Author: VNews

අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙය ක්‍රියාත්මක වන බවයි එම ඒකකය සදහන් කළේ. පසුගියදිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම අවම කිරීම මෙහි අරමුණ වී තිබෙනවා. මෙම වසරේ පළමු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කළ බව ද ජාතික ඩෙංගු මර්දන එකකය සදහන් කළේ.

තව කියවන්​න

තරුණයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පමුණුගම පොලිසියේ නිලධාරීන් තිදෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබු තරුණයින් දෙදෙනෙකු පහරදුන් බවට චෝදනා කරමින් පසුගියදා පමුණුගම පොලිසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණා. රන්මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව එම පමුණුගම ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන්ට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවටයි ගම්වාසින් චෝදනා කරන්නේ.

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අද උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, මධ්‍යස්ථාන 48කදීයී. ඊට අදාළ ඡන්ද පෙට්ටි මේ වන විට මධ්‍යස්ථා කරා ප්‍රවාහනය කර අවසන්. මැතිවරණයට අදාළ නිලධාරීන් ද, මේ වන විට අදාළ ඡන්ද මධ්‍යස්ථා වෙත වාර්තා කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය අද රාත්‍රි 10 පමණ වන විට ලබා දියහැකි බවයි.

තව කියවන්​න

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් හතලිහකට (2,040) අධික (තෙත බර සහිතව) තොගයක් සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 ඔක්තෝබර් මස 22 වන දින පුත්තලම කලපුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, එම කලපුවේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 38 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගත් අතර, 2024 ඔක්තෝබර් මස 23 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය විසින් පුත්තලම පාලවිය ප්‍ර‍දේශයේ ලොරි රථයක (01) තිබූ, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන උර හැටක (60) අසුරන…

තව කියවන්​න

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, නයිනතිව් දූපතේ වල්ලික්කාඩු වෙරළ ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 24 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.065 ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.       ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින් 2024 ඔක්තෝබර් මස 24 වන දින සවස් කාලයේ යාපනය, නයිනතිව් දූපතේ වල්ලික්කාඩු වෙරළ තීරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්‍ සිදු කෙරිණි. එහිදී එම වෙරළ තීරයේ වලදමා තිබූ සැක කටයුතු පාර්සලයක් (01) පරීක්‍ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ දෙකයි (02) ග්‍රෑම් හැට පහක (65) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු…

තව කියවන්​න

නවසීලන්තයේ ෆෑන් ෆැසිපික් රෑන්ග්‍ රොක්  ප්‍රෝ ඒ.එම්. කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , එහිදී ශූරතා පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ සාරා වෙරළවිතාන 10/25 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . ලෝක යෝග්‍යතා සම්මේලනයේ මෙහෙය වීමෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඉකුත් 10/05 දින මෙම තරගාවලිය පවත්වා තිබුණි .  මෙම තරගාවලියේ දී සාරා වෙරළවිතාන ස්පෝර්ට්ස් මොඩ්ල් සහ ප්‍රෝ මොඩ්ල් යන අංශ දෙකෙන්ම තරග කර එහි ශූරතා දිනා ගැනීමට සමත් වී සිටියාය . මෙම ශූරතා දිනා ගත් සාරා වෙරළවිතාන 10/25 දින පස්වරු 04.40 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත…

තව කියවන්​න

හදිසියේ ඇතිවු සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල් ගතකර තිබෙනවා. රසායනික ද්‍රාවණයක් යොදා ගනිමින් පාසලේ සිදුකළ පිරිසිදු කිරීමකින් පසුව ගැහැණු ළමුන් පිරිසකට මෙම සංකූලතා මතුව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ගැහැණු ළමුන් විසිදෙදෙනෙකු බලංගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. කෙසේවෙතත් රෝහල් ගතකළ ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

තව කියවන්​න

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට එල්ල වී ඇති බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝබ්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලියාපදිංචි තැපෑලෙන් ලැබී ඇති ලිපියක් පිළිබදව මෙලෙස විමර්ශනය කෙරෙන බවයි. මෙම තර්ජනාත්මක ලිපියත් සමග මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට පුර්ණ ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ඊශ්‍රායලය දකුණු ලෙබනනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලෙබනනයේ යුද වාර්තාකරණයේ නිරතවී සිටින මාධ්‍යවේදීන් තිදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ. දකුණු ලෙබනනයේ හස්බයියා ප්‍රදේශයේ ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

තව කියවන්​න

විදුලි ගාස්තු අඩු කිරීම සදහා වන යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කළේ අදාළ යෝජනාවලිය පිළිබද මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවීමෙන් පසුව විදුලි ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශත ප්‍රකාශයට පත්කරන බවයි. විදුලි ගාස්තු අඩුකිරීම සදහා මෙම වසර තුළදී අවස්ථා තුනකදී විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ පවතින පුරප්පාඩු සදහා නව සාමාජිකයින් පත්කිරීම ජනාධිපතිවරයා විසින් කඩිනමින් සිදුකරනු ඇති බවයි බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ.

තව කියවන්​න