Author: VNews

උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග චර්ම රෝග ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ප්‍රකාශ කළේ. අධික උෂ්ණත්වයක් පැවතියද ඇතැම් පාසල්වල දරුවන් ක්‍රීඩා උත්සව සඳහා යොමු කරන අවස්ථා දක්නට ලැබෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ පවතින තත්වය සැළකිල්ලට ගෙන පාසල් ක්‍රීඩා උත්සව කල් දමන ලෙසයි.

තව කියවන්​න

ගිනිකඳු අවදානමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම්දී ඇති අතර මේ වනවිටත් ලාවා ගලායමින් පවතින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. මීට පෙර ගිනිගැනීමට ලක්වූ ග්‍රින්ඩාවික් නගරය ඇතුලුව අවට ප්‍රදේශ ගණනාවක ලාවා ගලා යමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

බංග්ලාදේශයට එරෙහිව හෙට ආරම්භ වීමට නියමිත අවසන් එක්දින තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවට වාර්තා වනවා . ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව, 2 වැනි එක්දින තරගයේදී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටිනු ඇති බවයි වාර්තා වෙන්නේ. එළැඹෙන IPL පළමු අර්ධයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳ සැකයක් මතුව තිබෙන බවද සඳහන්.

තව කියවන්​න

රේගු අධිකාරිවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පරික්ෂණ අංගන තුළ බහාලු‍ම් රථ විශාල ප්‍රමාණයක් සිරවී ඇති බව බහලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සනත් මංජුල කියා සිටියේ රේගු අධිකාරවරුන් ඊයේ  සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.

තව කියවන්​න

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වේල්ලවීදිය පොලීසිය අද විශේෂ මෙහෙයුමක් සිදුකර  තිබෙනවා . එහිදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරන පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම වැටලීම් සිදුකර තිබෙනවා . මෙහිදී මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් .

තව කියවන්​න

එළැඹෙන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ඇති.

තව කියවන්​න

සංවර්ධන හෝ වෙනත් කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය වන්නේ නම් කොළඹ පවතින රාජ්‍ය ආයතන සතු භාවිතයට නොගන්නා ඉඩම් ලබාදීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා ප්‍රකාශ කළා. සවිමත් අනාගතයකට පෙරවදනක් යන තේමාව යටතේ කොළඹ පදනම් ආයතනයේදී සංවිධාන කර තිබූ වැඩසටහනකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. මේ අතර ගම් පළාත්වල ඇති රජයේ ඉඩම් ඉදිරියේදී ආර්ථික වැඩකටයුතුවලට යොදාගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

රුසියානු ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ පළමු දිනයේම ඡන්ද මධ්‍යස්ථානවලට කඩා වැදුණු පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රුසියානු බලධාරීහු පවසනවා. ඡන්ද පෙට්ටිවලට කොළ පැහැ සායම් වත්කිරීම, පෙට්ටි පාගා දැමීම හා ඡන්ද මධ්‍යස්ථාන තුළ ගිනිකෙළි දැල්වීම වැනි සිදුවීම් ඒ අතර වන බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ජනාධිපතිවරණ ඡන්දයෙන් පසු ව්ලැඩිමීර් පුටින් තවත් වසර හයක් බලයේ සිටීම නිසැක බවයි වාර්තා වන්නේ. පුටින්ට අභියෝග කළ හැකි ප්‍රතිවාදියෙකු නොමැති බැවින් ජයග්‍රහණයේ ප්‍රතිඵලය ස්ථිර බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

තව කියවන්​න

පොත්, පාසල් උපකරණ සහ සෞඛ්‍ය උපකරණ සඳහා අය කරන ලද එකතු කළ අගය මත බද්ද  ලබන මාසයේ සිට ඉවත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා . ඊට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී නිකුත් කිරීමට රජය කටයුතු යොදා ඇති බව සදහන් . ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ මිල ද සියයට දහඅටකින් අඩුවීමට නියමිතයි .

තව කියවන්​න

ඇන්ටාක්ටිකාවේ කලාප රැසක කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා . ඒ හේතුවෙන් එහි පවතින පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බවද මෙම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා ඇන්ටාක්ටිකාව පුරා කුරුලු උණ රෝගය එනම් H5N1 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වූයේ පසුගිය මාසයේදීය. එතැන් පටන් එය මුහුදු ලිහිණියන් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් සත්ත්වයින් අතර ද ව්‍යාප්ත වෙමින් පවතින බවටද ඉන් අනතුරුව වාර්තා වුණා

තව කියවන්​න