Author: VNews

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන පිළිබඳ රාජ්‍ය මූල්‍ය කමිටු වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව මහ බැංකුව අද COPF වෙත දැනුම් දී තිබෙනවා. මහ බැංකුවේ ආන්දෝලනාත්මක වැටුප් වැඩිකිරීම පිළිබඳව අනෝන්‍ය විසඳුමක් ලබාගන්නා තුරු වැටුප් වැඩිකිරීම කල් දමන්නැයි මුදල් කාරක සභාව ඊයේ නිර්දේශ කරනු ලැබුවා. මෙහිදී, මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුව පරීක්ෂා කර සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා ස්වාධීන කමිටුවක් කඩිනමින් පත්කරන්නැයි මුදල් කාරක සභාව නිර්දේශ කළ අතර එම කමිටුවේ වාර්තාව සති 04ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි එම කාරක සභාව නිර්දේශ කර ඇත්තේ. මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවට මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

තව කියවන්​න

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද  වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය. මන්ත්‍රීවරුන් කිසිවෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ නැත. ඒ අනුව වැඩි ඡන්ද 42කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුණි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.

තව කියවන්​න

ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් ප්‍රබෝවෝ සුබියන්ටෝ ජයගත් බව එරට මැතිවණ කොමිසම නිල වශයෙන් අද නිවේදනය කළා. ලොව තුන්වන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ඉන්දුනිසියාවයි. පසුගිය පෙබරවාරි මස පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් ප්‍රබෝවෝ එරට ආරක්ෂක අමාත්‍යවරයා වනවා. හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන ප්‍රබෝවෝ 58.59% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. දූපත් 17,000ක් හා කාල කලාප තුනකින් සමන්විත ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දදායකයින් මිලියන 205ක් ලියාපදිංචිව සිටියා. ඉන් 80%ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

තව කියවන්​න

අද අලුයම යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියාව මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. අලුයම 5 සිට යුක්‍රේන අගනුවරින් විශාල පිපිරීම් හඬ ඇසුණු බවයි වාර්තා වන්නේ. එමෙන්ම ස්වියැටිශින්ස්කි දිස්ත්‍රික්කයේ ළදරු පාසලකට රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා. කියෙව් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ප්‍රහාර වලින් මහල් ගොඩනැගිල්ලක් හා මෝටර් රථ කිහිපයක් ගිනිගෙන ඇති බවයි. යුක්‍රේන අගනුවරට අවසන් වරට ප්‍රහාර එල්ල වූනේ පසුගිය ජනවාරි මාසයේදීයි.

තව කියවන්​න

2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත. 2024 ජනවාරි මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක් දක්වා වැඩි වී තිබේ. එමෙන්ම, 2024 ජනවාරි මාසයේදී 8.5% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී 5.1% ක් දක්වා අඩු වී ඇත.

තව කියවන්​න

2024 යල කන්නයේ වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 7500ක් ගොවි ගිණුම්වලටම යෙදවීමට රජය තීරණය කර තිබේ. මෙවර යල කන්නයේ වී වගාකරන කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහකට හෙක්ටයාර් එකකට රුපියල් 15000ක් බැගින් මුදල් ගොවි ගිණුම් වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු සංවිධානය කර ඇතැයි ද ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවටඅමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බවද අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙවර ද හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් නැවත අය කර ගැනීමෙන් තොරව ලබා දීමට රජය තීරණය කර තිබේ. මෙවර යල කන්නයේ පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 130,000කි. එමෙන්ම TSP මෙට්‍රික් ටොන්…

තව කියවන්​න

IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නව නායකත්වය ලබා දී ඇත්තේ රුතුරාජ් ගයික්වාඩ් වෙතටය. මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඉන්දීය හිටපු ප්‍රබල පිතිකරු මෙන්ම හිටපු නායකයෙක් ද වූ මහේන්ද්‍ර සිං ධෝනි. ඒ අනුව මෙවර IPL තරගාවලියේදී ඔහු චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ වසර ගණනාවක් තිස්සේ ඔහු දැරූ නායකත්වයේ වගකීම නොමැතිවය.

තව කියවන්​න

වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්‍රම 31ක් අවධානම් මට්ටමට ලඟාවී ඇතැයි ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඉන් ජල සම්පාදන ක්‍රම 25ක මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවේ. ඒ අනුව  ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන්, ඉංගිරිය, නිවිතිගල, පැල්මඩුල්ල, නාරම්මල හා ඌරුබොක්ක ඇතුලු ප්‍රදේශවල මෙලෙස මුර ක්‍රමයට ජලය සම්පාදනය කරන බව සඳහන්. මුර ක්‍රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති ප්‍රදේශවල ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව කළමණාකරනය කරමින් ජලය නිකුත් කරන බවත් ඇය සඳහන් කළා.

තව කියවන්​න

පසුගිය මාසයේ තේ අපනයනය සියයට 20 කින් පමණ පු`ඵල් වී ඇති බව ලංකා තේ මණ්ඩලය පවසනවා. මේ අනුව මෙරටින් තේ කිලෝග්‍රෑම් මිලියන 22.31 ක් අපනයනය කර ඇති අතර 2023 වසරේ ජනවාරි, පෙබරවාරි මාස හා සසඳන විට එය විශාල වැඩිවීමක් බවයි තේ මණ්ඩලය සදහන් කළේ. මේ අතර ඉරාකය විසින් ලංකා තේ, විශාලම ආනයනකරු ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍ය, රුසියාව හා තුර්කිය සදහා ද තේ අපනයනය පු`ඵල් කර ඇති බව සදහන්.

තව කියවන්​න

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරියේදී ත්‍රීකුණාමලය ප්‍රදේශයට ගෙනයාමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම පියවරට එළඹි බවයි අමාත්‍යවවරයා සදහන් කළේ. මේ අනුව “ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්” සමාගම සමග එක්ව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය සදහා උපායමාර්ගික ආයෝජකයෙකු තෝරා ගැනීමට සැලසුම් සකස් කරමින් සිටින බව සදහන්. මීට අමතරව නාගපට්නම් සහ කොළඹ යා කරමින් බහු නිෂ්පාදන තෙල් නල මාර්ගයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දීය රජය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ශ්‍රී ලංකාවේ තනි විශාලතම පිරිපහදුව වන අතර එය 1969 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිකරනු ලැබූ අතර ඉරානයේ…

තව කියවන්​න