Author: VNews

කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසූ ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය පවසනවා එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා . සැකකරු කෑගල්ල පරගම්මන ලිදුල පදිංචිකරුවෙක් . ව්‍යාජ ලෙස සකස් කරන ලද අධිකරණ නියෝග සහිත වාර්තා , ව්‍යාජ ඔප්පු ව්‍යාජ පත් ඉරු, පොලිස් වාර්තා ,රියදුරු බලපත්‍ර ,හැඳුනුම්පත් , නොයෙකුත් උපාධිපාඨමාලා හැදෑරූ සහතිකපත්, බාහිර උපාධි පාඨමාලා සහතික පත්, ජල බිල්පත් ,විදුලි බිල් පත් ව්‍යා,ජ නිලමුද්‍රා ඇතුළු ඒවා සකස් කිරීමට යොදාගත් උපකරණද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

තව කියවන්​න

අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . 2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් පිළියෙල කොට ක්‍රියාත්මක කිරීම පිණිස 2023-4-17 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇති බවද සදහන්. ඒ අනුව අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් අවුරුදු තුනක් ඇතුළත ආර්ථික සමාජය හා මානසික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා .

තව කියවන්​න

වසර 4කට පෙර සම්මත කළ සංක්‍රමණික නීතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. 2019 වසරේ සම්මත කළ පුරවැසි සංශෝධන පනත ඉන්දීය මහ මැතිවරණයට සති කිහිපයක් තිබිය දී ක්‍රියාවට නැංවීම විශේෂත්වයක්. මෙම නීතිය මුස්ලිම් විරෝධි බවටයි චෝදනා එල්ල වන්නේ. 2019 වසරේ දී මෙම පනත සම්මත වීමත් සමග ඉන්දියාව පුරා විරෝධතා ආරම්භ කෙරුණු අතර විශාල පිරිසක් මිය ගොස් තවත් රැසක් පොලිස් අත්අඩංගුවට පත්වුවා. මේ වන විට එලෙස පැන නගින විරෝධතා මැඩ පැවැත්වීමට අවශ්‍ය නීති සකස් කර ඇති බවයි එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කරන්නේ.

තව කියවන්​න

දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද දහවල් 12 සිට උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ. වැටුප් වැඩි කිරීම ප්‍රමාද වීම සහ තමන්ගේ කටයුතුවලට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

තව කියවන්​න

කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක් අලුතින් ස්ථාපිත කරන බවයි. දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ලේකම්වරයා පැවසීය. මේ වසරේ දෙසැම්බර් මස 31 වෙනි දාට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

තව කියවන්​න

වවුනියාව මඩුකන්ද ජාතික පාසල් භූමියේ තිබී පුපුරා නොගිය මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ හතක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා . කසල සහිත ස්ථානයක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් සුද්ධ පවිත්‍ර කිරීමේදී පොළව යට තිබූ මෙම මෝටාර් උණ්ඩ හමුවී අ‍ැති බව විශේෂ කාර්ය බලකාය කියාසිටියා . පසුගිය යුද සමයේ භාවිතා කොට අ‍ැති මෙම පුපුරණ ද්‍රව්‍ය කවුරුන් විසින් රැගෙන අ‍ාවේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් හමුවූ මෝටාර් උණ්ඩ දැඩිලෙස දිරාපත්ව තිබූ බවත් සඳහන් කළා මෝටාර් උණ්ඩ තැන තැන විසිරී තිබු බවත් එ‍්වා පිපිරී ගියේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩතිබූ බවත් පැවසුවා වවුනියාව මහෙස්‌ත්‍රාත් අධිකරණ නියෝග යටතේ හමුවූ මෝටාර් උණ්ඩ පොලිස් විශේෂ කාර්ය…

තව කියවන්​න

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉන්දියාව බලා පිටත්ව ගියා . ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ ආරාධනය මත එහි පැවැත්වෙන පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම පාඨලී චම්පික රණවක මහතාගේ ඉන්දීය සංචාරයේ අරමුණයි.

තව කියවන්​න

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ජනාධිපති ධුරයට පත් වුවහොත් පැය 24ක් තුළ රුසියානු යුක්ක්‍රේන යුද්ධය අවසන් කරනු ඇති බව හංගේරියානු ජනාධිපති වික්ටර් ඕබන් ප්‍රකාශ කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව විසින් යුක්ක්‍රේනයට ලබා දෙන මුදල් සහ අවි ආයුධ තහනම් කිරීම මගින් එම ක්‍රියාමාර්ගය ගනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

අයි සී සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා. එහි දෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමට හිමිව ඇති අතර, ශ්‍රේණිගත කිරීම් අනුව තෙවන ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි. මෙම ශ්‍රේනිගතකිරීම් අනුව 9 ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, වයඹ, දකුණ සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දහවල් කාලයේදී වැඩබිම්වල සේවය කරන පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණැති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. නිවස තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබදව අවදානය යොමුකරන ලෙසත්, කුඩා ළමුන් තනිව වාහන තුළ රඳාව නොයන ලෙසත් එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා කියා සිටියා. මේ අතර අත්‍යාවශ්‍ය නොවන කටයුතුවලට සිදුකරන ජල පරිභෝජනය අවම කරන ලෙසටයි ජාතික ජලසම්පාදන…

තව කියවන්​න