- ජපානයට ගංවතුර තත්ත්වයක්
- නේපාල අගමැති පාර්ලිමේන්තුව විසුරුවා හරී
- රුසියාවේ ප්‍රදේශයකට සුනාමි අනතුරු ඇඟවීම්
- අදත් වැසි
- බැකෝ සමන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට
- හෙද උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ
- උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා ආයතන අතර එකඟත්වයක්
- කොංගෝවේ බෝට්ටු අනතුරකින් 86 ක් මරු තුරුලට.
Author: VNews
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සමගි ජනබලවේගය පක්ෂයෙන් කිසිදු සාමාජිකයෙකු පත්නොකිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. කෝප් කමිටුවේ සභාපති ධුරයේ රෝහිත අබේගුණවර්ධන මහතා සිටින තුරු තම පක්ෂයෙන් සාමාජිකයන් නම් නොකරන බවටයි ඔහු සදහන් කර ඇත්තේ.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් කිසිවෙකු හෝ නම් නොකරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. රෝහිත අබේගුණවර්ධන මහතා එම කමිටුවේ මුල් පුටුවේ සිටින තුරු තම පක්ෂයෙන් සාමාජිකයන් නම් නොකරන බව ඔහු සඳහන් කළේය.
මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අනිද්දා දිනයේදී දිවයින පුරා සියලුම විකිරණ ප්‍රතිකාර ඒකකවල එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දී ඇත්තේ එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. ධර්මකීර්ති විසින්.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය තුළ ස්ථාපිත කළ 109 ක්‍ෂණික දුරකථන අංකයට ලැබුණු පැමිණිලි 477ක විමර්ශන අවසන් කර ඇති බව පොලිසිය පවසනවා. පසුගිය ජනවාරි 4 වනදා සිට මාර්තු 10 වනදා දක්වා කාලය තුළ එම දුරකථන අංකයට පැමිණිලි 1077ක් වාර්තා වී ඇති අතර, ඉන් පැමිණිලි 42ක් සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
නයිජීරියාවේ පාසලකින් පැහැරගත් පාසල් ළමුන් 300කට ආසන්න පිරිසක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් විදෙස් මාද්‍ය මේ බව වාර්තා කර ඇත. එහිදී ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දරුවන් පිරිස නිරුපද්‍රිතව නැවත පැමිණ ඇති බවය. දරුවන් බේරාගැනීම සඳහා අඛණ්ඩව වෙහෙස වී කටයුතු සිදුකළ එරට ජනාධිපති බෝලා ටිනුබු වෙත ද ආණ්ඩුකාරවරයා X පණිවුඩයක් නිකුත් කරමින් ස්තූතිය පුදකර ඇත.
අද වනවිට මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 92% ක්ම ආනයනය කිරීමට සිදුව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . ඔහු මේ බව කියා සිටියේ වවුනියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 356 ක වියදමින් වවුනියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදිකළ ඇසුරුම් මධ්‍යස්ථානයද විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා.
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසිය වෙත දැනුම්දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.
ඉදිරි මැතිවරණයකදී මෙරට ඉතිහාසයේ පළමුවරට ජනතාවගෙත් පාලකයාගෙත් අපෙක්ෂාවන් එකක් බවට පත්වන ආණ්ඩුවක් බිහිකරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මෙම අදහස් පළකළේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදි ඊයේ (23) එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතමිනි.
ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තුන්වෙනි දිනයේ දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා මේ වන විට ශතකයක් රැස්කරගෙන තිබෙනවා. ඔහු මෙම ටෙස්ට් තරගාවලියේ ලබාගත් දෙවැනි ශතකය මෙයයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222