොළඹ අධිකරණයකදී විභාගයට ගත් අතර ඔහු ඊට සහභාගී වීම සදහා යාපනයේ සිට කොළඹට පැමිණ තිබෙනවා

තව කියවන්​න

නිෂ්පාදන වියදම් ඉහළයාම නිසාල ආපනශාලාවල ආහාර මිල අද සිට ඉහළ දමන බව සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා එහි සභාපති හර්ෂන රුක්ෂාන් මහතා සදහන් කළේල ඒ අනුව ප්ලේන්ටියක් රුපියල් 5 කින් සහ කිරි තේ කෝප්පයක් රුපියල් 10කින් ඉහළ දමන බවයි මීට අමතරව බත් පාර්සලයක් රුපියල් 25කින්ල ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50 කින් මෙන්ම කෙටි ආහාර මිල ද රුපියල් 10 කින් අද සිට ඉහළ දැමෙනු ඇතියි

තව කියවන්​න

ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන පාපැදි සවාරිය සදහා මෙරට ප්‍රමුඛ පෙළේ පාපැදිකරුවන් 108 කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිතයි ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා එක්ව සංවිධානය කරන මෙම පාපැදි සවාරිය ලබන 07 වනදා දක්වා පැවැත්වෙනවා ඒ අනුව පළමු අදියර යටතේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ – ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වන අද පෙරවරු 8ග40 ආරම්භ වන පාපැදි සවාරිය මහනුවර දක්වා කිලෝමීටර 104ග3 ක් ගමන් කිරීමට නියමිතයි දෙවන අදියර යටතේ කිලෝමීටර 137ග2 ක් මහනුවර සිට පොළොන්නරුව දක්වා ගමන් කිරීමට නියමිතයි කිලෝමීටර 654 ක් වන සම්පූර්ණ දුරකින් යුත් අදියර පහකින් සමන්විත මෙම පාපැදි සවාරියේ අවසානය වවුනියාව සිට යාපනය…

තව කියවන්​න

ඒඩන් බොක්කේදී හූති කැරළිකරුවන් ප්‍රහාර එල්ල කළ රුබිමාර් නෞකාව මුහුදුබත්වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රහාරයකට ලක්වූයේ මීට සති දෙකකට පෙරදියි. රතු මුහුදේ යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමෙන් පසු ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන් විසින් යේමනයේ දී ගිල්වා දැමූ පළමු නෞකාව මෙය බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

තව කියවන්​න

කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . කෙසේවෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව සදහන් . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා . මේ අතර දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ,…

තව කියවන්​න

තමන් ඇතුළු විපක්ෂය කිසිදු දිනක රට ආර්ථික ත්‍රස්තවාදයට ඇද දැමූ හොරු සමග ඩීල් දේශපාලනයක් ක්‍රියාත්මක නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ, සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 116 වන අදියර යටතේ හම්බන්තොට – තිස්සමහාරාම – තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් සහ උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

තව කියවන්​න