Author: VNews

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද පැවැත්වෙනවා. පළමු අවසන් පුර්ව තරගය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ පාකිස්ථාන ශහීන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ඕමානයේ අල් අමේරාත්හිදී පැවැත්වෙන තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

අසත්‍ය, අවලාදාත්මක සහ අපහසාත්මක කරුණු සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම පිළිබඳ අපරාධමය චෝදනා එල්ලකරමින් විමර්ශනයක් සිදු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.  පොලිස් පැමිණිල්ලේ දැක්වෙන්නේ, තමන්ට අසත්‍ය වූ ද, අවලාදාත්මක වූ ද, සැලසුම් සහගත හා සචේතනික ආකාරයේ චෝදනා රැසක් එල්ල කරමින් සමාජ මධ්‍ය මගින් එයට ප්‍රචාරයක් ලබා දී තමාගේ කීර්තියට හානි කර ඇති බවයි.  රත්තොට පොලීසිය වෙත සාපරාධී අපහාසය පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව කවිරත්න මහත්මිය ජනමාධ්‍ය හමුවේ පැවසූවේ, 2022 වසරේ හොඳම කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස ද, 2023 – 24 ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත තමන් ළමා සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දේශීය හා විදේශීය පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු බව ය.…

තව කියවන්​න

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. එහි ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පැවසුවේ එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තෙවන සමාලෝචනය සදහා සාධනීය තත්ත්වයක් බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ළගදීම සිදුකෙරෙන තෙවන සමාලෝචනය කඩිනමින් සිදුකිරීමට අවස්ථාව උදාවන බවයි ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජනාධිපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එම රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවල අරමුණයි. ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව කැප වී සිටින අතර ලොව සියලු රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කර ගැනීම සහ ආර්ථික, දේශපාලන හා සමාජීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.

තව කියවන්​න

සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයකින් සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඔවුන් හට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය වන්නේ නම් 071-8592651 යන දුරකථන අංකය අමතා දැනුවත් කිරීමක් කරන ලෙසයි පොලිසිය දන්වා සිටින්නේ. මෙම දුරකථන අංකය පොලිස් සංචාරක හා නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාගේ වන අතර ඔහු විසින් අවශ්‍යතාවය පිලිබඳ සොයා බලා සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 21 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී  කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දෙදෙනෙකු (‍02), යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 21 වන දින අළුයම නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින්, සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එහිදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා…

තව කියවන්​න

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවුණු මාස 9 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1056ක් වන්දි වශයෙන් ලබාදීමට කටයුතු කළ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ. මේ අනුව පසුගිය මාස 9 තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 570 කි. එම කාලය තුළ විවිධ පැමිණිලි 3351ක් කාර්යාංශයට ලැබී තිබෙන අතර, ඉන් 1177 කට විසඳුම් ලබාදී…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය අවම කිරීමේ වැඩසටහන් (Antimicrobial Resistance Prevention Activities) තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කාර්යාලයේ දී ෆ්ලෙමින් අරමුදල අදියර II සදහා වූ ගිවිසුම (එක්සත් රාජධානිය – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය) සදහා අත්සන් තබන ලදි. ශ්‍රි ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද, පරිසර, වනජීවි, වනසම්පත්, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා ද, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා ද, අත්සන් කරනු ලැබූ අතර, බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා විසින් අත්සන් තබන ලදි. ප්‍රතික්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය ප්‍රථමයෙන්ම ලොවට හදුන්වා දුන් විද්‍යාඥ අලෙක්සැන්ඩර් ෆ්ලෙමින් අනුස්මරණය කිරිම සදහා එක්සත්…

තව කියවන්​න

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින්, කිරින්දේ සිට නාවික සැතපුම් 179 ක් (කිමි 331 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී අනතුරකට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ගාල්ල වරාය දෙසට රැගෙන ඒමෙන් පසු අද දින (2024 ඔක්තෝබර් 23) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු  කෙරිණි. කප්පරතොට ධීවර වරායෙන් 2024 ඔක්තෝබර් මස 15 වන දින ධීවරයින් පස් දෙනෙකු (05) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Hansana 01” (ලියාපදිංචි අංක IMUL-A- 1149 MTR) නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු, ධීවර කටයුතු සිදුකරමින් සිටියදී හදිසි අනතුරක් මත ඇඟිල්ලකට සිදුවු තුවාලයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත. එම ධීවරයා වෙත…

තව කියවන්​න

 ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු 10/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ . ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල වීමට සැළසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැදී සිටීම අවදානම් බව ප්‍රකාශ වීමත් සමග , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඔවුන් පිටත් කර හැරීම සදහා පියවර ගෙන තිබුණි . මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස 10/24 දින අලුයම 03.03 ට ඩුබායි බලා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානයෙන්…

තව කියවන්​න