Author: VNews
මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය ඊයේ දින (23) හෙද අධ්‍යාපන කටයුතු සදහා විවර කර දීමට කටයුතු කෙරිනි. මාතර හෙද විදුහල සංවර්ධනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 410 ක මුල්‍ය ප්‍රතිපාදන මත ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අද දින සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය විවෘත කිරිම සිදු විය. මීට ප්‍රථම රුපියල් මිලියන 165 ක වියදමින් නේවාසිකාගාර සංකීර්ණයක් සහ රුපියල් මිලියන 65 ක වියදමින් පරිපාලන ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කර ඇත. මෙම දේශණ ශාලා සංකීර්ණය ලබාදීමත් සමග මාතර හෙද විදුහල…
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි,මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය දැන් පූනේහිදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. තරග 3කින් යුත් තරගාවලියේ පළමු තරගයේ ජය නවසීලන්තය සතු වුනා.
2019 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම, මරා දැමීම යන චෝදනා එල්ල කරමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම නොවැම්බර් මස 29 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නියෝගය අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ නඩු…
පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා වනවා. සැකකාර 17 හැවිරිදි තරුණයා ඔහුව සපා කෑ සුනඛයෙකු ගේ ගෙල කපා හිමිකරුගේ වත්තට දැමීම සහ ඔහුගේ මවට පහරදී අත කඩා දැමීමේ චෝදනාවට ලක් වූවකු බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ අළුබෝමුල්ල පමුණුගම පදිංචිව සිටි සික්කු හේවගේ පියදාස ඩයස් (80) යන අය ඉකුත් 15 දා ඝාතනය කර තිබුණා. මෙම සැකකාර 17 හැවිරිදි තරුණයා පවත්වාගෙන යන පෙම් සබඳතාවයක් මුරකරු විසින් එම මධ්‍යස්ථානයේ කළමනාකාරිණියට දැනුම් දීම ඝාතනයට හේතුවක් බව පැවසෙනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු විය. උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටලු විසඳීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය. ඒ අනුව සහයෝගිතාව වර්ධනය කර ගනිමින් දෙරටේ ධීවරයන්ගේ ගැටලු සඳහා දීර්ඝකාලීන විසඳුමක අවශ්‍යතාව දෙපාර්ශ්වය විසින් අවධාරණය කරනු ලැබීය. එසේම දෙරට මුහුණ දෙන පොදු අභියෝග ජය ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය. තවද ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක ඉන්දීය ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයක් ද මෙම හමුවේදී සිදු කරන ලදී. ඉන්දියානු ණය මඟින් අරමුදල් සපයන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් කරුණු…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතය. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී අද පස්වරු 2.30 තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇති බව වාර්තා වෙයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය කඩුළු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
අදාළ සරසවි සිසුවා ඇතුළු පිරිසක් අද අළුයම කැළණිය විශ්වවිද්‍යාලයේ සී.ඩබ්ලිබ්.ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගරයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජීවිතක්ෂයට පත් වූ අදාළ සිසුවා මුත්‍රා කිරීම සඳහා නේවාසිකාගාරයේ සිව්වන මහලේ ජනේලයක් මතට නැග ඇති බවද පොලිසිය පැවසුවා. බීමතින් සිටි ඔහු ඉන් පහළට ඇද වැටී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
උදය ගම්මන්පිළ පසුගිය දා පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කළ හෙළිදරව් කිරීම විශාල කාළබෝම්බයක් වේ යැයි තමන් බලාපොරොත්තු වූවත් , එය කන්දක් විළිළා , මීයෙක් වැදුවා වගේ වූ බවත් , රටේ ජනතාව එම ප්‍රකාශ ගනන් ගන්නේ නැති බවත් ප්‍රවීන රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතා 10/22 දින පෙරවරුවේ මීගමුව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටලයේ පැවති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ පක්ෂයේ වැඩමුළුවක දී පැවසීය . නව රජය බලයට පත් වී තවමත් මාසයක කාළයක් සම්පූර්ණ වී නොමැති මෙවන් අවස්ථාවක , රජයටත් යම් කාළයක් , අවස්ථාවක් ලබා දිය යුතු බව තම පක්ෂයේත් , තමාගේත් පෞද්ගලික අදහස බව රන්ජන් රාමනායක මහතා පැවසීය . පසුගිය පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්…
බිත්තර නිෂ්පාදන සංගම් අද (23) වෙළඳ අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා. ඒ ඉහළ ගොස් ඇති බිත්තර මිල පිළිබදව සාකච්ඡා කිරීම සඳහායි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222