Author: VNews

  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ .ඒ.- 330 – 200 වර්ගයේ එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානා පැදවීම ද බෙල්ජියම් ගුවන් සේවා නියමුවන් විසින් සිදු කෙරේ .මෙම ගුවන් යානා තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක ( Economy ) පංතියේ ආසන 240 ක් තිබේ .මීට අමතරව ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.320 වර්ගයේ ගුවන් යානයක් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තාවකාලිකව කුළී පදනම මත ලබා ගෙන සේවයට එක් කර තිබේ .

තව කියවන්​න

2010 වසරේ සිට 2023 වසර දක්වා ලොව පුරා සිදුවූ මාර්ග අනතුරු 5%කින් පමණ අඩුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. පසුගිය වසරේ පමණක් මාර්ග අනතුරු හේතුවෙන් ලොව පුරා මිලියන 1.19 පිරිසක් මියගොස් ඇති බව සඳහන්.

තව කියවන්​න

පසුගිය 01 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණු – ආරියම්පති ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එමෙන්ම එම සැකකරුවන්ට එළැඹෙන 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කර ඇති බව පොලීසිය පවසයි.

තව කියවන්​න

කරන්දෙණිය – ගුරුබැබිල ප්‍රදේශයේ දී කාන්තාවක් විසින් තියුණු ආයුධයකින් පහර දී සිය සැමියා ඝාතනය කර තිබේ. දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් අද (03) අලුයම නිවස තුළ දී මෙම ඝාතනය සිදු ව ඇති බව වාර්තා වේ. මිය ගොස් ඇත්තේ, 42 හැවිරිදි එක්දරු පියෙකු බව සඳහන් ය. ඝාතනය සිදු කළ කාන්තාව කරන්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තව කියවන්​න

කිළිනොච්චිය , පුනරීන් මුහුදේදී බෝට්ටු දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පුනරින් ප්‍රදේශයේ දේවස්ථානයක ආගමික උත්සවයක් සදහා ගමන් කරමින් සිටි බැතිමතුන් පිරිසක් රැගත් බෝට්ටු දෙකක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ධීවර බෝට්ටු දෙකක් බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් බෝට්ටු දෙකේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මුහුදට වැටී ඇති අතර අනෙක් පිරිස විසින් ඔවුන්ව බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයේ සිට පවුලේ සමාජිකයන් සමග ඉකුත් මස (23) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ අතරමං වි සිටි ජි.මෙකෝ නෝනා නම් මෙම කාන්තාව ඉකුත් මස (29) දින රත්නපුර එරත්න මාර්ගයේදි එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට හමු වූ බවයි වාර්තා වෙන්නේ. ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට (23) දින හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම හේතුවෙන් ඉදිකටුපහණ ප්‍රදේශයේදි සිය ඥාතින්ට මෙම කාන්තාව අතහැරි ඇති අතර පසුව ඥාතින් විසින් අතුරුදහන් වු කාන්තාව සොයා ඇතත් ඇය හමු නොවු නිසා යලිත් මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයට ගොස් ඒ පිලිබදව මැල්සිරිපුර පොලිසිය වෙත පැමිණිලිකර තිබෙනවා. පැමිණිලි කිරිමෙන් පසු මැල්සිරිපුර පොලිසිය විසින් ඒ පිලිබදව නල්ලතන්නිය පොලිසිය වෙත දැනුම්…

තව කියවන්​න

ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභින් සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මේ අතර, අස්වැසුම වැඩසටහන සඳහා වැරදි තොරතුරු ලබාදුන් 7,000ක ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එලෙස වැරදි තොරතුරු ලබාදුන් බවට තහවුරු වී ඇති නම්, පනත ප්‍රකාර ව අදාළ පුද්ගලයන්ට නිත්‍යනූකූල ව කටයුතු කිරීම සඳහා කටයුතු කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

තව කියවන්​න

කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා සියලුම විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක්. අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන්. විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ හා ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.presidentsfund.gov.lk ඔස්සේ අයදුම්පත, උපදෙස් පත්‍රිකාව සහ සියලුම තොරතුරු භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.03.20 වන දිනට ප්‍රථමව අදාළ ශිෂ්‍යයා…

තව කියවන්​න

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ප්‍රධාන  ශ්‍රවණාගා‌රයේ දී ඊයේ (02) පෙරවරුවේ පැවැත්විනි. මෙම උත්සවය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා‌ගේ ප්‍රධානත්වයෙන් සහ  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය. ශ්‍රී ලංකාව තුල වෛද්‍යවරයෙක් ලෙස නීත්‍යානුකූලව කටයුතු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය වන අතර, මෙහිදී මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීම ද සිදූ කෙරිිනි. එමෙන්ම වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවෙි නිරතවීම පිළිබදව විශේෂ දේශණ ද පවත්වන…

තව කියවන්​න

 කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු , එරට හමුදා සේවයට බදවා ගැනීමට තැත් කිරීමේ ප්‍රයත්නයක් වළකා ගෙන  , ඉන් මිදී , 03/02 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . ඔවුන් අතර  ගම්පහ , මහනුවර , ගම්පොළ , රුවන්වැල්ල , ගාල්ල , මාතර , අකුරැස්ස යන ප්‍රදේශ වල පදිංචි හාඩ්වෙයාර් වල සේවයේ නිරත පුද්ගලයන් රබර් කිරි කපන පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නිරත වී සිටි පුද්ගලයන් ද සිටියහ .මොවුන් මෙම සිදුවීම නිසා බියට පත් වී සිටි අතර …

තව කියවන්​න