Author: VNews

උඩරට එළවළු මිල පහත වැටීම හේතුවෙන් උඩරට සහ මැදරට ගොවීන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති නමුත්, මිල අඩුවීමේ වාසිය ගොවීන් වෙත නොලැබෙන බව මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න මහත්මිය පවසයි. දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය හා ඇඹිලිපිටය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි එළවළු හා පළතුරු මිල පහත වැටී තිබේ.  ගොවියාට නිෂ්පාදන වියදමට සරිලන ආදායමක් හිමි වන්නේ නැත.  අස්වැන්න නෙලීම, ආර්ථික මධ්‍යස්ථාන දක්වා ප්‍රවාහණය කිරීම සහ කොමිස් මුදල් ගෙවීමෙන් පසුව කිසිදු ආදායමක් හිමි නොවන තත්වයකට ගොවීන් පත්ව ඇත. මෙම තත්වය පාලනය කිරිම සඳහා රජය වහා මැදිහත් විය යුතුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කවිරත්න මහත්මිය පවසයි. එසේ වුව ද, ලංකාව පුරා ප්‍රධාන නගර සහ අර්ධ…

තව කියවන්​න

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 2447 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. අදාළ ක්ෂේත්‍රයේ රැකියා සදහා තවත් 61 දෙනෙකුට පිටත්ව යෑමට ගුවන් ටිකට් පත් ලබා දීම ඊයේ සිදු කෙරුණා.

තව කියවන්​න

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබේ. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා මේ බව පැවසීය.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

තව කියවන්​න

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනූව ලබන සඳුදා  සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර “යාල්දේවී” දුම්රිය සහ අනුරාධපුර සහ බෙලිඅත්ත අතර “රජරට රැජිණ” දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

තව කියවන්​න

ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපැල් දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසුවේ හෙට සිට මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමට කටයුතු කරන බවයි. ඒ සඳහා විශේෂ දින තුනක්ද වෙන් කර තිබෙනවා. හෙට දිනයේ, ලබන 31වනදා හා නොවැම්බර් 03වනදා යන දිනවලදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හරින බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

තව කියවන්​න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අග්‍රමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළ අතර සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කළේය. ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීති රීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක…

තව කියවන්​න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වෙන තරගය පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතයි. එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ ජය මේ වන විට තරග 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව විසින් හිමිකර ගෙන තිබෙනවා. වේග පන්දුයවන ක්‍රිඩක ඩිල්ෂාන් මදුසංඛ අද තරගයට ක්‍රිඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ඩානා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. මේ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළේ.

තව කියවන්​න