- ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
- මෙරට පාසල් සිසුන්ට චිනයෙන් දැවැන්ත ප්‍රදානයක්
- ජනපතිගෙන් පළාත් ප්‍රධානීන්ට උපදෙස් මාලාවක්
- දේශපාලන පලිගැනීම් වළක්වාලීමට මැදිහත් වන්න – විපක්ෂය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි
- බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාට වසර 27 ක සිරදඩුවම් නියම කෙරේ
- මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණික තත්ත්වය
- වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
Author: VNews
අගලවත්ත වඳුරබ්බ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලක් හදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් සැමියා නිවසේදීත් බිරිඳ රෝහල් ගත කිරීමෙන් පසුවත් මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59 වන අය හා ඔහුගේ බිරිදවන යන අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද දින සිදු කෙරුණු අතර ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරෙඅවා. මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩුත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල වූ බැවින් මෙම පියවර ගත් බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පැවසුවා. ආර්ථික ප්‍රශ්න නිසා නිවාස සංවර්ධන අධිකාරියේ…
තුර්කිය සිදු කළ මෙහෙයුම් කිහිපයකින් අයිඑස් ත්‍රස්ත සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුර්කි ආරක්ෂක අංශ නිවේදනය කළේ ඊයේ දිනයේදී සිදු කළ හදිසි වැටලීම් වලදී අයිඑස්.අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 147 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. මෙහිදී නගර 30 ක මුල් කර ගනිමින් මෙම වැටලීම් සිදු කර තිබෙනවා. පසුගිය සතියේදී රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී සාමාන්‍ය වැසියන් 137 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම සිද්ධියෙන් පසු යුරෝපයේ රටවල් රැසක් ආරක්ෂාව දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නිවිමෝනියාව සහ වකුගඩු රෝගිි තත්ත්වයෙන් පෙලෙමින් සිට මියගිය පුද්ගලයකුගේ සිරුර පිළිබදව බලන්ගොඩ මුලික රෝහලේදී අද දින පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවෙදී පෙනහල්ලේ තිබිි දතක් හමුවී තිබෙනවා ග පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේ මෘතශරීරා ගාරයේදී අධිකරණ වෛද්‍ය නිළධාරිනි චෙිිති සත්‍ය මෙනවිය විසින් සිදුකල අවස්ථාවෙදි එම දත පෙනහල්ලේ තිබි හමු වු බව බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතාපවසනවා ග බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රැණාරත්න නැමති :59* හැවිරිදි පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරික්ෂණ මෙලෙස පැවැත්වුණා ග මොහු අධික ලෙස මත්පැන් පානය කිරිමට ඇබිබැහි වි ඇති පුද්ගලයකු බවත් කාලයක් තිස්සේ නිවිමෝනියාව රෝගයෙන් සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට ඇතිබවත් නිවිමෝනියාව උස්සන්න විම…
දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ. ඒ සැකකරුවන් අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි . පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.
අඩි 26ක් දිග සහ රාත්තල් 440ක් බරැති ලොව විශාලතම සර්පයා දඩයම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම විශාල ඇනකොන්ඩා මීට සති පහකට පෙර බ්‍රසීලයේ දුරස්ථ ඇමසන් වනාන්තරයෙන් සොයාගෙන තිබුණා. මෙම සර්පයා ඇනා ජූලියා ලෙසයි නම්කර තිබුණේ. ගැහැණු සතෙක් වූ මෙම ඇනකොන්ඩා මෝටර් රථයක ටයරයක් මෙන් ඝනකමකින් යුක්ත වූ අතර හිස මිනිස් හිසක් තරම් විශාල බවයි වාර්තාකර සිටියේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කරන්නේ. අද පස්වරු 1.30සිට රාත්‍රී 11.30දක්වා වලංගු වන පරිදියි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ සැකකරුවන් අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 20 වනදා ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.
පාකිස්ථානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ චීන ජාතිකයින් ගමන් ගත් මෝටර් රථයට පුපුරණ ද්‍රව්‍ය රැගත් මෝටර් රථයක් ගැටීමට සැලැස්වීමෙනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. එමෙන්ම මෙම ප්‍රහාරයෙන් පාකිස්ථාන ජාතිකයෙකු ද මියගොස් ඇති බව සදහන්. කෙසේ වෙතත් එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ
ජපානය සහ ඉන්දියාව ආසියාවේ ප්‍රමුඛ බලවතුන් බව කාටත් නොරහසක්. ඔවුන් අති නවීන තාක්ෂණයෙන් සන්නද්ධව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ බටහිර ප්‍රජාව සමග කරටකර තරගයක නිරත වී සිටිනවා. එමෙන්ම යුධ අභ්‍යාස, ආයෝජන සහ තාක්‍ෂණය යන කරුණු හරහා Quad එකමුතුව මගින් ඔවුන් සහයෝගීව කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එමෙන්ම කලාපිය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉන්දියාවේ සහ ජපානයේ කාර්යය භාරය ප්‍රමුඛ බව ජාත්‍යන්තරයේ මතයයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222