Author: VNews
ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව, කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින්ද අඩු කෙරෙනු ඇති.
ලොවම කම්පා කරමින් රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගණන 153 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. රුසියාවේ මොස්කව් අගනුවර ආසන්නයේ ක්‍රස්නෝගෝර්ස්ක් හි පිහිටි ක්‍රොකස් සාප්පු සංකීර්ණය මොස්කව්හි පිහිටි විශාලතම සාප්පු සංකීර්ණ අතරින් එකක් . මොස්කව් වැසියන් සහ විදෙස් සංචාරකයින් දෛනිකව විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙනවා. මෙම සාප්පු සංකීර්ණයේ ආසන 6,200කින් සමන්විත මෙම රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබූ අතර ඒ වෙනුවෙන් සියළු ප්‍රවේශපත් අලෙවි වී තිබූ බවත් සඳහන්. කෙසේ වෙතත් රාත්‍රි 08ට පමණ එම ප්‍රසංගය ඇරඹීමට ටික වේලාවකට පෙර එම රඟහලට ත්‍රස්ත ප්‍රහාරයක්…
සමුපාකාර තොග වෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය දිගින් දිගටම පාඩු ලබමින් පවතින අතර ඉකුත් වසර හතර තුල (2019 සිට 2022) රුපියල් විසිහය කෝටි, හැත්තෑතුන්ලක්ෂ,දා හතරදහස්, නමසියතිස් දෙකක (267,314,932) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ. 2022 වර්ෂය තුල පමණක් සමුපාකාර තොගවෙළද සංස්ථාවේ ප්‍රවාහන අංශය ලබා ඇති අලාභය රුපියල් හත්කෝටි,පනස්එක්ලක්ෂ,හතලිස්තුන්දහස්,හත්සියඅසුහතකි (75,143,787) 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ සතොස ප්‍රවාහ අංශය ලබා ඇති අලාභය රුපියල් දෙකොටි,පනස්එක්ලක්ෂ,විසිහතරදහස්,නමසිය හතලිස්නමයකින් (25,124,949) වැඩිවි ඇත. සතොස ප්‍රවාහන අංශය 2019 වර්ෂයේ දි රුපියල් හයකෝටි,අනුහත්ලක්ෂ,හතලිස්දෙදහස්,අටසියහටතුනක(69,742,863) අලාභයක් සහ 2020 වර්ෂයේ දි හත්කෝටි,විසිහතරලක්ෂ,නමදහස්හාරසියහතලිස්හතරක (72.409,444) පාඩුවක් ලබා ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙන්යාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඊට සමගාමීව නයිරෝබි අගනුවර පැවැති විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට වෛද්‍යවරු දින කිහිපයක සිට වැඩ වර්ජනයේ නිරතව සිටිති. සිය වැටුප් ඉහළ දමන ලෙස සහ යහපත් සේවා පසුබිමක් සකසා දෙන වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලයි. විරෝධතාව සඳහා වෛද්‍ය වෘත්තිකයින් 7,000කට අධික පිරිසක් එක්ව සිටී.
සතියක් පුරා ඇමරිකානු ඩොලර් 85 ඉක්මවා තිබූ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සති අන්තය වන විටත් සැලකිය යුතු වෙනස් වීමක් පෙන්නුම් කළේ නැහැ. ඊයේ (23) පස්වරුව වන විට බ්‍රරෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 85.43ක් ලෙස සටහන් වුණා. ඇමරිකානු ඩබ්ලිව්. ටී .අයි බොරතෙල් මිල ද ඩොලර් 80 සීමාව ඉක්මවා තිබුණා. මේ වන විට වාර්තා වන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු සටහන් වන ඉහළම බොරතෙල් මිලයි.
ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කට මුඛයේ එකම දතක්වත් නැති බවත්, එය විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. එහිදී දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. ඔහු මේ බව පැවසුවේ ‘සතුටු මුවයි – සුවැති සිරුරයි’ යන්න තේමා කර ගනිමින් ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී පැවති විශේෂ උත්සවයකට සහභාගි වෙමින්.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයන්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමට 2022 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා. මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති 2022ක වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාව තුළයි. මේ අනුව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට රුපියල් කෝටි 07කට ආසන්න මුදලක්ද, වෙනත් විවිධ දීමනා ගෙවීමට රුපියල් කෝටි 54කට වැඩි මුදලක්ද වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන්. මේ සම්බන්ධයෙන් විගණන නිලධාරීන්ට කරුණු දක්වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පාලනාධිකාරිය පවසන්නේ ඉහත දීමනා සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලූ බවයි.
ආර්ථිකමය වශයෙන් රට අවදානම් තත්ත්වයෙන් තවමත් මිදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා . අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ අනුරාධපුරයේදී මාධ්‍ය අමතමිනි. රටේ ආර්ථිකය තමයි ඊළඟ මැතිවරණය තුළ ප්‍රධානතම කාරණය විය යුත්තේ සහ ආර්ථිකය හැසිරවීමට හැකියාව තියෙන පුද්ගලයා, දර්ශනයක් තියෙන පුද්ගලයා කියන කාරණය තමයි ප්‍රධාන විය යුත්තේ යන්න මුදල රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස මැදින් පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේ ඥාතී සංග්‍රහය පිණිස සිය ජන්ම භූමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ අද (24) වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමාමහ පෙළහර පෑම, ශුද්ධෝදන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරිම, රාහුල කුමරු මහණ කරවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ද අද වැනි පොහෝ දිනක සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිතුණු ගායනා ශෛලියන් වන පසම් සහ ලතෝනි ගායනා 60ක් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි. එසේම පසම් හා ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222