Author: VNews
ජීව වායු දෙමුහුන් බැටරි එනම් L.Y.K භාවිතයෙන් බලගැන්වෙන ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන නෞකාව වන ජස්මින් ලීඩර් නෞකාව හම්බන්තොට වෙත පැමිණ තිබෙනවා. L.Y.K නෞකා සේවයට අයත්,එය මෙරටට සේන්දු වූයේ මාර්තු පළමු සතියේදීය. ජීව වායු බැටරි සහිත නෞකා ලෙස සැළකෙන පරිසර හිතකාමී, මීළඟ පරම්පරාවේ නෞකා ලෙසයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. මේ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමටයි බංග්ලාදේශය සමත් වුණේ. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ එහිදී නොදැවී 101ක් රැස් කලා. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 37ක් රැස් කිරීමටයි සමත් වුණේ. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තස්කින් අහමඩ් කඩුලු 03ක් දවා ගත්තා. මේ අනුව…
තමන්ට අපහසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට ලබන සතියේ එන්තරවාසියක් යොමුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. කොළඹ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊට විජිත හේරත් මන්ත්‍රිවරයා ප්‍රතිචාර නොදක්වන්නේ නම් අධිකරණය වෙත යාමට සිදුවන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කෝප් කමිටුවේ සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විවේචනය කරනු ලැබුවා.
විශ්ව කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වුණා. පාර්ලිමේන්තු සභා ගැබේ පිවිසුම් දොරටුවේ අලංකාර පිත්තල කැටයම සහ සභා ගැබ තුළ ඇති සියලුම කැටයම් නිර්මාණ සිදුකළ ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා මෙරට කලාකරුවන් සදහා පිදෙන සෑම සම්මානයකින්ම පාහේ පිදුම් ලැබු කලාකරුවෙක්. මෙරට පළාත් සභා කිහිපයකම සෙංකෝල නිර්මාණය කර ඇත්තේ ද විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතායි. ඒ මහතාගේ දේහය කළුතර දූව පන්සල පාරේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු වස්කඩුව ආදාහනාගරයේ දී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩල සඳහා 2016 දී අධ්‍යයන කාර්ය මණ්ඩලවලට ද සමඟ ම ලබා දුන් 92% හා 107% වැටුප් වැඩිවීම් සමඟ අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාවක් නැවතත් ඇති බවට සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා භාණ්ඩාගාර නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිකුත් කළ කමිටු වාර්තාව සමඟ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධව භාණ්ඩාගාර නිරීක්ෂණ සමඟ සලකා බලා තවදුරටත් සේවාවන් අතර විෂමතා ඇති වී තිබිය හැකි බැවින් අදාළ ආයතනවල නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු තීරණයක් ගැනීමට නියමිතයි. මෙය 2016 සිට තිබූ ගැටලුවක් බැවින් ඊට අදාළ තීරණය ලැබීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පියවර ගැනීමට නියමිත අතර එතෙක්…
පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,220ක් වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 185,750ක් බවයි සඳහන් වන්නේ. තවද, කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,290 ලෙස සටහන් වී තිබෙනවා. එමෙන්ම කැරට් 21 ග්‍රෑම් 8ක මිල රුපියල් 162,550ක් බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අගය සුළු පහත වැටීමක් වාර්තා කළා. ඒ අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 300. 05ක් ලෙස සටහන් වී තිබෙනවා. පසුගිය සිකුරාදා, අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 300. 60 ක් ලෙස සටහන් වුණා.
සමාජවාදයෙන් දියුණුවූ රටවල් නැති බවත්, එවැනි සංකල්ප පසුපස යාමෙන් ජනතාවට අත්වන සෙතක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සක්වළ වැඩසටහන යටතේ මාතර, අතුරලිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
හෙට උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණයට එළඹි බවයි.
පාසල් ක්‍රීඩා උත්සව අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමට අදාළ උපදෙස් අඩංගු උපදෙස් පත්‍රිකාවක් අද පළාත් බලධාරීන් මගින් පාසල් වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති වැඩසටහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222