Author: VNews
අප්‍රේල් මස මුල් සතියේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අනුබද්ධ වෘත්තීය සමිති 18ක් තීරණය කර තිබෙනවා. තමන් විසින් දිගින්දිගට සිදු කල ඉල්ලීම්වලට සාධනීය පිළිතුරක් රජය මෙතෙක් ලබානොදීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම සංගමය පවසන්නේ. විභාග දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි වෘත්තීය සමිතිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙනවා. ජීවන වියදම සලකා බලා කෙටි කාලීනව සාධාරණ දීමනාවක් ලබාදෙන ලෙසත්, කළමනාකරණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය කොමිෂන් සභාව විසින් ගන්නා අත්තනෝමතික තීරණවලට විරෝධය දක්වමින් එම ආයතනවල නිසි ප්‍රතිසංස්කරණයන් සිදුකරන ලෙස රජයට බලකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතයි. මාර්තු 31 වන දා වනවිට මීට අදාළ විසඳුම් යෝජනා කැබිනට්…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස දෙකකට ආසන්න කාලයක් පැවති අධික වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් (22) දින පස්වරුවේ කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත විය. බගවන්තලාව , හැටන් , දික්ඔය සහ නොර්වුඩ් යන ප්‍රදේශවලට තද වැසි පතිත විය. පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ප්‍රදේශවල ජල මුලාශ සිදියාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක් මතු වි තිබුණි.
කාන්තාවන් සඳහා වූ විශේෂිත කොමිසමක් ඇතුළත් කාන්තා අයිතිවාසිකම් පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කාන්තා දින වැඩසටහනකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු කාන්තාවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජය උපරිම උත්සාහ ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කලේ. ඉතිහාසයේ පළමු වරටයි කාන්තා අයිතිවාසිකම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ.
ටීනියා නම් චර්ම රෝගය මේ වන විට සීග්‍රයෙන් පැතිර යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. මේ අනුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ශ්‍රියාණි සමරවීර මහත්මිය සදහන් කළේ රෝගය ව්‍යාප්ත වීමේ වේගවත් බව හමුවේ පවුලේ කිහිපදෙනෙකුට වුවද එකවර රෝගය ආසාදනය විය හැකි බවයි.
යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 ක ඉඩම් අක්කර 234 ක් වගා කටයුතු සඳහා ගොවින් වෙත නිදහස් කිරීම අද දිනයේදී සිදු වුනා. අදාළ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 මින් පෙර පැවතියේ යාපනය විශේෂ බලකා මූලස්ථානය සතුවයි. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ඉඩම් වගා කටයුතු සඳහා ගොවීන් වෙත නිදහස් කර තිබෙනවා. මීට අමතරව උරුමය ජාතික වැඩසටහන යටතේ යාපනය ඔඩ්ඩකාපුලම් ප්‍රදේශයේ පැවති උත්සවයකදී ලක්ෂ 20 ක සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා. පුද්ගලයින් 408 දෙනෙකුට මෙමගින් ප්‍රතිලාභ හිමි වනවා.
දුගී ජනතාවට මුදල් නොමැතිව සහල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි සඳහන් කළා. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග අතර පවතින සමානත්වය පෙන්වා දුන් තානාපතිවරයා ජපානය යළි නැගී සිටීමේදී පෙන්නුම් කළ ඔරොත්තු දීමේ හැකියාව ශ්‍රී ලංකාවට ආදර්ශයක් බව ද සඳහන් කළා. වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කැප වී සිටින ශ්‍රී ලංකාවට, ජපානය ආදර්ශයට ගනිමින් මෙම අභියෝග රටේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා භාවිතා කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඇමෙරිකා ඩොලර් මිලියන 337ක ණය මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ දී අනුමත කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමත් සමග මෙම අවස්ථාව උදා වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
බ්‍රසීලයේ හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන රොබ්සන් ද සූසා හෙවත් රොබින්හෝ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වසර නවයක සිර දඬුවමක් විඳීමට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2013 වසරේ මිලානෝ නුවර රාත්‍රී සමාජ ශාලාවකදී ඇල්බේනියානු කාන්තාවක සමූහ දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මීට වසර දෙකකට පෙර ඉතාලියේදී වරදකරු කරනු ලැබුවා. මේ අනුව 40 හැවිරිදි රොබින්හෝ ඔහුගේ උපන් නගරය වන සැන්ටොස් හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා දියත් කළ විශේෂ මෙහෙයුමේදී පාතාල කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් අපරාධකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් රත්මලාන, මට්ටක්කුලිය, වත්තල, කොළඹ 12, කොළොන්නාව, ගණේමුල්ල සහ ඌරගස්මන්හන්දිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් කුඩු අංජු, දෙමටගොඩ චමින්ද, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, ලඩියා සහ කොස්ගොඩ සුජී යන පාතාල කල්ලිවල සමීපතමයන් බවට ද සැක පළ කරනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීමට ප්‍රතිචාරයක් ලෙස ‘යුක්තිය’ වැඩසටහන යටතේ පසුගිය 19වනදා දිවයිනේ හඳුනාගත් සංවිධානාත්මක අපරාධ කල්ලි 20ක් ඉලක්ක කර මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222