Author: VNews

අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුල වැඩිම උෂ්ණත්වය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය සෙල්සියස් අංශක 38. 3 ක්. රත්නපුරයෙන් සෙල්සියස් අංශක 37.2ක උෂ්ණත්වයක් වාර්තා වන අතර වවුනියාවේ එය සෙල්සියස් අංශක 36. 5 ක් ලෙස සටහන් වුණා.

තව කියවන්​න

ලොව පුරා බිලියන 03කට අධික පිරිසක් ස්නායු අබාධ තත්ත්වයන්ට ගොදුරු වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ අධ්‍යනයකින් හෙළිව තිබෙනවා. ඒ අනුව ඉන් සියයට 80 වාර්තා වි ඇත්තේ මධ්‍යම සහ අඩු ආදයම් ලබන රටවලින් බව එහි සඳහන්. මෙම ස්නායු අබාධ තත්ත්වයන්ට පිරිමි පුද්ගලයින් වැඩි වශයෙන් ගොදුරු වී තිබෙනවා.

තව කියවන්​න

අළුත් අවුරුදු සමය වන විට එළවළු මිල තවදුරටත් අඩුවනු ඇති බව වෙළෙඳුන් පවසනවා. කෙසේ වුවද ගොවීන් කියා සිටින්නේ මෙලෙස එළවළු මිල පහළ යාමෙන් තමන්ට පාඩු සිදුවන බවයි. මාස කිහිපයකදී එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණා. එහෙත් මේ වන විට එළවළු මිල  පහළ ගොස් ඇති බවයි කැප්පටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසන්නේ. කෙසේ වුවද එළවළු මිල සීඝ්‍රලෙස පහළ යාමෙන් තමන් අසීරුතාවට පත්ව සිටින බව ගොවීන් පවසනවා.

තව කියවන්​න

CSIAP හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කරයි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන CSIAP ((Climate Smart Irrigated Agriculture Project) හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතියේ කටයුතු මෙම වසරේ අවසන් වීමට නියමිතව තිබුණා. විශේෂයෙන් දේශගුණික බලපෑම් නිසා පීඩාවට පත්වන දිස්ත්‍රික්කවල කෘෂිකර්ම හා වාරිමාර්ග නඟා සිටුවීම ඉළක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුර, හම්බන්තොට, මොනරාගල, අම්පාර, කුරුණෑගල, වව්නියාව වැනි දිස්ත්‍රික්කවල කුඩා වැව් හා ඇළවේලි ප්‍රතිසංස්කරණය සිදු කරනු ලැබුවා. එමෙන්ම එම ප්‍රදේශවල ගොවි ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම සඳහා කෘෂි උපකරණ හා වගා…

තව කියවන්​න

වැල්ලවාය සපුගොඩ රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා. වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ පිහිටා ඇති සපුගොඩ කඳු රක්ෂිතයේ ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ පස්වරුවේයි. ගින්න පැය කිහිපයක් තුළ ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ රක්ෂිතයේ අක්කර 10කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා.

තව කියවන්​න

රුසියා ජනාධිපතිවරණයේ තුන්වන හා අවසාන දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ වුණා. අද උදෑසන අටට ආරම්භ වු ඡන්ද ප්‍රකාශ කිරීම රාත්‍රී අටට අවසන් වීමට නියමිතයි. සුළු සිද්ධි කිහිපයක් හැරුණු විට ජනාධිපතිවරණය සමස්තයක් ලෙස සාමකාමි බවයි මැතිවරණ නිරීක්ෂකයින් නිවේදනය කරන්නේ. මෙවර ජනාධිපතිවරණයෙන් ද ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 75%ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් පහසු ජයග්‍රාහණයක් හිමිකර ගනු ඇති බවට විශ්ලේෂකයින් මත පළ කරනවා. මෙවර මැතිවරණය අපේක්ෂයින් 4 දෙනෙකු ඉදිරිපත්ව සිටිය ද ඔවුන් කිසිවෙකු පුටින් ජනාධිපතිවරයාට ප්‍රබල අභියෝගයක් නොවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

තව කියවන්​න

සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මව ඝාතනයේ සැකකරු වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන්  රෝහල්ගත කෙරුණා. රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පෙරේදා රාත්‍රියේදීය. ඇය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවකි. පොලීසිය සැක කරන්නේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවය. එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට  අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කාමරයට ගිය…

තව කියවන්​න

වී මිලදි ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් තවමත් නොමැති බවට ගොවීන් මැසිවිලිනගනවා ගොවින් පවසන්නේ තමන්ට වී කිලෝග්‍රෑමයක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 85ත් 90 ත් අතර මිලකට බවයි. කෙසේ නමුත් වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ, නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 105 කටත් සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 කටත්, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 කටත් මිලදී ගන්නා බවයි.

තව කියවන්​න

රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බව, බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, වරාය බහාලුම් 600 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සිරවී ඇති බවයි. මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතාගෙන්, විමසිමක් කළා ඔහු සඳහන් කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැවතියද, අත්‍යවශ්‍ය සේවා කිහිපයක සේවා කටයුතු සිදුවන බවයි. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය දැනුවත් කළ බව සීවලී අරුක්ගොඩ මහතා කියාසිටියා

තව කියවන්​න

හමාස් සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි. ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට මාස පහක කාලයක් ගත වි තිබේ. කෙසේ වුව ද ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය ප්‍රාණඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් සියයකට අධික පිරිසක් තවමත් සිටින්නේ හමාස් සංවිධානය භාරයේය.

තව කියවන්​න