Author: VNews

සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාවට සහාය වන තීන්දු දෙකක් ජපාන දිස්ත්‍රික් උසාවියෙන් ලබා දී තිබෙනවා. ඒ අනුව ජපානයේ සමලිංගික විවාහ තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි යළිත් අධිකරණය තීන්දු කර ඇත්තේ. දැනට සමලිංගිකයින් සඳහා පැහැදිලි නීතිමය ආරක්ෂාවක් ලබා නොදෙන එකම G7 රට ජපානය වන අතර සමලිංගික සංගම්වලට ඉඩ ලබා දෙන එකම රට වන්නේ තායිවානයයි. මේ සඳහා මහජන සහයෝගය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බැවින් අගමැති ෆුමියෝ කිෂිඩාගේ රජය මෑත වසරවලදී මෙම ගැටලුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ඡන්ද විමසීම්වලින් පෙන්නුම් කරන්නේ ද ජනගහනයෙන් 70%ක් සමලිංගික සංගම්වලට සහාය දක්වන බවයි.

තව කියවන්​න

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍යංශ ලේකම් ඇතු`ඵ සිව්දෙනෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මේ අනුව ප්‍රමිතියෙන් තොරව එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළ නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

තව කියවන්​න

වසර 70 කට වැඩි කාලයක් යන්ත්‍රයක් ආධාරයෙන් ශ්වසනය කළ පෝල් ඇලේක්සැන්ඩර් නොහොත් ‘මෑන් ඉන් ද අයන් ලන්ග්‘ නම් පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අමෙරිකාවේ ඩලාස් හි රෝහලකදී මියයන විට ඔහු 78 වැනි වියේ පසුවුනා. වයස අවුරුදු 6 දී පෝලියෝ වෛරසය වැළඳුණු පෝල් ඒ හේතුවෙන් අංශභාග රෝගයටද ගොදුරුව තිබුනා. ඉන්පසුව ඔහුගේ සිරුරේ පහළ කොටස අප්‍රාණික වී ඇති අතර එතැන් පටන් ඔහු ජීවත්වූයේ මෙම කෘත්‍රීම පෙනහළු යන්ත්‍රය ආධාරයෙනුයි. ඔහු ඉතිහාසයට එක්වන්නේ කෘත්‍රීම පෙනහළු යන්ත්‍රයක ආධාරයෙන් වැඩිම කලක් ජීවත්වූ මිනිසා ලෙසයි. තම මුව භාවිත කරමින් සිතුවම්කරණයේ සහ ලේඛනයේ නිරත වූ පෝල් ග්‍රන්ථයක්ද රචනාකර ඇති අතර, ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක්ද ලබා තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව මේ වන විට කරාබු නැටි නිෂ්පාදනයෙන් දැඩි පසුබෑමකට ලක්ව තිබෙනවා. පසුගිය වසරේ ඇදහැ`ඵණු අධික වර්ෂාපතනය මෙම තත්ත්වයට හේතු වී ඇති බව සදහන්. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපනයන කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී. දිස්නා මහත්මිය පැවසුවේ කරාබුනැටි අපනයන ප්‍රමාණය ටොන් 1000 ට වඩා පහත වැටී ඇති බවයි. සාමාන්‍යයෙන් වසරකට කරාබුනැටි ටොන් 4000 ත් 6000 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන නමුත් මෙම වසරේ සමස්ත නිෂ්පාදනය ටොන් 600 ත් 700 ත් අතර වනු ඇති බවට පුරෝකථනය කර ඇති බවයි ඒ.පී.පී. දිස්නා මහත්මිය පැවසුවේ. එමෙන්ම පවතින හිඟය හමුවේ කරාබුනැටි මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට කරාබුනැටි කිලෝග්‍රෑමයක මිල සටහන් වන්නේ…

තව කියවන්​න

අද පස්වරු 4 ට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ,  දුම්රිය ස්ථානාධිපතිවරුන්ට කිසිදු තොරතුරක් ලබා නොදී ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින්. කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙනවා.

තව කියවන්​න

අලුත් අවුරුදු සමය වෙනුවෙන් කුකු`ඵ මස් හිඟයකින් තොරව සැපයීමට හැකි බව කුකු`ඵ මස් නිෂ්පාදකයින් පවසා තිබෙනවා. ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදියි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව කුකු`ඵ මස් කිලෝග්‍රෑමයක් 1150 කට හිඟයකින් තොරව අලෙවි කළ හැකි බව ද ඔවුන් පවසා තිබෙනවා. මේ අතර ඕනෑම බිත්තර ප්‍රමාණයක් සීමාවකින් තොරව ලංකා සතොස අලෙවි සැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ අනුව බිත්තරයක් රුපියල් 43 කට මිලදී ගත හැකි බවයි සදහන් වන්නේ. මෙම සහනය අද සිට අප්‍රේල් මස 13 වන දා දක්වා ක්‍රියාත්මක බවයි පසද යාපා…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු සිදුකිරීමට රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බැවින් ප්‍රධාන දේශපාලන පක්ෂ ඊට සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා. ඒ තුළින් මෙරට ආර්ථික අර්බුදය වළක්වා ගැනීමට හැකි බවටයි ඒ මහතා කියා සිටියේ. මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කාළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව පිළිබදව එහි නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සදහා විපක්ෂයේ පක්ෂ නායකයින්ට සාකච්ඡාවක් ද ජනාධිපතිවරයා විසින් ලබාදුන්නා. කෙසේ වෙතත් ඒ සදහා සමගි ජනබලවේගය මෙන්ම ජාතික ජනබලවේගය ඇතු`ඵ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ඒ සදහා සහභාගි වූයේ නැහැ. ඉලෙංගෙයි තමිල්…

තව කියවන්​න

යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 1017 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 924ක් සහ අපරාධ අංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 99 දෙනෙකු රැදවුම් නියෝග යටතේ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. මේ අතර පොලිසිය සහ යුධ හමුදාව එක්ව අද හැටන් බස් නැවතුම්පොලේදී පැය දෙකක විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළා. අප වාර්තාකරු පැවසුවේ පොදු ප්‍රවාහන සේවා වලින් ගමන් ගන්නා මගීන්ව හදිසි පරීක්ෂාවට ලක්කළ බවයි. මෙහිදී සැකපිට තරුණයින් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල හෙට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් දිවයිනේ අනිකුත් ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා කියා සිටියේ.

තව කියවන්​න

හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කළ ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු බව සොයාගන්නා විටත් එම ඖෂධවලින් සියයට 90 ක්ම රෝගීන්ට ලබාදී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විගණන වාර්තාවක් උපුටා දක්වමින් සදහන් කළේ අතැම් ඖෂධ මිලදී ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබාදීමටත් පෙර තාක්ෂණික ඇගයීම් වාර්තා නිකුත් කර ඇති බවයි. එමෙන්ම කල්ඉකුත් වීමට ආසන්න ඖෂධ හැකි ඉක්මනින් භාවිතයට ගන්නා ලෙස දන්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය ලිපියක් නිකුත් කර ඇති බවයි එම සංගමය කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න