Author: VNews

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය මේ වනවිට බංග්ලාදේශයේ චිතගොං හි පැවැත්වෙයි. එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජනිත් ලියනගේ ය. ඔහු රැස්කළ ලකුණු ගණන නොදැවී 101කි. එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයයි.

තව කියවන්​න

ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ හදිසි වැටලීමක් දියත් කිරීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා. මෙය කිසිදු දැනුම්දීමකින් තොරව සිදුකර ඇති මෙහෙයුමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. මේ වන විටත් එම ස්ථානයේ දරුණු වෙඩිතැබීම් සිදුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.

තව කියවන්​න

ගත වූ පැය 24 ක කාලය තුළදී දිවයිනේ වැඩිම උෂ්ණත්වය රත්පුරය දිස්තික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම අගය සෙල්සියස් අංශක 36.3 ක් බවයි කාලගුණ අංශ සදහන් කළේ. එමෙන්ම කටුගස්තොටින් සෙල්සියස් අංශක 35.6 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබූ අතර අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.5 ක්. එමෙන්ම කොළඹ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.3 ක් බවයි කාලගුණ දත්තවල සටහන් වුණේ.

තව කියවන්​න

උතුරු කොරියාව විසින් නැගෙනහිර මුහුද දෙසට කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් දියත් කර තිබෙනවා. දකුණු කොරියාවේ සෝල් නුවර වෙත අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීමත් සමග එම මිසයිල ප්‍රහාර දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අනුව උතුරු කොරියාව විසින් දියත් කරනු ලබන මිසයිල සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බව දකුණු කොරියානු ආරක්ෂක අංශ සදහන් කළා.

තව කියවන්​න

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ඉල්ලා අස්වීම පිළිබද වූ ලිපිය කතානායකවරයා වෙත භාර දී ඇති බවයි.

තව කියවන්​න

වසර 04කට පසු තායි එයාර්වේස් ගුවන් සමාගම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර තිබෙනවා. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වූ මෙම ගුවන් සේවය නතර කරනු ලැබුවේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්.

තව කියවන්​න

වෙරළ තීරයන්හි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදවුම හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. මෙම ජංගම යෙදවුම හඳුන්වා දී ඇත්තේ වෙරළ සංරක්ෂණ ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන්. සාගර සහ වෙරළ තීරයේ පවිත්‍රතාව රැක ගනිමින් තිරසර සාගර සහ වෙරළ කලාපයක් සහතික කිරීම මෙහි අරමුණයි.

තව කියවන්​න

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 28%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බව ලංකා ගුරු සංගමයපවසනවා . එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන්ගේ පාසල් පැමිණීමද සැළකිය යුතු අන්දමින් අඩු වී ඇති බවයි මෙරට පාසල් යන දරුවන්ගෙන් 16%ක් මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවකින් හෙළිකර ඇති බව ලංකා ගුරු සංගමය කියාසිටියා .

තව කියවන්​න

පාන් සහ කේක් ඉල්ලුම සියයට 40කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල ඉල්ලුම ද සියයට 25කින් පමණ පහත බැස ඇති බවයි. බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ද පසුගිය කාලය තුළ ඉහළ ගිය අතර ඊට සමගාමීව පාන්, කේක් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමුණා. මෙවැනි පසුබිමක පාන් සහ කේක් ඉල්ලුම සියයට 40කින් පමණ පහළ බැස ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

තව කියවන්​න

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදීමකින් කළ වෙඩි තැබිමකින් වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ තරුණයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වනාතවිල්ලුව පොලිසිය පැවසීය. මෙසේ මරණයට පත්ව ඇත්තේ, වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි ඉසදින් මරික්කාර් මොහොමදු අස්තාර් නැමති අවිවාහක තරුණයකු බව පොලිසිය පවසයි. පුත්තලම, වනාතවිල්ලුව හයේ කණුව හා එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මෙසේ නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කිරීම සදහා විල්පත්තුව ජාතික වන උද්‍යානයට ගොස් සිටියදී මෙසේ එකම කණ්ඩාමේ සිටි තරුණයකුට එම කණ්ඩායමේම අයෙකු රාත්‍රියේ සොයා ගත නොහැකිව වැරදිමකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව පැවසේ. මෙම වෙඩි තැබීම විල්පත්තුව ජාතික වන උද්‍යානයට…

තව කියවන්​න