Author: VNews
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ. අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි. එම මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදාය. ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07 වනදාත්, 04 වන අදියර මැයි 13 වනදාත්, 05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07 වන අදියර ජුනි 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයේ පවතින ජලය දින 70 කට පමණක්, ප්‍රමාණවත් බව මහවැලි අධිකාරිය පවසනවා . එහි නියෝජ්‍ය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට උඩවලව ජලාශයේ අක්කර අඩි එක්ලක්ෂ අනූඅටදහසක ජල ධාරිතාවක් පවතින බවයි. ඒ අනුව සම්පුර්ණ යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය අක්කර අඩි ලක්ෂ තුනක්. එහිදී ඉතිරි ජල ප්‍රමාණය සමනල වැව ජලාශයෙන් ලබා ගැනීමට මේ වන විට කටයුතු යොදා ඇති බව, ඔහු වැඩි දුරටත් පැවසුවේ .
පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ පිළිබඳව සියලුම විදුහල්පතිවරු දැනුවත් කළ බවයි, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ. ඒ අනුව එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම ක්‍රීඩා උත්සව පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. එම උපදෙස් නොතකමින් කටයුතු කරන ඇතැම් පාසල් බලධාරීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ පාසල් දරුවන් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ලෙසයි.
මීරිගම පොලිස් වසමේ විල්වත්ත හා අඹේපුස්ස දුම්රිය ස්ථාන අතරදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා . මරණකරු ඊයේ උදෑසන කොළඹ සිට රඹුක්න බලා ධාවනය වූ දුම්රියේ ගැටී ඇති බව සදහන් . එලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 62ක් පමණ වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බව පොලීසිය පවසනවා
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එරට මහල් නිවාස සංකීර්ණයක සිදුකළ විශේෂ පරීක්ෂාවකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා . එහිදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් පුද්ගලයින් 158 දෙනෙකුටම මැලේසියාවේ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති බව සඳහන්. අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 83 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු, පිරිමි ළමුන් 08 දෙනෙකු සහ ගැහුණු ළමුන් තිදෙනෙකු සිටි බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ට අමතරව…
කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය අද පස්වරු 01ට ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. කැනඩාවේ බෞද්ධ සම්මේලනය සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුව විසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රවෘත්ති නිවේදනයක් මඟින් මෙම අවමංගල්‍ය උත්සවය නිවේදනය කරනු ලැබුවා. එමෙන්ම කැනඩාවේ බෞද්ධ සම්මේලනය සඳහන් කරන්නේ මෙම ඝාතනය සිදුවූ පවුලේ ජීවත්ව සිටින පියා වෙන ධනුෂ්ක වික්‍රමසිංහ ශාරීරිකව සුවය ලබමින් සිටියත් මානසිකව බරපතල බිඳවැටීමක සිටින බවයි. එමෙන්ම අවසන් කටයුතු සඳහා සිද්ධියෙන් තුවාල ලබා සිටින ඔහුද සහභාගීවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 28 ක් . 1996 වසරේ මාර්තු මස 17 වනදා ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ විජයග්‍රාහී දිනයක් වුණා . පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති එම අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබුවා තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පළමුව පන්දු යැවීමට තීරණය කළේ සිය ජයග්‍රහණය පිළිබඳ ඉහළ විශ්වාසයක් තබාගනිමින් . ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241ක් .
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා . එම අනතුරින් රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් අයෙක් මියගොස් ඇති බව සදහන් . ඊයේ සවස් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ, පේරාදෙණිය, කොබ්බෑකඩුව හන්දිය, යහලතැන්න ප්‍රදේශයේදීයි . බැතිමතුන් රැගත් බස් රථය නෙල්ලිගල සිට පූඩළුඔය දෙසට ගමන් කරමින් තිබියදී බස් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මීටර් 15ක් පමණ බෑවුමකට ලිස්සා ගොස් බස් රථය ගසක ගැටී එම අනතුර සිදුව තිබෙනවා . අනතුරින් රියදුරු ඇතුළු 38 දෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් තිබුණා . මියගොස් ඇත්තේ,…
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු ළමයින් තුන් දෙනකුගෙන් එක් අයකු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා. ඉක්මනින් ක්‍රියාත්මක නොවූවොත් ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇති විය හැකි බවයි එම වාර්තාවල සඳහන් වෙන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222