Author: VNews

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොම්පඤ්ඤ වීථිය දුම්රිය ස්ථානය අසල දුම්රිය සේවකයන් සහ ජනතාව විරෝධතාවක් සිදුකිරීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව තිබුණා.

තව කියවන්​න

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා. මේ අනුව එම අයදුම්පත් මේ මස 22වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම අයදුම්පත් www.onlineexams.gov.lk/eic ඔස්සේ ඉදිරිපත් කළ හැකි බද සඳහන්.

තව කියවන්​න

නැව් ඇනවුම් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මාසයේදී කොරියානු නැව් සාදන්නන් විසින් චීනය අභිබවා ගොස් තිබෙනවා. මේ අනුව ගෝලීය වෙළදපොලේ අංක එකේ ස්ථානයට පත්වීමටයි කොරියානු නැව් සාදන්නන් සමත්ව ඇත්තේ. බි්‍රතාන්‍ය නැව් තැනීමේ සහ නැව් වෙළදපොළ විශ්ලේෂණ සමාගමක් වන ක්ලාක්සන් රිසර්ච් අනුව පසුගිය මාසයේ ගෝලීය නැව් ඇණවුම් ප්‍රමාණය නැව් 100 ක් වූ අතර ඉන් නැව් 28 ක්ම කොරියාවේ නිෂ්පාදනය කර තිබුණා.

තව කියවන්​න

රජයෙන් ලබා දුන් ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රගතිය ඉදිරි මාස 06 තුළ පෙන්විය යුතු බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අද පෙරවරුවේ අමාත්‍යංශයේදී පැවති වි‍ශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එසේ නොවුණහොත් 6000ක පමණ සේවකයින්ගේ රැකියාවල අස්ථාවරභාවයක් ඇතිවන බවයි. පසුගිය කාල පරිච්ඡේදයේ විටින් විට ශ්‍රි ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් වල ඇති වූ ප්‍රමාදයන් නිසා ගුවන් මගීන්ට සිදු වූ හිරි හැර සහ බාධාවන් හේතුවෙන් ගුවන් සමාගම විශාල ලෙස දෝෂ දර්ෂණයට සහ විවේචනයන්ට ලක් වුණා. ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවය බැංකු සහ ආයතන…

තව කියවන්​න

කැනඩාවේ ඔටාවා අගනුවරදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකකියන්ගේ අවසන් කටයුතු ධනුෂ්ක වික්‍රමසිංහගේ අවසරය මත ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානය මඟින් සිදුකිරීමට නියමිතයි. එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ සිය නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුණේ පසුගිය බදාදා රාත්‍රී කාලයේ දීයි . එම ඝාතනය කළ ෆ්‍රෑන්ක්ද සොයිසා නැමැති 19 හැවිරිදි සැකකරු සියදිවි හානි කර ගැනීමේ සිතුවිල්ලෙන් සිටි අයෙක් බව එහි බෞද්ධ විහාරස්ථානයේ පූජ්‍ය මහගම සූනීත හිමියන පවසා තිබෙනවා .

තව කියවන්​න

අගනුවර ශීත කාමරවල සිට සිදු කෙරෙන රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය සිය රජයක් යටතේ බිම් මට්ටමේ සිට සිදු කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවති දැදිගම නගරයේ පැවති ජනපවුර ජන රැළියට එක්වෙමින්. විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ සමගි ජන බලවේග රජයක් යටතේ ගෘහයේ කාන්තාව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ජීවනාලිය බවට පත්කරන බවයි.

තව කියවන්​න

පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 25වනදා සුලවේසි සිට ජකර්තා අගනුවර දක්වා පියාසර කරමින් සිටියදී මිනිත්තු 28 ක පමණ කාලයක් අදාළ නියමුවන් දෙදෙනාට නින්ද ගොස් තිබු බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කලේ. කෙසේ වෙතත් මේ වන විට ගුවන් නියමුවන් දෙදෙනාගෙම සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

තව කියවන්​න

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය සේවකයින්ට ප්‍රදේශවාසීන් විසින් පහරදීමක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තව කියවන්​න

ස්විට්සර්ලන්තයේ ඇල්ෆ් කදුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන් වූ ස්කී ක්‍රීඩකයින් 5 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අතුරුදන් වූ තවත් පුද්ගලයෙකු සොයමින් සිටින බවයි එරට බලධාරින් සදහන් කළේ. පසුගිය සෙනසුරාදා දිනයේ අදාළ කදුවැටිය තරණයට ගොස් සිටි මෙම ක්‍රීඩකයින් 6 දෙනා කදුවැටියෙන් ලිස්සායාමේ පුවතක් වාර්තා වී තිබුණා. අදාළ ක්‍රීඩකයින් සියලුදෙනාම ස්විට්සර්ලන්ත ජාතිකයින් බවත් ඔවුන් අවුරුදු 21 ත් 58 ත් දක්වා වයස්වල පසුවන්නන් බවත් එරට බලධාරින් වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

දිවයිනේ තෝරාගත් රෝහල් 17 ක් ඉදිරිපිට හෙට දිනයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. මේ අනුව හෙට දහවල් 12 සිට 2 දක්වා මෙම උද්ඝෝෂණ මාලාව පැවැත්වෙන බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සදහන් කළේ. සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම සහ රෝහල් සේවාව පවත්වාගෙන යාමේදී ඊට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීමට විරෝධය පළකරමින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක බවට රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න