- මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණික තත්ත්වය
- වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
- බ්‍රසීල හිටපු ජනපතිට වසර 27 ක සිර දඬුවමක්
- කරන්දෙණියේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
- පළාත් පාලන සතිය ලබන 15 සිට 21 වනදා දක්වා
- පක්ෂීන් 91ක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට
- ඉන්දුනීසියාවේ ගං වතුරින් මිය ගිය පිරිස තව දුරටත් ඉහළට
Author: VNews
කැනඩාවේ නයගරා දියඇල්ල අවට කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අප්‍රේල් 8 වනදා සිදුවන දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණය නැරඹීම සඳහා එම කලාපයට විශාල ජනකායක් එක්රැස් වීමේ හැකියාවක් පැවතීම හේතුවෙනුයි බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ. කැනඩා – ඇමරිකානු දේශසීමාවේ පිහිටා ඇති නයගරා දිය ඇල්ල අවට ප්‍රදේශයට සූර්යග්‍රහණය සම්පූර්ණයෙන්ම දිස්වන අතර, මේ වනවිටත් බොහෝ පිරිස් හෝටල් කුලියට ගනිමින් සිටින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා . මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළා . ඒ අනුව ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක්, සහ ළදරු කිරි ආහාර සඳහා අයකළ අදාළ බද්ද සියයට 6 දක්වා අඩු කර තිබෙනවා .. ඊට අමතරව පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, රෙදිපිළි සඳහා වන අමුද්‍රව්‍ය, වාහන…
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු ඉවත් කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 25කින් පමණ අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මේ වනවිට රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉදිකිරීම් උපාංගවල මිල ගණන් තවමත් පහළ දමා නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කළා.
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර සැපයීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, ශීත කළ කුකුළු මස් රුපියල් 1,000 වැනි මුදලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බවය. මේ අතර ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සීමා කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, ආනයනය කළ බිත්තර මිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් උත්සව සමයේ වෙළෙඳපොළට නිකුත් කරන බවය.
ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්. ඒ . එල් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිරයින්ම පැවැත්විය යුතු බවයි. ජනාධිපතිවරණය සඳහා මේ වන විට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 1000 ක්. ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කෙරෙන ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීමට ගත් තීරණයට එරෙහිව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ අමාත්‍ය මහින්ද අමරවීර යන පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මෙලෙස තනතුරුවලින් ඉවත්කර ඇති බවයි වාර්තා වෙන්නේ. නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති ශ්‍රීලනිප රැස්වීමේ දී විධායක සභාව විසින් මෙම තීරණය ගෙන…
ජාතික තරුණ චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වෙන කෙටි චිත්‍රපට තරගාවලිය අප්‍රේල් 01දා සිට ආරම්භ වන බව වාර්තා වනවා. පසුගියදා (28) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත මෙය සිදුවන බවයි. මෙම තරගාවලිය මේ වසරේ ජුනි මාසය තෙක් පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ. රට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය යුත්තේ එම වැඩසටහනට බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථා වලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ජූලි මාසයේ අග වන තෙක් ක්‍රියාත්මක බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපවැත්වෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත.
අලුත් අවුරුදු උත්සව සමයේ ක්‍රියාත්මක විශේෂ වැටලීම් සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් 1500ක් යොදවා තිබෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක බවයි මෙහිදී ආහාර පරිහරණ ආයතන සහ හෝටල් ආපනශාලා පරීක්ෂාවට ලක්කෙරෙනු ඇති බෝ වන රෝගයකින් නොපෙළෙන බවට වන වෛද්‍ය වාර්තාවක් සියලුම ආහාර පරිහරණ ආයතන සේවකයින් සතුව තිබිය යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කළේ
වසර 13ක් තිස්සේ නිම කිරීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ ජනාධිපතිවරයා අද නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය. 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නොමැත. ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222