Author: VNews

2024 රුසියානු ජනාධිපතිවරණය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පස්වැනි වරටත් රුසියානු ජනාධිපති ධුරය ඉල්ලා සිටින ව්ලැද්මීර් පූටින්ට නියත ජයග්‍රහණයක් ලැබෙනු ඇති බවටයි මත පළ වී ඇත්තේ. කලාප 29 ක පළමුවරට ඡන්දය භාවිත කරන්නන්ට මාර්ගගත ක්‍රමයට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. එමෙන්ම විදේශයන් හි සිටින රුසියානුවන්ට ද එම රටවල රුසියානු තානාපති කාර්යාල වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි වීමද විශේෂත්වයක්. පූටින්ට එරෙහිව අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඉදිරිපත්ව තිබූ නමුත් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදින් ඒ අතර නොමැති බවද එරට දේශපාලන වාර්තා පෙන්වා දෙන්වා.

තව කියවන්​න

පොතුවිල්, මාන්නච්චේන, කෝමාරිය ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් විදේශිකයෙකු මියගොස් තිබෙනවා. ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු අදාළ ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. තුවාලකරුවන් පොතුවිල් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස එක් අයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලි ජාතික 50 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

තව කියවන්​න

දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම 70%ක පමණ ප්‍රමාණයකට පහත බැස තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ දැනට පවතින තත්ත්වය හමුවේ විදුලිය පැය 24 පුරාම ලබා දීමේ හැකියාවක් පවතින බවයි. මේ අතර මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හමුවේ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. මේ වනවිට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 25 කින් පහළ බැස ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 23 කින් පහළ බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

තව කියවන්​න

කැනඩාවේ, ඔටාවාහි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා. එහිදී ඔටාවා අධිකරණය සඳහන් කර ඇත්තේ ඉදිරිපත්ව තිබෙන තොරතුරු සියල්ල විමර්ශනය කර ෆෙබ්‍රියෝ ද සොයිසාට මානසික ආබාධයක් තිබේද යන්න පරීක්ෂා කරන ලෙසයි. මේ අනුව නඩුව ඉදිරි දිනකදී යළි කැඳවීමට තීරණය කළ ඔටාවා අධිකරණය නියෝග කළේ, කඩිනමින් මෙම 19 හැවිරිදි තරුණයා මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර එම වාර්තාව අධිකරණයට ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් ඔටාවා විශ්වවිද්‍යාලයේ මානසික සෙඛ්‍ය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ මෙම ඝාතන සිද්ධියේ ස්වභාවය අනුව ෆෙබ්‍රියෝ ද සොයිසා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු විය හැකි බවටයි. සැකකරුගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදීන් විමසා…

තව කියවන්​න

2021/2022  අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්‍ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ. මාර්ගගත ක්‍රමය (Online)  ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ම මෙවර සිදු කරනු ලබයි. 2024.03.15 දින දහවල් 12.00න් පසුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි අතර අයදුම්  කිරීමේ කාල සීමාව 2024.04.05 දිනයෙන් අවසන් වේ. 2024.03.15 දින දහවල් 12.00ට පෙර ඇතුළත් කර…

තව කියවන්​න

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මේ වන විට අයදුම්පත් එක් ලක්ෂ තිස් දහසක් දෙවැනි වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇති බවයි. තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පළමු වටයේ ලැබුණු අභියාචනා සහ විරෝධතා දොලොස් ලක්ෂ විසි හත්දහසෙන් දෙලක්ෂ දොලොස් දහසක් පමණ එකම පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැබෑ විරෝධතා සහ අභියාචනා ප්‍රමාණය නව ලක්ෂ හැට හයදසක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව ඉන් විරෝධතා සහ…

තව කියවන්​න

මෙරට රත්තරන් වෙළඳපොල තුළ රන් මිල ඉහළ ගොස් තිබෙනවා මේ අනුව අද දිනයේ කැරට් 22ක රන් පවුම රු.172,700.00 ලෙස සටහන් වී ඇති බවයි සඳහන් වන්නේ. එමෙන්ම කැරට් 24 රන් පවුම රු. 188,350.00ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට ආරම්භ වීමට නියමිතයි. මේ අනුව හෙට සවස 2 ට චිතගොන් හිදි තරගය ආරම්භ වනු ඇති. දෙරට අතර පළමු එක්දින තරගය කඩුලු 6 කින් ජයගැනීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා.

තව කියවන්​න

නවසීලන්ත කණ්ඩායම එළෙඹෙන අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ සංචාරයක නිරත වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබෙනවා. මෙම සංචාරයේ දී දෙරට අතර පන්දුවාර විස්සයි 20 තරග 5 කින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. පළමු තරග තුන රාවල්පින්ඩි හී දී අප්‍රේල් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. අප්‍රේල් 25 හා 27 යන දිනවලදී අවසන් 20 යි 20 තරග දෙක ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලිය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහනත් සමග ඝට්ටනය වීම හේතුවෙන් ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් පාකිස්තාන තරග සංචාරය සදහා එක් නොවනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

තව කියවන්​න

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීලි පැනීම නිසා අත්හිටුවා තිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මීට සුළු මොහොතකට පෙර යථා තත්වයට පත්කර තිබෙනවා. කෙසේ වෙතත් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පස්වරු 5.00 න් පසුව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති බව සඳහන්. පෙරවරු 10.00 ට පමණ වූ පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට පැය 6කට අධික කාලයක් බාධා ඇති වුණා.

තව කියවන්​න